
අද හවස ඉදලා SLT පාරිබෝගික මහතුන්ට proxyයක් හරස් කපල නේද, හෙට වෙනකොට හරි යන්නත් පුලුවන්, අනිත් අයටත් හිර වෙන්නත් පුලුවන්,, එක හින්දා කෝකටත් සූදාකම් ශරීරේ කියලා මේ වගේ වෙලාවට ඔය filter අස්සෙන් රින්ගන්න තියෙන ක්‍රම ගැන අපි ටිකක් අයේත් මතකය අලුත් කරගෙන ඉමු නේද ? නොදන්න අයටත් ප්‍රයෝජනවත් වේවි නොවැ. ..
අනිත් එක elakiri.lk domain එකෙන් එන උන්නාන්සෙලාටත්, url එකේ පොඩි පොඩි ගැටලු තියෙනවා කියලා තමයි ආරන්චිය. .
මේ වගේ වෙලාවට අපිට elakiri.com යන්න පුලුවන් ක්‍රම 2k තියෙනවා, ගෙදරදි ලේසියෙන්ම වැඩි දැනුම්ක් නැතිවම පාවිච්චි කරන්න පුලුවන්,

පලවෙනි එක තමයි, Proxy එකක් පාවිච්චි කරන එක, ඒත් මේ ක්‍රමේදි download කරන වෙලාවට, book Marks සහා cookies එක්ක ගැටලු මතු වෙන්න පුලුවන්,
අනිත් ක්‍රමේ තමයි VPN එකක් හරහා යන එක, මේ ක්‍රමේ socket 5 proxy එකක් සෙටඅප් කරනවාට වඩා ලේස්යි,
VPN එකකින් උපරිම සේවාවක් ලබා ගන්න නම් අපිට paid service එකකට යන්න වෙනවා, එහෙම උනත් අපිට free service එකකින් බෝහොවිට සැහීමට පත් වෙන්න පුලුවන්,
එහේම අපි පාවිච්චි කරන VPN 2ක් තමයි Hotspot Shield සහ SecurityKISS මෙ දෙකෙන් ගොඩක් අයට පුරුදු ඇති Hotspot Shield එක්ක වැඩ කරලා, ඒත් Hotspot Shield, comodo Firewall එක හරි Kaspersky firewall එක හරි තියෙන PC වල ටිකක් දෝශ පෙන්නන්නවා,
ඒ නිසා මම දැනට පාවිච්චි කරන්නේ SecurityKISS කියන VPN එක මේක Paid හෝ free කැමති විදියකට පාවිච්චි කරන්න පුලුවන් එකක්, මේකේ Green Plan කියන ප්ලැන් ඒකන් අපිට දවසකට 300mb පමන ඩේටා ප්‍රමානයක් අපිට පාවිච්ච් කරන්න පුලුවන් කිසිදු ගාස්තුවක් නැතුවම.

විස්තර මෙතනින්. .>> http://www.securitykiss.com/pricing/
Download කරගන්න පුලුවන් මෙතනින් >> http://www.securitykiss.com/resources/download/windows/
Install කරගන්න අමාරුනම් එක කරගන්න හැටි තියෙනවා මේතන >> http://www.securitykiss.com/resources/tutorials/how_to/
Port Forward කරගන්න ඕන නම් (SQL Server, RATS, Port listeners , Reverse connections ඕන කරන Advance users ලට) ඒ විස්තර තියෙනවා මෙතන >> http://www.securitykiss.com/resources/tutorials/forward_config/
Ice Cream Sandwich දාපු Android එකක් තියෙනවනම්, Client කෙනෙක් නැතුවම connect වෙන්න පුලුවන් Android built in VPN function එකෙන් >>http://www.securitykiss.com/resources/tutorials/pptp_android/
එහෙනම් අපි කැපුනා. . කට්ටියට ජය !
Elakiri.com දිගුකල් වැජබේවා. . . .
අපේ ආතල් කඩන, කොන්ද පන නැති උන් බංග වේවා. . . .
Last edited: