ElaKiri.com එකේ වටිනාකම

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,226
    113
    ප*යාගල
    sorry.com
    2009-10 කාලෙ මමත් බ්ලොග් කියවන්න ඇබ්බැහි වෙලා හිටියේ. Sony Ericcson w200 එකකට opera mini දාගෙන එකෙන් සෙටින්ග්ස් හදල තමයි සින්හල අකුරු කියෙව්වෙ.😪

    සිරාගෙ කාමරේ..
    මාතලන්.
    ඉවාන් පවුලුශා...
    රත්ගමයා

    ඔය වගේ මෙකී නොකී දේවල් කියෙව්ව. EK එක පැත්තෙත් ආවා අහම්බෙන් අර රත්තරන් ගෙ ටෝක් එකක් දැකලා.

    ඒකවුන්ට් එකක් හදන් Engage වෙන්න තරම් මට එඑච්චර දැනුමක් තිබ්බෙ නෑ. මම 10-11 එතකොට.

    හැබැයි අසහනකාරී ත්‍රෙඩ් නම් දැක්ක කියල මතක නෑ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් උඹ කියන කතාව 100% ක් ඇත්ත. :yes:අපිත් හැමදාම පුළුවන් වෙලාවට අඩුම ගානේ විනාඩි පහක් හරි ඇවිත් යනවා.හොඳයි කියල හිතෙන ත්‍රෙඩ් එකක් දැක්කොත් කියවනවා. ඒවාට අපේ අදහසක් වත් ලියන්න ලොග් වෙන්න හිතෙන්නේ නෑ.:no: මොකද අකුරක් පොඩ්ඩක් එහෙක් මෙහෙක් වුනත් කුණුහරුප කියන් සමහරු මේකේ ඉන්න අයට රිප්ලය් දෙනවා අපි දැකල තියෙනවා.:growl:
    මේකෙන් ගන්න පුළුවන් දේවල්,දෙන්න පුළුවන් දේවල් ගැන එයාලට වැටහීමක් නෑ. උඹේ මේ වටිනා ත්‍රෙඩ් එකට මොනවත් නොලියම ඉන්න හිත නොකිව් නිසා මාස ගානකට පස්සේ ලොග් උනා. ඒ කොහොම උනත් කිරිය කවදාවත් අමතක කරන්නත් බෑ.:no: අමතක වෙන්නෙත් නෑ.:love: කවදාහරි මැරෙන දවස වෙනකම්ම අපි කිරියත් එක්ක ඉන්නවා.:cool:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මේකේ ඉන්න එවුන් ඔය කියන විදියේ වැදගත් thread දැම්ම නම් හරිනේ.. අනුන්ට කිය කියා ඉන්නේ ඇයි..
    ඉස්සර වගේ නෙමෙය් දැන් කව්රුත් තමන් ගොඩයන්න විතරය් බලන්නේ. එළකිරි එකේ විතරක් නෙමෙය් ලංකාවේ උන්ගේ facebook, twitter වගේ හැම තැනම එක පෙන්න තියනවා..
    දැන් අනුන්ට දෙයක් කරනවා කියල ඉන්නවා නම් එහෙම පෙන්නලා course එකක් විකුනන්න මාන බලන එකෙක් හරි, youtube එකේ views වලින් හම්බ කරන්න බලන එකෙක් විතරය්..
    ලංකාවේ සමාජේ එහෙම උනාට පිටරට වල තාම අනික් මිනිස්සුන්ට නොමිලේ දේවල් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
    මට හිතන්නේ නම් ලංකාවේ බහුතරේ පට්ටම ආත්මාර්තකාමී..
    සෙල්ෆිෂ් කිව්වහම මතක් උනා පොඩි කාරණාවක් .
    මට මතකයි නෙට් ගත්ත මුල්ම කාලෙ අපි ඔය සොෆ්ට්වෙයාර්ස් ක්‍රැක්ස් වගෙ දෙවල් නොමිලෙම ඩවුන්ලෝඩ් කරනවානෙ .ඒ වගෙම ටොරන්ට්ස් එහෙමත් මට හිතිච්cජ දෙයක් තමා යකො අපෙ රටවල් වල එකෙක් ඔහොම පිනට ක්‍රැක් එහෙම දෙවිද හදලා අනික් උන්ට ? ඒ රටවල් වල උන් ඒව හදල නෙට් එකෙ දාන නිසා නෙ අපි මෙව්ව පාවිච්චි කරන්නෙ වගෙ එකක් ?
    අපෙ එකෙක් ඔහොම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන දාන්නෙ නැහැ ලේසියෙන් ඒ කාලෙ .


    මාත් එහෙම ආත්මාර්ථකාමී උනා ටොරන්ට්ස් බාද්දි .
    ඒක මට හිතුණෙ අපෙ රටෙ පහසුකම් එක්ක වෙච්ච දෙයක් .මොකද ඩේට ලිමිට්ස් නිසා අපි පොඩ්ඩක් ආත්මාර්ථකාමි ගතියල් තියෙනව.
    එත් මට රට ගියහහම් ඒක වෙනස් කරා.
    එහෙ අන්ලිමිටඩ් නිසා මගෙ ටොරන්ට් එක බාපුවහම මන් ටොරන්ට් එක සීඩ් වෙන්න දාල තියෙනවා අනික් එවුන්ටත් බාගන්න .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක mod කරන්න මේකෙ ඉන්න reputed එක්කෙනෙක්ට දුන්නනං හරි, අවුරුදු කිහිපයක් ඉඳපු කාටහරි , අඩුම තරමේ අලුත් account වලින් දාන අසහන thread වත් නැති කරලා දාන්න
    @siri_ayya ව මම මේ දූරයට යෝජනා කරනවා.🤭
     
    • Like
    Reactions: 001flyD

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    අනිවා..

    මට තියෙන ප්‍රශ්නේ මේකට සෑහෙන වියදමක් යනවා ඇතිනේ තාමත් මෙහෙම හරි නඩත්තු කරන්න. එහෙම තියෙද්දිත් ඇයි මේක හරියකට හදාගන්නේ නැත්තේ??
    මේකෙ කිසිම ඇඩ් එකක් නොදා අතින් කයිට් කරගෙන දුවන්නේ. කිසිම ලාභයක් නෑ ඕනර්ට.
     
    • Like
    Reactions: 001flyD

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    ElaKiri.com කියන සයිට් එකේ වටිනාකම දැන් දැන් මේකට එන අයට තෙරෙන්නෙ නැද්ද කියන එක මට තියන ලොකු ගැටලුවක්..මේක Entertainment වලට විතරක් තියන සයිට් එකක් නෙමෙයි.

    මේ සයිට් එක එ කාලේ ලංකාවේ මුල් සයිට් 10 ඇතුලේ තිබුනා වගේ මතකයක් තියනවා,ලංකාවේ ඉන්න ඔය කියන ගොඩක් පොරවල්ලා මෙකේ හිටියා.ගොඩක් අය දැනුම බෙදාගන එ මිනිස්සුන්ගේ ජිවිත සාර් ථක කරගත්තා.

    මොකද මෙකේ විවිධ ශේස්ත්‍ර වල හොඳ දැනිමක් තියන අය ඉන්නවා,මම කියන්නෙ මෙකේ ඉන්න සමහරක් අය මේකේ ගොන් ත්‍රෙඩ් දාල මෙකත් ලංකාව වගේ විනාශ කරලා දාන්නෙ නැතුව,වැඩදායි මිනිහෙක්,ගැහැණියක් වෙන්න මේක භාවිතා කරන්න,මෙකෙන් ගන්න පුලුවන් දෙවල් ගොඩක් තියනවා.

    දෙශපාලුවන් ලංකාව කැවා කැවා කියලා සමහරක් කුණුහර් පෙන් බනින උන් මම දැකලා තියනවා එළකිරි එකත් කනවා..එක නිසා රට හදන්න කලින් ඔයාල පොඩ්ඩක් හැදිලා ඉන්න...ඔනම දෙයක් අහන්න දැනගන්න,උදව්වක් පදව්වක් ගන්න පුලුවන් Set එකක්,මෙකේ තාමත් ඉන්නවා,එකෙන් ප්‍රයොජනයක් ගන්න.

