ELAKIRI NON SMOKERS CLUB

ARE YOU SMOKER OR NON SMOKER ?

  • I AM NON SMOKER

    Votes: 239 83.3%
  • I AM SMOKER

    Votes: 48 16.7%

  • Total voters
    287

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    owa bonna epa :no:.....oral / lung cancers hadenawa :shocked:




    lung cancer

    dirtylung.jpg

     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    කෙනකු සියදිවි නසා ගන්නේ හොර රහසේයි. එහෙත් දුම්පානය කරන්නන් සිය දිවි නසා ගන්නේ අන් අයට පෙනී පෙනීයි. තමන් සිය දිවි නසා ගන්නවා පමණක් නොව මේ අය තමන් අවට සිටින අයගේ සෞඛ්‍යයට ද විශාල තර්ජනයක් එල්ල කරති. දුම් වැටියකින් පිට වෙන දුමෙහි රසායන හාරදහසකට වඩා අඩංගුයි. අඩුවශයෙන් ඉන් 60 ක් පමණවත් පිළිකා කාරක රසායනයි. දුම් පානය යන වචනයත් සමග අපේ මතකයට එන්නේ පෙනහලු පිළිකායි.එහෙත් එහි අනිටු විපාක එකකට දෙකකට සීමා නොවෙයි. මුඛ පිළිකා උගුරේ පිළිකා, ලියුකීමියා, ලිම්ෆෝමා, නිතර දරුණු අන්දමින් සෑදෙන සෙම්ප‍්‍රතිශ්‍යාව, ඉන්ෆ්ල‍්‍රවෙන්සා වැනි ශ්වසන රෝග, ස්නායු රෝග. තයිරොයිඩ් ආබාධ, හදවත් රෝග, ඔස්ටියෝපොරෝසිස්, දන්ත ආබාධ, නියුමෝනියාව, බ්‍රාන්කයිටීස්, දත් දිරා යාම ඇතුළු මුඛ රෝග, මුවේ දුගඳ, ඇසේ සුද, තුවාල, පිරිමින්ගේ කායික බෙලහීනතාවය දුම්පානය නිසා ඇති වෙන සෞඛ්‍ය තර්ජන අතරින් කිහිපයක් පමණයි.
    දුම් වැටියෙන් සිදුවෙන මහා විනාශය අවම කිරීමේ අරමුණින් රජය මගින් ප‍්‍රසිද්ධ ස්ථානවල දුම් පානය දඬුවම් කළ හැකි වරදක් බවට පත්කර තිබේ.එහෙත් තවමත් ප‍්‍රසිද්ධියේ මේ වැරැදි, හානිකර කි‍්‍රයාවෙහි යෙදෙන්නෙන් අපට ඕනෑ තරම් මුණ ගැසෙයි. පවුලක දුම් වැටි උරන්නට පුරුදු වූ කෙනකු සිටී නම් එය පවුලටම එල්ලවන බරපතල සෞඛ්‍ය තර්ජනයකි. ප‍්‍රසිද්ධ ස්ථානවල දුම් බීම තහනම් නිසා වැඩි දෙනකු කරන්නේ නිවෙසේදි දුම්පානය කිරීමයි.
    අකි‍්‍රය දුම්පානයදුම්පානය කරන්නාට ද වඩා අන් අයගේ දුමට ගොදුරු වන්නටන්, එනම් අකී‍්‍රය දුම් පානයට ගොදුරු වන්නන්ට භයානක සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙයි.අකී‍්‍රය දුම්පානයෙන් පවුලේ අය බේරා ගැනීමට ගෘහණියට පැවරී ඇති කාර්ය භාරය අති විශාලය. සැමියා දුම් පානය කරනවා තම බිරිය මෙන්ම දූ දරුවන් ද, සැමියා ද වඩා සෞඛ්‍ය පරිහානියකට ගොදුරු වෙන බව අවබෝධ කර ගන්න. දුම් පානය, මත් පැන් පානය පිරිමිකමේ ලකුණක් ලෙසට සැලකීමට තරම් අනුවණ පිරිස තවමත් අප අතර සිටිති. සැමියා දුම් පානය කරනවා නම් ඉන් ඔහුටත්, තමන්ටත් දූ දරුවන්ටත් වෙන හානිය අවබෝධ කර දෙන්න. දූ දරුවන්ට ද එය අහිතකර කි‍්‍රයාවක් බව වටහා දෙන්න. දුම් බොන පුද්ගලයකු සිටින පරිසරයෙන් හැකි තරම් ඈත් වෙන්න. නිවෙසේදීත් රැකියා ස්ථානයේදීත් අකී‍්‍රය දුම්පානයට ගොදුරු නොවන්නන් සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කරන බව ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් වසර ගණනාවක් කළ පර්යේෂණ මගින් සනාත වී තිබේ. මිනිත්තු 20 ක් කෙනකු අකී‍්‍රය දුම්පානයට ගොදුරු වූ විට නහරවල ආවරණ පටලයට හානි සිදුවෙයි. එයින් හෘද රොග ඇති වීමේ අවදානම ඉහළ යයි. එපමණක් නොව මොළයේ ලේ කැටි හිරවීමක් සිදු වී ආසාතය ( ස්ටෙ‍්‍රීන් ) වැනි තත්ත්වයකට ද ගොදුරු වෙයි. 2002 වසරේ දී ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් රැකියා ස්ථානයේ දුම් පානය කිරීම තහනම් කරන ලද අතර ඉන්පසු කැපී පෙනෙන අන්දමින් හෘද රෝගවලට ගොදුරු වන පිරිසගේ සංඛ්‍යාව අඩුුවී තිබේ. ඇමරිකානු විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ඇස්බැස්ටොස්, ආසනික්, බෙන්සීන්, තරමටම, දුම් වැටියෙහි දුම ද පිළිකා කාරකය. දුම් වැටියෙන් පිට වෙන දුම මෙන්ම, දුම් බොන්නා පිට කරන වාතය ද විස සහිතය. දුම් පානය කරන තැනැත්තාගෙන් පිට වෙන වාතයෙහි විස හෝ පිළිකා කාරක රසායන 250 ක් අඩංගුව තිබේ.දුම් වැටියෙන් හා දුම් බොන පුද්ගලයාගෙන් පිට වෙන වාතය පරිසරයම අපිරිසුදු කරයි. එවැනි පුද්ගලයකු සිටින පරිසරයේ ඇති බඩුබාහිරාදිය, ඇඳුම්, තිරරෙදි, ගෘහ භාණ්ඩ වැනි සියලුම දේ විස සහිත දුම් රැඳී අපවිත‍්‍ර වී දූෂණයවී පවතී, දුම්වැටිය, පයිප්පය, සුරුට්ටුව, මේ සියල්ලෙන්ම පිටවෙන දුම එක ලෙස විස සහිතය.
    දරුවන්ට ඇති අවදානම1දරුවන් විස සහිත දෙයට වඩාත් සංවේදීයි. සිගරට් දුම ඔවුන්ට ඉතා අහිතකරව බලපායි. 2 ඇදුම රෝගයට ප‍්‍රධාන ලෙසම බලපාන හේතුවක් වෙන්නේ සිගරට් දුමයි. 3ඇදුම රෝගය හට ගැනීමට මෙන්ම, ඇදුම ඇති දරුවන්ට ඇදුම වැඩිවීමට දුම හේතු වේ.

    චම්පිකා දීපානි රණසිංහ
     
    Last edited:

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    It is very interesting to observe the poll result. Assuming it as a non biased representative sample we can draw two conclusions.

    1. Majority of EK members are non smokers.

    2. Smokers do not have guts to accept they are smokers.

    Which is correct ??????

    දුම් බොන්නාට Filter එකක් ඇත.
    දුම් නොබොන්නාට Filter එකක් නැත.........!:no: