අපිත් හැමදාම පුළුවන් වෙලාවට අඩුම ගානේ විනාඩි පහක් හරි ඇවිත් යනවා.හොඳයි කියල හිතෙන ත්‍රෙඩ් එකක් දැක්කොත් කියවනවා. ඒවාට අපේ අදහසක් වත් ලියන්න ලොග් වෙන්න හිතෙන්නේ නෑ.
මොකද අකුරක් පොඩ්ඩක් එහෙක් මෙහෙක් වුනත් කුණුහරුප කියන් සමහරු මේකේ ඉන්න අයට රිප්ලය් දෙනවා අපි දැකල තියෙනවා.
අමතක වෙන්නෙත් නෑ.
කවදාහරි මැරෙන දවස වෙනකම්ම අපි කිරියත් එක්ක ඉන්නවා.
සෙල්ෆිෂ් කිව්වහම මතක් උනා පොඩි කාරණාවක් .මේකේ ඉන්න එවුන් ඔය කියන විදියේ වැදගත් thread දැම්ම නම් හරිනේ.. අනුන්ට කිය කියා ඉන්නේ ඇයි..
ඉස්සර වගේ නෙමෙය් දැන් කව්රුත් තමන් ගොඩයන්න විතරය් බලන්නේ. එළකිරි එකේ විතරක් නෙමෙය් ලංකාවේ උන්ගේ facebook, twitter වගේ හැම තැනම එක පෙන්න තියනවා..
දැන් අනුන්ට දෙයක් කරනවා කියල ඉන්නවා නම් එහෙම පෙන්නලා course එකක් විකුනන්න මාන බලන එකෙක් හරි, youtube එකේ views වලින් හම්බ කරන්න බලන එකෙක් විතරය්..
ලංකාවේ සමාජේ එහෙම උනාට පිටරට වල තාම අනික් මිනිස්සුන්ට නොමිලේ දේවල් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
මට හිතන්නේ නම් ලංකාවේ බහුතරේ පට්ටම ආත්මාර්තකාමී..
@siri_ayya ව මම මේ දූරයට යෝජනා කරනවා.මේක mod කරන්න මේකෙ ඉන්න reputed එක්කෙනෙක්ට දුන්නනං හරි, අවුරුදු කිහිපයක් ඉඳපු කාටහරි , අඩුම තරමේ අලුත් account වලින් දාන අසහන thread වත් නැති කරලා දාන්න
sure mchn.. koheda lokkalata umanawak ne itin.. rep system1 awoth meke qulaity1 wedi wenawa site1eRep system එක ආවා නම් ටිකක් සුද්ද වෙනවා. කොහෙද ඉතින් නෑ නේ.
මේකෙ කිසිම ඇඩ් එකක් නොදා අතින් කයිට් කරගෙන දුවන්නේ. කිසිම ලාභයක් නෑ ඕනර්ට.අනිවා..
මට තියෙන ප්‍රශ්නේ මේකට සෑහෙන වියදමක් යනවා ඇතිනේ තාමත් මෙහෙම හරි නඩත්තු කරන්න. එහෙම තියෙද්දිත් ඇයි මේක හරියකට හදාගන්නේ නැත්තේ??
seriously , very important pointElaKiri.com කියන සයිට් එකේ වටිනාකම දැන් දැන් මේකට එන අයට තෙරෙන්නෙ නැද්ද කියන එක මට තියන ලොකු ගැටලුවක්..මේක Entertainment වලට විතරක් තියන සයිට් එකක් නෙමෙයි.
මේ සයිට් එක එ කාලේ ලංකාවේ මුල් සයිට් 10 ඇතුලේ තිබුනා වගේ මතකයක් තියනවා,ලංකාවේ ඉන්න ඔය කියන ගොඩක් පොරවල්ලා මෙකේ හිටියා.ගොඩක් අය දැනුම බෙදාගන එ මිනිස්සුන්ගේ ජිවිත සාර් ථක කරගත්තා.
මොකද මෙකේ විවිධ ශේස්ත්‍ර වල හොඳ දැනිමක් තියන අය ඉන්නවා,මම කියන්නෙ මෙකේ ඉන්න සමහරක් අය මේකේ ගොන් ත්‍රෙඩ් දාල මෙකත් ලංකාව වගේ විනාශ කරලා දාන්නෙ නැතුව,වැඩදායි මිනිහෙක්,ගැහැණියක් වෙන්න මේක භාවිතා කරන්න,මෙකෙන් ගන්න පුලුවන් දෙවල් ගොඩක් තියනවා.
දෙශපාලුවන් ලංකාව කැවා කැවා කියලා සමහරක් කුණුහර් පෙන් බනින උන් මම දැකලා තියනවා එළකිරි එකත් කනවා..එක නිසා රට හදන්න කලින් ඔයාල පොඩ්ඩක් හැදිලා ඉන්න...ඔනම දෙයක් අහන්න දැනගන්න,උදව්වක් පදව්වක් ගන්න පුලුවන් Set එකක්,මෙකේ තාමත් ඉන්නවා,එකෙන් ප්‍රයොජනයක් ගන්න.
@GTRZ මේක මිට වඩා පාලනයකට නතු කරන්න,නැත්තන් අපරාදේ මේ සයිට් එක...පොඩ්ඩක් බලන්න මෙකේ දැන් කිසි තෙරුමක් නැති ත්‍රෙඩ් නේ ගොඩක් වැටෙන්නෙ..
Yepඉස්සර වගේ විවිධත්වයක් නෑ. ලිංගික කුහකයෝ මානසික පිස්සෝ ෆේක් අටවන් කෝලමක් කරගෙන
ඉස්සර ඉන්ටර්නෙට් යුස් කරේ යමක් කමක් තියෙන,දැනුමක් තියෙන ලංකාවේ මිනිස්සු
ඒ දවස් වල ඉන්ටර්නෙට් හැමෝටම ලේසියෙන් අද වගේ ලබාගන්න බැ
අනික ඒ සදහා යන වියදමත් වැඩි,ස්මාර්ට් ෆෝන් එහෙම හැමෝ ලගම වගේ නැ.
ස්මාර්ට් ෆෝන් එකක්,ඉන්ටර්නෙට් යුස් කරේ ගොඩක්ම විනෝදයට නෙමේ.
ලංකාවේ එදා වගේම අදත් ඉන්න මිනිස්සුන්ගේ වෙනසක් මන් දකින්නේ නැ
වෙලා තියෙන්නේ හැමෝටම දැන් ඉන්ටර්නෙට් පහසුවෙන් ලබාගන්න පුළුවන්
ඒ නිසා ගොන්නු තමයි වැඩිපුර ඉන්නේ,
මේකේ ඉස්සර ඉදපු පොරවල් තමයි ඔන්ලයින් ඉන්නවා,සමහර අය නැ.
මේක ගොන්නු රගන නිසා ගොඩක් අය පොස්ට් බැලුවට එන්ගේජ් වෙන්නේ නැ.
මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා ඇත්ත නමින් හදපු,තාමත් ප්‍රිවට් මැසේජ් දැම්මම ඉස්සර උන් රිප්ලයි දානවා පරක්කු වෙලා හරි.පරණ උන් නැතිව නෙමේ,මේකේ ගොන්නු එක්ක පැටලෙන්න වාද කරන්න උන් කැමති නැ,සමහර උන්ට වෙලාව නැ.සමහර උන් reddit වලට බැහැලා,සමහර උන් බැදල (වෙලාව නැ )
පුද්ගලිකව මම අඩුවෙන්ම එළකිරි ආපු අවුරුද්ද මේ.
මට කියන්න තියෙන්නේ ට්‍රෙන්ඩ් එක ෆලෝව් කරන්න, ලංකාව කියන කියන කැල්ල අත ඇරලා උබලගේ ලයිෆ් එක හදාගනිල්ලා.මේක හදන්න (ලංකාව ) බැ බන්.දුකයි,කරන්න දෙයක් නැ
ප්‍රෝ ටිප් - රෙප් සිස්ටම් එක දුන්නොත් අයෙත් පරණ උන් බහි අතල් එකක් ගන්න,රෙප් කපලා ගන්න අතල් එක නෙක්ස් ලෙවල්
inne pissoමෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ, සයිට් එක චාටර් වෙනවා කියලා ෆේක් වලින් කියන උන්ම ගිහින්, මොකෙක් හරි කාලකන්නියෙක් fake අටවන් ආවාම උගේ threads වලට reply දාන එක. උන්ව ගන්න නොගෙන, උන්ගෙ ඒවට reply නොකර හිටිය නං ඔය මොකුත් නෑ. එහෙම කරන්නේ නෑ ඌට බැනලා හරි ගිහින් කමෙන්ට් එකක් දානවා. අලි මෝඩයො ටිකක් ඉන්නවා ඉතින්.
මේකත් අර රටේ උන්ගෙ වැරදි තියන් 225 නිසා රට හදන්න බෑ වගේ කතාවක් මචං. කීයෙන් කීදෙනාද හරි thread එකකට reply කරන්නෙ