    @GTRZ මේක මිට වඩා පාලනයකට නතු කරන්න,නැත්තන් අපරාදේ මේ සයිට් එක...පොඩ්ඩක් බලන්න මෙකේ දැන් කිසි තෙරුමක් නැති ත්‍රෙඩ් නේ ගොඩක් වැටෙන්නෙ..
    seriously , very important point
     
    • Like
    Reactions: 001flyD and reuse

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉස්සර ඉන්ටර්නෙට් යුස් කරේ යමක් කමක් තියෙන,දැනුමක් තියෙන ලංකාවේ මිනිස්සු
    ඒ දවස් වල ඉන්ටර්නෙට් හැමෝටම ලේසියෙන් අද වගේ ලබාගන්න බැ
    අනික ඒ සදහා යන වියදමත් වැඩි,ස්මාර්ට් ෆෝන් එහෙම හැමෝ ලගම වගේ නැ.
    ස්මාර්ට් ෆෝන් එකක්,ඉන්ටර්නෙට් යුස් කරේ ගොඩක්ම විනෝදයට නෙමේ.

    ලංකාවේ එදා වගේම අදත් ඉන්න මිනිස්සුන්ගේ වෙනසක් මන් දකින්නේ නැ
    වෙලා තියෙන්නේ හැමෝටම දැන් ඉන්ටර්නෙට් පහසුවෙන් ලබාගන්න පුළුවන්
    ඒ නිසා ගොන්නු තමයි වැඩිපුර ඉන්නේ,
    මේකේ ඉස්සර ඉදපු පොරවල් තමයි ඔන්ලයින් ඉන්නවා,සමහර අය නැ.
    මේක ගොන්නු රගන නිසා ගොඩක් අය පොස්ට් බැලුවට එන්ගේජ් වෙන්නේ නැ.
    මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා ඇත්ත නමින් හදපු,තාමත් ප්‍රිවට් මැසේජ් දැම්මම ඉස්සර උන් රිප්ලයි දානවා පරක්කු වෙලා හරි.පරණ උන් නැතිව නෙමේ,මේකේ ගොන්නු එක්ක පැටලෙන්න වාද කරන්න උන් කැමති නැ,සමහර උන්ට වෙලාව නැ.සමහර උන් reddit වලට බැහැලා,සමහර උන් බැදල (වෙලාව නැ )

    පුද්ගලිකව මම අඩුවෙන්ම එළකිරි ආපු අවුරුද්ද මේ.
    මට කියන්න තියෙන්නේ ට්‍රෙන්ඩ් එක ෆලෝව් කරන්න, ලංකාව කියන කියන කැල්ල අත ඇරලා උබලගේ ලයිෆ් එක හදාගනිල්ලා.මේක හදන්න (ලංකාව ) බැ බන්.දුකයි,කරන්න දෙයක් නැ

    ප්‍රෝ ටිප් - රෙප් සිස්ටම් එක දුන්නොත් අයෙත් පරණ උන් බහි අතල් එකක් ගන්න,රෙප් කපලා ගන්න අතල් එක නෙක්ස් ලෙවල්

    ube kathawa aththa..mama eda idan ada wenakam hemadama puruddata wage EK enawa..namuth den meke wedagathg thread yanne ne :( inne pisso
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ, සයිට් එක චාටර් වෙනවා කියලා ෆේක් වලින් කියන උන්ම ගිහින්, මොකෙක් හරි කාලකන්නියෙක් fake අටවන් ආවාම උගේ threads වලට reply දාන එක. උන්ව ගන්න නොගෙන, උන්ගෙ ඒවට reply නොකර හිටිය නං ඔය මොකුත් නෑ. එහෙම කරන්නේ නෑ ඌට බැනලා හරි ගිහින් කමෙන්ට් එකක් දානවා. අලි මෝඩයො ටිකක් ඉන්නවා ඉතින්. 😬🤣

    මේකත් අර රටේ උන්ගෙ වැරදි තියන් 225 නිසා රට හදන්න බෑ වගේ කතාවක් මචං. කීයෙන් කීදෙනාද හරි thread එකකට reply කරන්නෙ

    👆 :sorry: