.::|| Elakiri Silk Road ||::.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    ෴ එලකිරි සේද මාවත වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු ෴

    BSYbi28.png


    බොහෝ එලකිරියන්ගේ ඉල්ලීම මත, සියලු එලකිරි වාසි ජනයා ගේ හිතසුව පිනිස පහත දැක්වෙන සංවේදි දැනුම / විස්තර ඔබලා සමග බෙදාගැනීමට කැමැත්තෙමි :P,

    වගකීමෙන් නිදහස් වීම.
    තවද, මෙහි දැක්වෙන සියලු කරුනු අධ්‍යපනය සදහා පමනක් වන අතර, මෙම කරුනු සම්භන්දයෙන් කවර ආකාරයකින් හෝ වගකීමක් K_ZONE වන මා විසින් නොදරම්.:nerd:

    -------------------------------------------------------------------------------------------------------------------------------
    හරි ඒකතා ඇති. කට්ටිය බලනවා ඇති මොකක්ද මේ සිද්දිය කියලා. . :)
    මේකයි කතාව, මේදවස් වල ලංකාවෙ සහ ලංකාවට ආසන්න රටවල් වල හොරෙන් හොරෙන් රහසිගතව විවිද වෙළදාම් සිද්ද වෙනවා, වල්ලපට්ට කියයි කරපින්චා කියයි අපේ කිරියෙත් ඕකට සැහෙන්න Thread ගොඩක් වැටුනනෙ,:rolleyes:
    ඉතින් මම ඔය සබ්ජෙට් වලට බැහැලා පහුගිය මාසකිහිපය තුල ලබාගත්ත අද්දැකීම් ටිකක් බෙදාගන්න තමයි Thread එකේ අදහස. :)

    ඒත් එක්කම මම නොදන්න / අතනොගැසූ සමහර වෙලදාම් පවා ඔය යාලුවො දන්නවා ඇති, ඒවා ඔක්කොම අපි බෙදා ගදාගමු මේ Thread එකේ.
    :rofl:

    බෝහෝ දෙනෙක් මාව හදුනන්නෙ Hacker වරයෙකු වශයෙන් සහ පරිඝනක ක්‍රමලේකකයෙක් වශයෙන් නිසා මේ Thread එක හාත්පසින්ම වෙනස් එකක් වෙයි :)


    තවත් දෙයක් මම පහල එකතු කරන දේවල් සමහර ඒවා ලංකාවෙ ඇතුලෙ නීතියට අනුව නීතිවිරොධි ගනුදෙනු වෙන්න පුලුවන්, එත් ඒ කොහොම උනත් ඔක්කොම අයිති වෙන්නෙ ජාවාරම් ගනයට ඒ නිසා කරනවා නම් පරිස්සමෙන්, ගොඩක් ඒවාගෙ නම් නීතිමය පැත්ත මම දන්නෙ නැ :frown:

    මේ දේවල් වලට මට වඩා පට්ට ප්‍රවීනයන් මේ කිරියේ ඕන තරම් ඉන්නවා, ඉස්සරහට කට්ටිය සෙට් වෙමු.
    :rofl::rofl:
    මේ දේවල් ගත්ත ගමන්ම වැරදියි කියලා කැගහන අයත් ඉස්සරහට එයි, ඒත් ඒ මිනිස්සුන්ට මට කියන්න තියෙන්නෙ ඒ වෙන මොකක්වත් නෙමෙයි, වෙන එකක් දියුනු වෙනවට කැමති නැති ඉරිසියාවයි, කුහක කමයි තමයි ඒ.
    :frown::frown:
    මොකද මේ සමහර දේවල් නිසා කන්න වත් නැතුව හිටපු මිනිස්සු වාහනයක් අරගෙන, අලුත් Business පටන් ගෙන, ණය ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න විසදගෙන දැන් නිදහසේ ඉන්නවා,
    ඒකට ඉතින් පින තියෙන්න ඕන, :dull:
    :):)

    හරි එහෙනම් සුභමොහොතින් ආරම්භ කරමු අපේ සේද මාවත :)
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    1. Triton Shells හෙවත් ට්‍රයිටන් වාලම්පුරි, (දිග අගල් 12 ට වැඩි)මිල රුපියල් කෝටි 100 සිට රුපියල් කෝටි 1,500 දක්වා,

    QPtW22Z.jpg


    මිල කල නොහැක. දැනට මා දන්න තරමින් වැඩිම මිලක් සහිතව මේ දිනවල ගනුදෙනු වන්නේ Charonia Tritonis linnaeus නම්වූ මෙම මුහුදු බෙල්ලන් වර්ගයයි, මීට වඩා මිල කරන ලද ශෙල් ගැන අසන්නට ලැබුනත් එවැනිමිල වලට මිලදී ගත් බවක් නම් තවම අසා නොමැත,

    මෙම Shell මිලදීගැනිම විදේශීය ගැනුම් කරුවන් විසින් පමනක් සිදුවන අතර, තරු පහේ හෝටල් වලදී පරික්ශා කිරිම් හා පෙන්වීම සිදුකෙරේ, මිලදි ගැනිමට පෙර රසායනික පරික්ශාකිරිම් සිදු කරන අතර මෙවා බ්‍රෝකර් වරුන් බැලීමට යනවා නම් බ්‍රොකර් වරුන්ද ද බෝහෝවිට අවම වශයෙන් රුපියල් කෝටි 10 ක වත් වත්කම් පෙන්විය යුතුය. දෙපාර්ශවයම ok උන පසු ගනුදෙනුව බොහෝවිට දෙපාර්ශවයම කැමති වූ රටකදි සිදුවේ, රුපියල් කෝටි 1,500 ක් යනු රු 15,000,000,000 කි, :rolleyes::dull:
    (පන්දාහේ කොල වලින් ගත්තත් ඩිමෝබට්ටා ලොරි රථයකින් ප්‍රවාහනය කල යුතු ප්‍රමානයකි. :rofl:)



    2. Mini Triton Shells හෙවත් කුඩා ප්‍රමානයේ ට්‍රයිටන් වාලම්පුරි, (දිග අගල් 5 ට වැඩි)මිල රුපියල් ලක්ශ 5 සිට රුපියල් කෝටි 10 දක්වා,

    4uiiJUH.jpg


    කුඩා ප්‍රමානයේ ශෙල් වල වර්නවත් භාවය බොහෝවිට දක්නට නොලැබේ, බොහෝවිට ඇත්තෙ සුදු වර්නයෙන්ය, කුඩා ප්‍රමානයේ වුවද එහි අලංකාරවත් බව අනුව අති විශාල මිලක් ලභා ගත හැකිය,

    3. Micro Triton Shells හෙවත් ඉතා කුඩා ප්‍රමානයේ ට්‍රයිටන් වාලම්පුරි, (දිග අගල් 5 ට අඩු)මිල රුපියල් ලක්ශ 3 සිට රුපියල් කෝටිය දක්වා,

    SDknEop.jpg


    ඉතා කුඩා ප්‍රමානයේ ශෙල් ද බොහෝවිට සුදු වර්නයෙන් පමනක් දැකගත හැක, බොහෝ විට තනි එකක් විකිනිය නොහැකි අතර පහක් හෝ හයක පොකුරු වශයෙන් විදේශීය ගැනුම් කරුවන්ට විකුනනු ලැබේ.

