Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
එළකිරි සාමාජිකයින්ගේ මැයි 8 ඉරිදා කුරුණෑගල ගමනේ වැඩසටහන් විස්තරය.​


මේ සඳහා දැනට නම් ලබා දුන් නොදුන් හැමෝටම ආරාධනා කරනවා.. නම් නොදුන්නා කියල ගැටළුවක් නෑ ගමනට සහබාගි වෙන්න කැමැත්තක් තියනවා නම් පහත විස්තර අනුව ඇවිල්ල උදේ 8.30 වෙන්න කලින් කුරුණෑගලට ඇවිත් දුරකථන මාර්ගයෙන් අපිව සම්බන්ද කරගන්න.


කුරුණෑගලින් Genius89 - 0757328647
කොළඹින් GAC - 0714017343



මෙහෙමයි දුම්රිය කාලසටහන

අංක 6011 දුම්රිය කොටුවේ සිට මඩකලපුව බලා යන

කොටුව 6.10
ගම්පහ 6.42
වේයන්ගොඩ 6.54
කුරුණෑගල 7.55



කොළඹ කොටුවෙන් සිට මඩකලපුව දක්වා යන උදේ 6.10 ට පිටත් වෙන අංක 6011 කෝච්චියේ තමා කට්ටිය එන්නේ. කොළඹින් ගමනට එකතු වෙන අය උදේ 5.45 වෙනකොට කොටුව ස්ටේෂන් එකේ ටිකට් ගන්න තැනට එන්න. එතන GAC ඇතුළු කට්ටිය ඉන්නවා. කලින් එන එක සංවිදානය වීමට පහසුවක් වෙයි..

කුරුණෑගල ඉඳල ගමනට සහබාගි වෙන අය කුරුණෑගල නුවර පාරේ ඉම්පීරියල් හෝල් එක ළඟ තියන කමර්ෂල් බැංකුව ලඟට උදේ 7.30 වෙද්දී එන්න. මං එතන ඉන්නවා. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල ස්ටේෂන් එකට එනකොට අපි එතනට යන්න ඕන.

කට්ටිය ඔක්කොම කුරුණෑගලට ආවට පස්සේ අපි නුවර පාර දිගේ පාගමනින්ම කුරුණෑගලට ගමන ආරම්භකරනවා.


1. උදේම ඇතාගලේ ගල් පඩි පෙලින් ගල උඩ බුදු පිළිමේ බලන්න යනවා

2. ඇතුගලේ බුද්ධ ප්රපතිමාව ඇතුළු දේ නරඹල කුරුණෑගල නගරය ආසන්නයේ උසම ස්ථානය වෙන අතුගලේ ආරණ්‍යයට යනවා.

3.ඊලගට ඇතුගලට වාහන එන පාර දිගේ ඉබ්බාගලට ගිහින් එහෙ තියන බුවනෙකබාහු රජතුමා හදපු පවුරාණික පන්සලට යනවා.

4.දවල් කෑම ගන්න වැවරවුමේ යනවා



රැගෙන ආ යුතු දේවල් (තමුන්ගේ අවශ්‍යතා අනුව)

*පින්තුර ගැනීමට අවශ්‍ය කැමරා
*හිස් ආවරණ
*වතුර බෝතල්
*ලා පැහැති ඇඳුම පාවිච්චි කරන්න (අව්රශ්මියට පහසුවක් වීමට)
*කුඩයක් (කාලගුණයට ඔරොත්තු දීමට)
**සහභාගී වන ගැහැණු ළමයි දිග කලිසමක් හෝ ත්‍රී ක්වාටර් ඇඳීම යෝග්‍යයි.
**අඩි උස පාවහන් පැළඳීම ගැහැණු ළමුන්ට අපහසු විය හැකියි.


නැවත හවස ගම් බිම් බලා යාමට කුරුණෑගලින් 4.49 ට පිටත් වන අංක 7082 දුම්රිය හවස 7 ට කොටුව බලා යනවා
ඒ වෙලාව පරක්කු වැඩි නම් (** ගැහැණු ළමුන්ට) හවස 2.02 ට කුරුණෑගලින් පිටත් වන අංක 4854 දුම්රිය හවස 4.02 වෙනකොට කොටුවට යනවා


විශේෂ ඉල්ලීම්.

*මත්පැන්,මත්ද්‍රව්‍ය,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!
*සහභාගී වන ගැහැණු ළමුන්ට නොමනා විහිලු තහළු, කරදර කිරීමෙන් වලකින්න
*සැමවිටම අන්මතයට ගරු කරන්න, රණ්ඩු ඇතිකරගැනීමෙන් වලකින්න


මෙම ගමන සඳහා කිසිදු මුදල් එකතු කිරීමක් සිදු නොවෙන අතර තමුන්ගේ පුද්ගලික වියදම් තමුන් විසින් දැරිය යුතුය.. දල වියදම් ලෙස ගමන් කිරීමට ලබාගන්න ටිකට් හා දිවා ආහාරයට යන වියදම් පමණක් සෑහේ..




