මචං... මට මෙහෙම දෙයක් හිතෙනවා..
එළකිරි කියන්නේ කමියුනිටි එකක්. ඉතින් රූල්ස් වලට යටත්ව ඕනිම දෙයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි දැන් රට යන අත අනුව අනිවාර්යයෙන් රටේ තියෙන දේශපාලන තත්වය ගැන නිසි අවබෝධයක් අපිට තියෙන්න ඕනි. ඒකට අනිවාර්යයෙන් දේශපාලනය ගැන ත්‍රෙඩ් දාන්න ඕනි. වැඩේ තියෙන්නෙ මේකයි. අපේ ඉන්නවනෙ මේක (අපේ එළකිරි එක) කන්න ආපු වසවර්ති මාරයො දෙතුන් දෙනෙක්.. ඉතින් එයාල කරන්නෙ එක එක රිප්ලයි දාල අපිව කුලප්පු කරන එක. ඉතින් එතකොට අපි කරන්නෙ ඒවට උත්තර දිදී උන්ට උඩගෙඩි දෙන එක.. අපි දන්නෙම නෑ ටිකක් වෙලාවක් යනකොට ත්‍රෙඩ් එකේ මාතෘකාව අහලකින් වත් යන දේකට නෙවෙයි උත්තර දිදී ඉන්නෙ අන්තිමට.
ඒක නෙවෙයි වෙන්න ඕනි.. වැදගැම්මකට නෑ කියල හිතෙන මාතෘකාවක් නම් උත්තර නොදී ඉන්න එක. ඒ වගේම කට්ටිය රණ්ඩු වෙන්න නම් එන්නෙ, ඒත් උත්තර නොදී ඉන්න එක..
මට මතකයි අපේ අතුලගෙ ත්‍රෙඩ් වලට (බෑන් වෙන්න කලින්) ඉස්සර පුදුම රිප්ලයි දුන්නේ කට්ටිය.. ඒත් අන්තිමට අපේ අය තේරුම් ගත්තා වැදගැම්මකට නැති දේකට උත්තර දෙනව කියන්නෙ අපිත් චාටර් වෙනව කියන එක.. ඊට පස්සෙ කට්ටිය අතුලට උත්තර දෙන්න ගියේ නෑ.. (හැබැයි දැන් නම් අතුල ටිකක් හැදිල වගේ)
ඉතින් මම නම් හිතන්නෙ දේශපාලන කරුණු ගැන සාකච්ඡා කෙරෙන ත්‍රෙඩ් තියෙන්න ඕනි. ඒ වගේම කට්ටිය සංයමයෙන් උත්තර දෙන්න ඕනි. එතකොට ගැටළු නෑ..
මොකද හිතන්නේ???