    4. Copper-Iridium කොපර් ඉරිඩියම් හෙවත් රයිස් පුලර්ස් (සහල් ඇදගන්නා ද්‍රව්යය) මිල රු කෝටි 2 සිට 800 දක්වා

    PYsFAIK.jpg


    1803 දී සොයාගන්නා ලද අති දුර්ලභ ලෝහයක් වන ඉරිඩියම් ඉතා ඉහල තාපාංකයක් ඇති ලොව ඇති මල කැමට අකමැතිම ලෝහයක් ලෙස සැලකේ, පෘතුවියට ඉරිඩියම් ලැබෙන්නෙ බොහෝවිට උල්කාපාත වලින් සහ අකුනු වලට අවුරුදු දහස් ගනනක් නිරාවරනය වීමෙනි.
    මෙම ඉරිඩියම් කොපර් හා එකතුවූවිට ඉතා පුදුම කරනවන සුලු වත්කම් පෙන්වයි.
    කොපර් ඉරිඩියම් කැබැල්ලකට බොහෝද්‍රව්යය ඇද ගැනීමෙ ශක්තියක් ඇත,
    කොපර් ඉරිඩියම් කැබැල්ලකට ඕනැම විදුලි උපකරනයක් ක්ශනිකව අක්‍රීය කල හැක.
    කොපර් ඉරිඩියම් කැබැල්ලකට වාහන එන්ජිමක් නැවතිය හැක.

    සමහර ගැනුම් කරුවන් මෙම කොපර් ඉරිඩියම් වස්තු රැගෙන නොයන අතර එහි ගැබ්ව ඇති ශක්තිය පමනක් මිල ගෙවා රැගෙන යයි.
    Quantum science සදහා පරීක්ශන කිරිමට මේවා දියුනු රට වලට රැගෙන යයි.



    5. කලු වල්ලපට්ට කිලෝවක මිල රු ලක්ශ 4 සිට එක්කෝටි දශලක්ශය දක්වා

    zu4OnEl.jpg


    වල්ලපට්ට යන ශාකයේ කද ආසාදනයට ලක්වීමෙන් එහි ඇතිවන Agrawood නැමති කොටස මෙලෙස මිලදී ගනු ලැබේ, තනි කොටසක් වශයෙන් තිබෙන කිලෝ ගනන අනුව මිල තීරනය වේ,
    කුඩා වල්ලපට්ට කැබලි ලංකාවේම ඇති කර්මාන්තශාලාවලදී තෙල් උරාගෙන තෙල් කුප්පි පමනක් පිට රටවලට යවනු ලැබේ,
    විශාල වල්ලපට්ට කැබලි ධන කුවේරයන්ගේ කැටයම්, ගෘහභාන්ඩ, මිලාධික වාහන වල සමහර අලංකාර කොටස් නිපදවීම සදහා යොදාගනු ලබයි.

    මුල් කාලයේ හොද මිලක් ලැබුනු අතර දැන් හොද මිලක් ලභාගැනිම ඉතා අපහසුය.

    6. කලු වල්ලපට්ට කැබලි හෙවත් චිප්ස්, කිලෝවක මිල රු 50,000 සිට ලක්ශ 15 පමන දක්වා

    qJYBzAR.jpg


    කලු වල්ලපට්ටම කුඩා කැබලි වශයෙන් මෙම ඟනයට ගැනේ. ඇගිලි පුරුක් ප්‍රමානයේ කොටස් ය.

    7. දුබුරු වල්ලපට්ට කිලෝවක මිල රු 7,000 සිට ලක්ශ 4 දකවා

    eX3c3HC.jpg


    මිශ්‍රව තිබෙන කලු ප්‍රමානය, කැබලිවල ප්‍රමානය සහ සාපේක්ශව දුබුරු වර්නය පිහිටන ආකාරයට මිල තීර්නය වේ, coffee brown, chocolate brown, brown

    8. කරපින්චා අරටුව (කිලෝව රුපියල් 2000)

    vF1hoaM.jpg


    මුලදී රුපියල් 35,000 වැනි මිලකට මිලදීගත්තත් දැන් කිලෝව රුපියල් 100 ට වත් විකුනාගත නොහැක.
    වල්ලපට්ට සමහ වන්චා සහගත ලෙස කවලම් කර විකිනීමට යොදාගන්නා ලද අතර, මගේ දැනීම අනුව නියම වානිජ වටිනාකමක් නොමැත.

    9. ගවුරි වාලම්පුරි (ග්‍රැම් එක 5000 සිට 13,000 දක්වා)

    z9clbQF.jpg


    ග්‍රැම් ගනන අනුව මිල තීරනය වන අතර කිලො දෙක තුන පමන ආසන්න වන වාලම්පුරි ඇත, කිලො එකට වැඩිනම් කෝටි ගනනක මිලක් ලැබේ,
    අතට අහුවන ඉරි ගනන, වර්නය , පැරනි බව, පන නොමැරී තිබීම වැනි කරුනු මත මිල වෙනස් වේ.
    (ඉහත වම් පැත්තේ ඇත්තෙ වාලම්පුරියක් වන අතර, :nerd: දකුන හක්ගෙඩියකි :lol:)
    10. ලක්ශ්මී වාලම්පුරි (ග්‍රැම් එක 200 සිට 4000 දක්වා)

    XfwLwcp.jpg


    මෙයද ග්‍රැම් ගනන අනුව මිල තීරනය වන අතර කිලො දෙක තුන පමන ආසන්න වන වාලම්පුරි ඇත, මෙම වර්ගය ඉතා බහුලව ඇති නිසා විකුනා ගැනුම අපහසුය,

    රතු හූනන්, කබර හූනන්, කිබුල් හූනන්, නුවර හූනන්, කැස්බැවුන්, ඉබ්බන්, දිවිමකුලුවන්, ආවෙණීක කටුස්සන්, වැනි සතුන් වෙලදාම් කිරීම කෙරෙහි මාගේ කැමැත්තක් නොමැති නිසා වෙනත් කෙනෙක් සදහා ඉඩ තබමි.

    11. රත්‍රන්, (පොලවෙන් ලැබුනු, නිධන් වලින් ලැබුනු හෝ, පරම්පරාවෙන් එන) කිලෝව ලක්ශ 20 සිට ලක්ශ 50 දක්වා

    XIK4Vka.jpg


    තනිකුට්ටියට තිබෙන රත්තරන් වලට වැඩිමිලක් ලබාගත නොහැකි අතර, වැඩි මිලක් අවශ්ය නම් බිස්කට් ප්‍රමානයට සාදාදිය යුතුය.

    12. රිදී, (නිධන් වලින් ලබාගත් හෝ, පරම්පරාවෙන් එන) මිල අපැහැදිලිය

    wQy11zp.jpg


    රිදීවලට මිලක් ප්‍රකාශ කල නොකැක, බොහෝ කරුනු අනුව මිල වෙනස් වේ.

    13. ගජමුතු, ලක්ශ 5ට වැඩි

    gQ7jCHU.jpg


    විශාල ප්‍රමානයේ ඇති ඒවා ඉතා විරල අතර, ප්‍රමානය විශාල නම් අනුලෝමව මිල ඉහල යයි. ප්‍රමානය වෙනස් වන අයුරින් පරික්ශා කිරිමෙ ක්‍රම ද වෙනස් වෙයි, කුඩා ඒවා පරික්ශා කරන අයුරින් විශාල එවා පරික්ශා කල නොහැක,
    දැනට බොරු සින්තටික් ගජමුතු සැම තැනකම දැකිය හැකි අතර නිවැරදි ඒවා පරික්ශා කිරීමට ක්‍රම 18 ක් ඇත.

    14. වල්ලපට්ට Gel Type ජෙල් ටයිප්, මිල අපහැදිලිය

    reHqDx0.jpg


    වල්ලපට්ට ශාකයෙන් වැගිරෙන ජෙල් වැනි ද්‍රව්‍යකි, වල්ලපට්ට මෙන්ම ඉතා සුවදවත් වන අතර මිල අධිකය.
    දැන් බොහෝ දෙනෙක් වල්ලපට්ට ජෙල් කුඩා ප්‍රමානයකට දුම්මල, කපුරු, පයිනස් ජෙල් වැනි දේ මිශ්‍ර කරන නිසා දැන් බොහෝදෙනෙක් ජෙල් මිලදීගැනිමට පැකිලෙති,

    15. VOC කාසි සහ පිඟන්, මිල වෙනස් වේ

    OnjBwY2.jpg


    VOC Coins සහ පිගන්, බෝතල්, මහන මැශින් සදහා ඉහා ඉහල මිලක් ඇති අතර එකල ශ්‍රීලංකාවෙ විසූ සහ ලංකාවෙ සටන් වලින් මිය ගිය සුද්දන්ගේ මුනුබුරන් විසින් ලංකවට පැමින මේවා රැගෙන යනු ලබයි :)

    ගාඩ් ගල්, මායිම් ගල්, අකුනු සන්නායක, පිච්චමල්, වදමල්, රතු කෝමාරිකා, කලු පූසො, සුදු පූසො ලෝකෙ නැති කතාවල් නම් ගොඩක් තියෙන්වා, පුලුවන් වෙලාවක ආයෙ ඉතිරි ටිකත් Update කරන්නම් :)

    අවසාන වශයෙන්ද දෙයක් සටහන් කිරීමට කැමැත්තෙමි, මෙම ගනුදෙනු ඉතා ආරක්ශාකාරීව සිදු කල යුතුය, බොහෝවිට ගනුදෙනුවක් සිදුවන අවස්තාවල ඔලුවට පිස්තෝලයක් එල්ල වුවත් ගනන් නොගෙන සිනාවක් පැමට තරම් පෞර්ශයක් ඇත්නම් ප්‍රශ්නයක් නොමැත, නැත්නම් බඩු ටික නිකම්ම දී, යට ඇදුමෙන් ගෙදර එන්නට වෙන අවස්තාද ඇත.

    තවත් විටක චෙකර් බඩු බලා ගිය පසු මුදල් සමග බයර් එන තුරු පැමිනි දෙදෙනෙකුට බඩු ඇති අය සමහ ඉන්නට සිදුවේ, බොහෝවිට ඔවුන් කියන ස්තානයක දවස් ගනන් නැවති සිටින්නට සිදුවිය හැක. එවැනි දේවල් පවා බලාපොරොත්තු විය යුතුය, එම නිසා උබ ගනුදෙනුවක් කරන විට ඔබ විශ්වාශවන්ත පිරිසක් සමග පමනක් කන්ඩායම් ගතවන්න,
    මුදල් / වස්තුව දුටුවිට ඔබගේ හොදම මිතුරාද වෙනස් විය හැක (අද්දැමෙන් කියන්නෙ :frown:)


    කොටන්නනම් තව ගොඩක් දේවල් තියෙනවා, අනිත් දේවල් Thread එකේ ඉස්සරහට එකතු කරන්නම්,

    සැ.යු.
    මෙම මිල ගනන් දකින විට ඕනැම කෙනෙකුට මේවා කෙරෙහි ආසාවක් ඇතිවිය හැක, එහෙත් මේවා හරි හැටි නොදැන සම්භන්ද වන සියලු දෙනාට සිදුවන්නෙ තමා අතේ ඇති මුදලද වියදම් කරගැනිම පමනි, මොකද, යම් පිරිස් නවකයන් ගිලගෙන ඔවුන්ව සූරාකැමටද බලා සිටින නිසාය. . :)


    එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ෴පහත Button එක ඔබා thread එකට Rep එකතු කරන්න ෴



    රේප් දීලාගිය නැති උන් මරනවා :D
    :P

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    TFS :) uba deal karala tiyenawada ban? oya huno ehema ganna ewun monawada ungen karanne?
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    බොහෝවිට ගනුදෙනුවක් සිදුවන අවස්තාවල ඔලුවට පිස්තෝලයක් එල්ල වුවත් ගනන් නොගෙන සිනාවක් පැමට තරම් පෞර්ශයක් ඇත්නම් ප්‍රශ්නයක් නොමැත, නැත්නම් බඩු ටික නිකම්ම දී, යට ඇදුමෙන් ගෙදර එන්නට වෙන අවස්තාද ඇත.

    :oo::(:(:(

    api kaloth meka thamai ban wenne :D