එළකිරි මහා කඹ ඇදීම 2018 - නායකයින් තෝරාගැනීම.
සියලුම එළකිරි වාසින්ට සුබ අළුත් අවුරුද්දක් වේවා !
වාර්ෂිකව අලුත් අවුරුද්දට සමගාමිව පැවැත්වෙන එළකිරියේ නාකි කුකුළන්ගේ ඉඳන් ලපටි කුකුල්ලු දක්වා වැඩිම පිරිසක් සහභාගී වෙන විසේකාර කුකුල්ලු පොර ඇනගන්න, තටු හලාගන්න, පෙඳ ඉරාගන්න, සමහරු එලකිරිය දාල යන්න යන තැනට වැඩ සිද්ද වෙන අවුරුදු ක්‍රීඩා අංගය 2018 අවුරුද්දටත් ඔන්න පවත්වන්නයි ලැස්ති වෙන්නේ. මේ පාර නැද්ද නැද්ද කෝ සද්දයක්වත් නෑ නෙ කියල සැකෙන් හිටියනං ඔන්න බයවෙන්න දෙයක් නෑ වැඩේ පටන් ගන්නයි යන්නෙ...

ඒ වගේම කඹය පැවැත්වෙන විදිහ ගැන අදහස් යෝජනා තියේ නං ඒවත් ඉදිරිපත් කරන්න, කලින් සැරවල සිද්ද වෙච්ච අඩුපාඩු මගඇරගන්න ඒවා උදව්වක් වේවි. එළකිරියේ ඉන්න ජ්‍යෙෂ්ඨ කඹ ඇදල අත්දැකීම් ඉන්න අයගෙ අදහස් විශේෂයෙන්ම වැදගත්. අලුත් අදහසක් තියේ නං අලුත් විදිහකට කඹේ කරන්න ඒ අදහසුත් සලකා බලන්න පුළුවන්.
Last edited: