හරි එළකිරි කොල්ලනේ කෙල්ලනේ එදා දුන්න Elakiri Fragrance Guide එකේ දෙවෙනි කොටස තමයි මේ...එදා පොස්ට් එකට දාන්න බැරි උන ගොඩක් දේවල් තිබුන හින්ද ආපහු දෙවෙනි කොටසකුත් ලියන්න උනා...හරි එහෙනම් වැඩි කතා නැතුව ඉතුරු ටිකට බහිමු...
perfume එකක් හරියම ස්ප්‍රේ කරන්න ඕන කොහෙටද?
හරියටම perfume ස්ප්‍රේ කරන්න ඕන කොහෙටද කියන එකනම් තීරණය කරන්න වෙන්නෙ යන තැනයි use කරන perfume එකයි අනූව තමා...ඒත් මම පොදුවේ කියන්නම් ස්ප්‍රේ කරන්න ඕන කියල කියන විදිහ ගැන....
ඒත් කියන්න ඕන උබ දැන ගන්න ඕන ගහන perfume එකේ longevity එක, sillage එක, performance කොහොමද කියල මොකද නැත්නම් වැඩේ අවුල් වෙනව. අඩුම තරමෙ උබ ගහන්න හදන එක edt, edp, pafume ද කියලවත් අනිවා පොඩ්ඩක් ඔලුවේ තිය ගන්නවා නම් හොදයි මොකද මම පලවෙනි ත්‍රෙඩ් එකේම කිව්ව edt එකට වැඩිය edp, perfume oil concentration න් එකෙන් වැඩි නිසා performance වැඩී කියල, එතකොට edt එක ස්ප්‍රේ කරන තරමටම edp, pafume ස්ප්‍රේ කරන්න ඕන වෙන්නෙ නැහැ මෙන්න මේ නිසයි කියන්නේ පොඩි අදහසක් තියා ගන්නවානම් හොදයි කියල ...ඒත් වෙලාවටයි අවස්ථාවටයි ගැලපෙන්න මේ spray routine වෙනස් කරල අපිට ඕන ස්ප්‍රේ ගාන ස්ප්‍රේ කරන්න පුළුවන්...
2 spray routine - කනට පහලින් දෙපැත්තට 2ක් හරි, පපුවට ටිකක් උඩින් උරහිස් වලට දෙපැත්තට 2ක්. [ පොඩි පොඩි මීටින් වලට වගේ ]
3 spray routine - කනට පහලින් දෙපැත්තට 2යි , බෙල්ල පිට පස්සෙන් 1යි.[ ඔෆිස් / casual වලට වගේ අවුලක් නැහැ perfume එක ටිකක් සැරයි වගේ නම් මේ වගේ routine එකක් හොදයි ]
4 spray routine - කනට පහලින් දෙපැත්තට 2යි, පපුවට ටිකක් උඩින් උරහිස් වලට දෙපැත්තට 2යි. [ ඔෆිස් / shopping / casual වලට ]
5 spray routine - කනට පහලින් දෙපැත්තට 2, පපුවට ටිකක් උඩින් උරහිස් වලට දෙපැත්තට 2, බෙල්ල පිට පස්සෙන් කොලර් එකට 1යි. [ ඔෆිස් / කෙල්ල meet වෙන්න යන්න වගේ අවුලක් නැහැ කෙල්ලත් එක්ක ගොඩක් ලං වෙලා ඉන්න නිසා මේ වගේ routine එකක් හොදයි ]
7 spray routine - කනට පහලින් දෙපැත්තට 2, පපුවට ටිකක් උඩින් උරහිස් වලට දෙපැත්තට 2, බෙල්ල පිට පස්සෙන් කොලර් එකට 1යි. අත් දෙකේ මැණික් කටුවයි වැලමිටයි අතර ඇතුල් පැත්තට 2යි. [ මම නම් කියන්නේ උදේ ඉදන් හැන්දෑ වෙනකන් ගෙදරින් එළියේ ඉන්න වෙන, ඔෆිස් වගේ වැඩ වලට මේක තමා ගැලපෙන්නේ මොකද ලංකාවේ තියෙන රස්නෙ climate එකත් එක්ක.]
