.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

Thushky1993

Member
Jan 10, 2010
1,519
192
0
Colombo, Sri Lanka
.::Elakiri Awards Ceremony 2011 (එළකිරි සම්මාන උළෙල 2011)::.

එළකිරි සම්මාන උළෙල 2011

oscar-award-2011.jpg

අපේ එළකිරි අඩවියේ ඉන්න සමාජිකයින් ඔහේ නිකන් ඉන්නවට වඩා අපේ එළකිරි කොමියුනිටි එකට කරන සේවය සලකා සම්මාන ලබා දීම ඔවුන්ගේ පෞර්ෂත්වය හා තවත් දිරිගැන්වීමක් කරනු නො අනුමානයි :yes: :yes:


අපේ මේ සයිට් එකේ ඉන්නවනේ සීනියර් මෙම්බර්ලා අපි ඒ කට්ටියව පමනයි මේ සම්මාන උළෙලට සහබාගී කරගන්න බලාපොරොත්තු වෙන්නේ (මන් හිතන්නේ ඒක ගොඩාක් සාදාරන වෙයි )
:yes: :yes:

අප තෝරා ගත් විනිසුරු මඩුල්ල
# tharinda76
# Samantha567
# maduranga IT
# Inshaffadhil
# urajdrlk

එහෙනම් ජූරියේ විශේෂ සම්මාන 6ක්ද සහිතව මුළු සම්මාන 27ක් ප්‍රදානය කරන එළකිරි සුපිරි සම්මාන ඉසව් හදුනාගනිමු

සම්මාන ඉසව්

01. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])

02. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])

03. ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

04. හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

05. හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

06. වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )

07. වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )

08. වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

09. වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ

10. වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

11. වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ

12. වසරේ හොඳම ආගමික ත්‍රඩ් එක (Religious) යන අංශයේ

13. වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

14. වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

15. වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ

16. වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

17. වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )

18. වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Year)

19. වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

20. වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

21. වසරේ නැගී එන එළකිරි සාමාජිකයා



ජූරියේ විශේෂ සම්මාන

01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
02. වසරේ පොස්ට් කරුවා
03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන්
එළකිරි සම්මානය

විශේෂ අවදානයයි : වසරේ සම්මානය ලෙස හැදින්වුවත් මෙය එළකිරි අඩවියේ ආරම්බයේ පටන් පල කල ත්‍රඩ් ද ඇතුලත් වේ

වැදගත් කරුණු : මේ සියලුම සම්මාන සඳහා නාම යෝජනා විනිසුරු මඩුල්ල මගින් තොරා දෙනු ලැබේ

විනිසුරුවන් විසින් සෑම සාමාන්‍ය (ජූරියේ නොවන) ඉසව්වක්‌ සඳහාම නාම යෝජනා තුන බැගින් තෝරා දෙන මෙන් ඉල්ලා සිටිමි


එළකිරි ඩොට් කොම් අඩවිය ඇරඹු වසරේ සිට 2011.04.26 දක්වා පල කල ත්‍රඩ්
මේ සම්මාන සඳහා වලංගු වේ


අවවාදයි !!! : විනිසුරුවන්ට අනවශ්‍ය බලපෑම් කිරීම සපුරා තහනම් :yes: :yes: ;) ;)

තවද විනිසුරුවන් මේ සම්මාන උළෙල සඳහා ඉතා හොඳ සාදාරන තීන්දු ලබා දෙනු ඇතැයි මා මෙන්ම සියලුම එළකිරි සාමාජිකයන්ගේ විශ්වාසයයි :yes: :yes:

විනිසුරුවන්ගේ තීන්දු වලට අසබ්ය ලෙස බැනීම ප්‍රහාර එල්ල කිරීම සපුරා තහනම්ය :yes: :yes: :no: :no: :yes: :yes:

මෙම සම්මාන උළෙල සාර්ථකව නිම කරගැනීමට ඔබ සැමගේම සහය
බලපොරොත්තු වෙමි .
:) :)

Organized & Presented By :
© Genuine ®
█║▌│█│║▌║││█║▌║▌║
Thushky 1993 (Sampath Lakmal)
 
Last edited: