ElaKiri.com එකේ වටිනාකම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ElaKiri.com කියන සයිට් එකේ වටිනාකම දැන් දැන් මේකට එන අයට තෙරෙන්නෙ නැද්ද කියන එක මට තියන ලොකු ගැටලුවක්..මේක Entertainment වලට විතරක් තියන සයිට් එකක් නෙමෙයි.

    මේ සයිට් එක එ කාලේ ලංකාවේ මුල් සයිට් 10 ඇතුලේ තිබුනා වගේ මතකයක් තියනවා,ලංකාවේ ඉන්න ඔය කියන ගොඩක් පොරවල්ලා මෙකේ හිටියා.ගොඩක් අය දැනුම බෙදාගන එ මිනිස්සුන්ගේ ජිවිත සාර් ථක කරගත්තා.

    මොකද මෙකේ විවිධ ශේස්ත්‍ර වල හොඳ දැනිමක් තියන අය ඉන්නවා,මම කියන්නෙ මෙකේ ඉන්න සමහරක් අය මේකේ ගොන් ත්‍රෙඩ් දාල මෙකත් ලංකාව වගේ විනාශ කරලා දාන්නෙ නැතුව,වැඩදායි මිනිහෙක්,ගැහැණියක් වෙන්න මේක භාවිතා කරන්න,මෙකෙන් ගන්න පුලුවන් දෙවල් ගොඩක් තියනවා.

    දෙශපාලුවන් ලංකාව කැවා කැවා කියලා සමහරක් කුණුහර් පෙන් බනින උන් මම දැකලා තියනවා එළකිරි එකත් කනවා..එක නිසා රට හදන්න කලින් ඔයාල පොඩ්ඩක් හැදිලා ඉන්න...ඔනම දෙයක් අහන්න දැනගන්න,උදව්වක් පදව්වක් ගන්න පුලුවන් Set එකක්,මෙකේ තාමත් ඉන්නවා,එකෙන් ප්‍රයොජනයක් ගන්න.

    @GTRZ මේක මිට වඩා පාලනයකට නතු කරන්න,නැත්තන් අපරාදේ මේ සයිට් එක...පොඩ්ඩක් බලන්න මෙකේ දැන් කිසි තෙරුමක් නැති ත්‍රෙඩ් නේ ගොඩක් වැටෙන්නෙ..
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඉහල හොඳනම් පහල නිකම්ම හොඳ වෙනව.උඩ නරක් වෙනකොටත් ඒ තියරියම තමයි.
    මේක කරන උනට දැන් ගානක් නෑ. එකම ප්‍රශ්නෙ ඕක තමයි. විණයක් නෑ. හරි පාලණයක් නෑ.
    අන්තිම වෙනකම් අල්ලගෙන ඉන්න උන් ටිකත් එපා වෙලා ගියම කිරියත් ඉන්දියන් මුඩුක්කුවක් වගේ වෙයි.
    මේක හැම තැනටම අදාලයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    • e kale lankawe iternet users la awilla society eke eka level ekak
    • eeta yata level eke ayath amaruwen internet aran, ara uda level eke asrayata wetila level up una
    • 2010 witara passe internet common deyak hamoma internet enna gatta
    • EK witarak nemei FB, Youtube okkoma media platforms wala kattiya wediwenna gatta
    • Anith paththen dan FB, IG, tiktok platforms popular nisa EK wage forum ekakata ena kattiya adui
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඉහල හොඳනම් පහල නිකම්ම හොඳ වෙනව.උඩ නරක් වෙනකොටත් ඒ තියරියම තමයි.
    මේක කරන උනට දැන් ගානක් නෑ. එකම ප්‍රශ්නෙ ඕක තමයි. විණයක් නෑ. හරි පාලණයක් නෑ.
    අන්තිම වෙනකම් අල්ලගෙන ඉන්න උන් ටිකත් එපා වෙලා ගියම කිරියත් ඉන්දියන් මුඩුක්කුවක් වගේ වෙයි.
    මේක හැම තැනටම අදාලයි.
    Lankawata una dema tamai kiriyatat une... ☹️
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අනිවා..

    මට තියෙන ප්‍රශ්නේ මේකට සෑහෙන වියදමක් යනවා ඇතිනේ තාමත් මෙහෙම හරි නඩත්තු කරන්න. එහෙම තියෙද්දිත් ඇයි මේක හරියකට හදාගන්නේ නැත්තේ??
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ඉස්සර ඉන්ටර්නෙට් යුස් කරේ යමක් කමක් තියෙන,දැනුමක් තියෙන ලංකාවේ මිනිස්සු
    ඒ දවස් වල ඉන්ටර්නෙට් හැමෝටම ලේසියෙන් අද වගේ ලබාගන්න බැ
    අනික ඒ සදහා යන වියදමත් වැඩි,ස්මාර්ට් ෆෝන් එහෙම හැමෝ ලගම වගේ නැ.
    ස්මාර්ට් ෆෝන් එකක්,ඉන්ටර්නෙට් යුස් කරේ ගොඩක්ම විනෝදයට නෙමේ.

    ලංකාවේ එදා වගේම අදත් ඉන්න මිනිස්සුන්ගේ වෙනසක් මන් දකින්නේ නැ
    වෙලා තියෙන්නේ හැමෝටම දැන් ඉන්ටර්නෙට් පහසුවෙන් ලබාගන්න පුළුවන්
    ඒ නිසා ගොන්නු තමයි වැඩිපුර ඉන්නේ,
    මේකේ ඉස්සර ඉදපු පොරවල් තමයි ඔන්ලයින් ඉන්නවා,සමහර අය නැ.
    මේක ගොන්නු රගන නිසා ගොඩක් අය පොස්ට් බැලුවට එන්ගේජ් වෙන්නේ නැ.
    මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා ඇත්ත නමින් හදපු,තාමත් ප්‍රිවට් මැසේජ් දැම්මම ඉස්සර උන් රිප්ලයි දානවා පරක්කු වෙලා හරි.පරණ උන් නැතිව නෙමේ,මේකේ ගොන්නු එක්ක පැටලෙන්න වාද කරන්න උන් කැමති නැ,සමහර උන්ට වෙලාව නැ.සමහර උන් reddit වලට බැහැලා,සමහර උන් බැදල (වෙලාව නැ )

    පුද්ගලිකව මම අඩුවෙන්ම එළකිරි ආපු අවුරුද්ද මේ.
    මට කියන්න තියෙන්නේ ට්‍රෙන්ඩ් එක ෆලෝව් කරන්න, ලංකාව කියන කියන කැල්ල අත ඇරලා උබලගේ ලයිෆ් එක හදාගනිල්ලා.මේක හදන්න (ලංකාව ) බැ බන්.දුකයි,කරන්න දෙයක් නැ

    ප්‍රෝ ටිප් - රෙප් සිස්ටම් එක දුන්නොත් අයෙත් පරණ උන් බහි අතල් එකක් ගන්න,රෙප් කපලා ගන්න අතල් එක නෙක්ස් ලෙවල්