මේ දැනට කුරුණෑගල එනවා කිව කට්ටිය



1.Genius89
2.Mrs genius
3.DJLAK
4.Dissamannar
5.Srimaster
6.chooty malli
7.Mal baba
8.chamikawp
9.Kumara456 with Mrs
11.GAC
12.BC_Dilum
13.Knight_Black
14.thilina91
15.thanuja.kumarasinghe
16.sellasami
17.chamal89
18.Ravisuru
19.upulcla
20. anuru_1
21.surprice EK member
22.Somapaala with Mrs
23.kalanaweerkLK
24.sudu pusa

මේ වැට උඩ ඉන්න කට්ටිය..

rotiya
Sanddun
migaramrk
Mozilla
urajdrlk
Maheshi
Sasith - negombo


තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න ඒක අපිට පහසුවක් වෙයි.


 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    *මත්පැන්,මත්ද්‍රව්‍ය,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!

    Apoooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උඹ සිරාවටම සිකුරුටි කෙනෙක්ද...? ඕන වෙලාවක ආරක්ශාව ගැන කතාව... උඹව ඕන්නම් මගෙ බොඩි ගාඩ් වැඩේට ගන්නම්, එදාට... ;););)

    උඹටත් තියෙන්නෙ පුදුම ක්‍රිකට් ඇම්මක්....



    ane palayan ban yanna uba ekata wena ekek hoyaganin :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_pos.gif
    Elakiri Get together @... 05-03-2011 10:43 AM Same shit happen to me ayye ! nw i am using a male nick ! :)

    oppz
     

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    *මත්පැන්,මත්ද්‍රව්‍ය,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!

    LAMO!! :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොන්න නැත්නම් ඇවිල්ල වැඩක් නෑ
    මම එනවද නැද්ද කියලා නිළ වශයෙන් තීරණය කරනවා තව ස්වල්ප වෙලාවකින්
    අනිත් අයගෙනුත් අහනවා බොන්න නැත්නම් එනවද කියලා
     

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    බොන්න නැත්නම් ඇවිල්ල වැඩක් නෑ
    මම එනවද නැද්ද කියලා නිළ වශයෙන් තීරණය කරනවා තව ස්වල්ප වෙලාවකින්
    අනිත් අයගෙනුත් අහනවා බොන්න නැත්නම් එනවද කියලා

    :yes::yes:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    *මත්පැන්,මත්ද්‍රව්‍ය,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!

    Apoooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    උබල බොනවනම් මම එන්නෙ නැහැ:dull::dull::(:(
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    විශේෂ ඉල්ලීම්.

    *මත්පැන්,මත්ද්‍රව්‍ය,සිගරට් ඇතුළු කිසිදු දෙයක් භාවිතය සපුරාතහනම්!!!
    *සහභාගී වන ගැහැණු ළමුන්ට නොමනා විහිලු තහළු, කරදර කිරීමෙන් වලකින්න
    *සැමවිටම අන්මතයට ගරු කරන්න, රණ්ඩු ඇතිකරගැනීමෙන් වලකින්න




    :shocked::shocked::shocked:
     

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON

    උබල බොනවනම් මම එන්නෙ නැහැ:dull::dull::(:(

    උඹ යන්නේ නෑ කියල කාටවත් පාඩුවක් වෙන්නේ නෑනේ.. ගෙදරට වෙලා කිරි එකක් හදාගෙන බීපන්. :lol::lol:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    උඹ යන්නේ නෑ කියල කාටවත් පාඩුවක් වෙන්නේ නෑනේ.. ගෙදරට වෙලා කිරි එකක් හදාගෙන බීපන්. :lol::lol:

    උබට කිව්වේ නැහැ මම කිව්වේ මේ ට්‍රිප් එක යන උන්ට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බය වෙන්න එපා අපි එන්නෙ නෑ මේකට සහභාගී වෙන්න
    බොන්න නැත්නම් ඇවිල්ල වැඩක් නෑ
    ඒ නිසා මම මේකෙන් ඉවත් වෙනවා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බය වෙන්න එපා අපි එන්නෙ නෑ මේකට සහභාගී වෙන්න
    බොන්න නැත්නම් ඇවිල්ල වැඩක් නෑ
    ඒ නිසා මම මේකෙන් ඉවත් වෙනවා

    අවුලක් නෑ මචෝ.. උඹයි අයින් වෙන අනිත් අයගෙයි නම් ටික දීපන් ලිස්ට් එකෙන් අයින් කරන්නම්. :)