Elakiri Cookies හදමු!!! (New Cooking Thread!!)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කාලෙකට පස්සෙ අලුත් දෙයක් හදලා ‍පිංතූර ටිකක් අරගන්න පුලුවන් වුනා!! වීඩියෝව යතාකාලයේදී දමන්නම්!!

    අද හදන්නෙ කුකීස්!! හවායියන් කුකීස්, ඩැනිෂ් කුකීස් මේ වගේ ඒවා හැමෝම වගේ කඩෙන් අරන් කාලා ඇතිනේ? අපි අද මේවා පහසුවෙන්ම ගෙදරදීම හදමු.!!!

    ආමන්ඩ් කුකීස්, කොකනට් කුකීස්, කැෂෝනට් කුකීස්, කරන්ට් කුකීස්, චොකලට් චිප් කුකීස්, ජින්ජර් කුකීස් එකි මෙකී නොකී ඕනේ කුකී එකක් මේ මූලික කුකී මෝලියෙන් හදා ගන්න පුලුවන්.

    අවශ්‍ය දේවල්....
    Lbd1_zps3a66e048.jpg

    1. බටර් 100g (මාජරින් නොවේ)
    2. පාන්පිටි 125g
    3. සීනී හෝ අයිසින් සීනී 100
    g (දුඹුරු සීනි නම් වඩා හොදයි)
    4. වැනිලා එසන්ස් තේහැදි 1ක්
    5. බේකින් පව්ඩර් තේහැදි 1/2ක්
    6.ලුණු කුඩු තේහැදි 1/4ක්
    7. බිත්තර කහමද එකක්.

    Lbd2_zps62e2139d.jpg

    නොයෙක් රසයෙන් යුතු කුකීස් සාදා ගැනීමට අවශ්‍ය දේවල්....

    8. ආමන්ඩ් මද, කජු මද, සුල්තානා හෝ කරන්ට්ස්, ජින්ජර් ප්‍රිසර්ව් (ඉගුරු දෝසී), චොකලට් චිප්ස් හෝ කැමති දෙයකින් 25
    gක්

    හෝ

    9. දීසිදි පොල් 25
    gක්.

    Lbd3_zpsd9a1e8b0.jpg

    10. මුලින්ම බටර් සහ සීනී හොදින් මිශ්‍රකර ගන්න.
    11. බිත්තර කහමදය එක්කර නැවත මිශ්‍රකර ගන්න.
    12. වැනිලා එක්කර මිශ්‍රකර ගන්න.
    13. පානි පිටි වලට බේකින් පව්ඩර් මිශ්‍ර කර වරක් හලාගෙන බටර් මිශ්‍රණයට එක්කරන්න.

    Lbd4_zps61e687d3.jpg

    14. ලුණු එක් කරන්න. ඒ සමගම කිරිපිටි තේහැන්දක්ද එක්කල හැකිය.
    15.සියල්ල හොදින් මිශ්‍ර කරන්න. වතුර මිශ්‍ර නොකරන්න.
    16. අවසානයේ මෙවැනි කැඩෙන සුලු වියලි පිටි මිශ්‍රණයක් ලැබේ.
    17. දිසිදි පොල්,චොකලට් චිප්ස් හෝ අඹරාගත් ආමන්ඩ්, කජුමද, ඉගුරු දෝසී හෝ කැබලි කරගත් කරන්ට්ස් එක්කරන්න. වර්ග කීපයක රසයෙන් සාදන්නේ නම් මොලිය කොටස් කීපයකට වෙන් කර වෙන වෙනම මිශ්‍ර කරන්න.

    Lbd5_zps18bd8875.jpg


    18.දැන් බෝලයක් (ගුලියක්) සාදා පොලිතීන් බෑගයක දමා ශීතකරණයේ පහල කොටසේ පැය 1/2ක් තබා ගන්න.

    Lbd6_zps731a9eed.jpg


    20. පිටි ස්වල්පයක් ඉසින ලද ලෑල්ලක තුනී කර ගන්න. ආමන්ඩ් හෝ කජුමද කැබලි ස්වල්පයක් උඩින් දමා ගන්න.
    21. කුකී කටර් එකක් නැතිනම් මෙවැනි මූඩියක් ගෙන කැමති හැඩයට කපා ගන්න.
    22. මේ රූපයේ පහලින්ම ඇති කුකීස් රොටී මෙන් අතින් වඩා ගත්ත ඒවා.
    23. බේකින් තැටියට තෙල් කොළයක් එලා

    එකට නොගෑවෙන සේ කුකීස් තබා ගෙන 180C ක උෂ්ණත්වයේ විනාඩි 15-20 දක්වා කාලයක් බේක් කර ගන්න.

    Lbd7_zps6541ea1b.jpg


    මෙන්න හරි වෙලාවට බෑවහම!!
    දැන් හොදින් නිවෙන්න තියන්න. නිවෙනකම් ක්‍රිස්පි ගතිය නෑ!!

    Lbd8_zpsca27959f.jpg


    වැනිලා හැර වෙනත් රසකාරක, වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොයෙදූ එළකිරි කුකීස්!!!
    ඉවසීමේ ගුණය ප්‍රගුණ කර ඇත්නම් ඉතිරිය සුළං නොවදින භාජනයක දමා වසා සති 2ක් පමණ ද ශීතකරණයේ නම් මාසයක් වුවද තබා ගත හැකිය!!

    Lbd9_zpsc706ef4e.jpg


    Lbd10_zps0c78e58b.jpg
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ela niyamai machan aye cooking threads patan gaththa wage
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ela niyamai machan aye cooking threads patan gaththa wage

    Thanks for the very first comment!!
    තව කුකින් වීඩියෝ කිපයක් තියනවා බොස්! Edit කරගන්න වෙලාවක් නැතිව ඉන්නේ.
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ela machan patta. me para gedara giyama hadanda one. hadala bodimatath aran enda one. jaya wewa boss!! rep ++ :love: :love: :)

    හදලා පිංතූරයකුත් දැම්මනම් රෙප් වගේද කෝටියක් වටිනවා මචෝ!!:):)
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්වා කන්න හම්බුනානම් පෙන්වන්න තිබුනා ඉවසීමේ ගුණය අතුරුදහන් වෙන ඉක්මන..........

    සුපිරි ඈ..... +
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි අමාරු වැඩක් කියලා මන් හිතුවේ බිස්කට් වර්ග හදන එක.සැරයක් මන් රෙසපි එකක් දැකලා චීස් බිස්කට් හැදුවා.කන්න බැරුව ඔක්කොම ටික වීසි කලා.ඊට පස්සෙ බිස්කට් ජාතියක් හදන එකත් එපාම වුනා.මේක දැක්කම බිස්කට් හදන එක හරිම ලේසි වැඩක්නේ.හදලා බලන්න ඕනේ.හරිම ලස්සනට ඇවිත් තියෙනවා.ම්ම් රස පාටයි.Tfs bro.:)