12 spray routine [ extreme ] - කනට පහලින් දෙපැත්තට 2 ගානේ 4යි, පපුවට ටිකක් උඩින් උරහිස් වලට දෙපැත්තට 2 ගානේ 4යි, බෙල්ල පිට පස්සෙන් කොලර් එකට 2යි, අත් දෙකේ මැණික් කටුවයි වැලමිටයි අතර ඇතුල් පැත්තට 2යි...[ හොදට මතක තියා ගනින් මේකට යන්න ඕන මොකක් හරි මිනිස්සු ගොඩක් ඉන්න තැනකට යනවනම්. carnival, club, musical show වගේ මිනිස්සු ගොඩක් ගැවසෙන තැන් වලට වගේ තැන් වලට...එකත් edp perfume එකකින් යනවනම් තව ස්ප්‍රේ 2ක් විතර අඩු කලත් කමක් නැහැ ]
මම උඩින් දාපු ස්ප්‍රේ ගානම ස්ප්‍රේ කරන්න යන්න එපා මොකද මම දන්නේ නැහැ උබල මොන perfume එකද use කරන්නේ කියල, පොඩ්ඩක් test කරල බලහන් perfume එකේ perfomance කොහොමද කියල ඊට පස්සේ මොන විදිහේ routine එකකට ගියොත් හොදද කියල ලේසියෙන්ම හිතා ගන්න පුළුවන්...
ටිප්ස්
1. perfume ගහන්න කලින් හොදට නාල / වොෂ් එකක් දා ගෙන හිටපන් නැත්නම් ලක්ෂ ගානක perfume එකක් ගැහුවත් වැඩක් නැහැ ඉන්නෙ පෙරේතය වගේ නම්...එතකොට වෙන්නේ අපි ස්ප්‍රේ කරන perfume එකේ smell එකයි ඇගෙන් එන body odor එකයි එකට එකතු වෙලා ආයෙ කියන්න ඕන නැති අමුතුම ගඳක් එන්න ගන්න එක...අනික clean skin එකට තමයි perfume එක ස්ප්‍රේ කරන්න ඕන, දහදිය තියෙන skin එකට perfume apply කරහම නිකන්ම perfume එක වාෂ්ප වෙලා යන එක වෙන්නේ...හොදට මතක තියා ගනින් perfume එක ගහන්න කලින් වොෂ් දාන් ෆ්‍රෙෂ් එකේ ඉදහන් ඒක උබේ hygiene එකටත් හොදයි ..
2. අඩුවෙන් ගහන්නත් එපා වැඩියෙන් ගහන්නත් එපා ගානට, perfume එක හැටියට ස්ප්‍රේ කරහන් මොකද perfume එක වැඩි උනොත් එන්නෙ අමුතුම ස්ප්‍රිට් සැරක් විතරයි, එතකොට වටේ අයට perfume එකේ නියම සුවඳ දැනෙන්නෙ නැහැ...
3. deodorant එක නම් අමතක කරන්නම එපා කොල්ලෝ [ කෙල්ලන්ටත් එක්කමයි කිව්වේ කෙල්ලො කියල දාඩිය නොදා තියෙන්නේ නැහැ ] deodorant එකක් use කරහන් මොකද අපි වගේ ලංකාවේ අය දවසම ඉන්නේ A/C කරපු තැන් වල නෙවෙයි...කෝච්චි වල යනව, බස් වල යනව අත් උස්සගෙන perfume වලින් ලොකු දහදිය ගඳක් යවන්න බැහැ මොකද perfume වලින් වෙන්නේ දාඩිය ගඳ / දාඩිය දාන එක control කරන එක නෙවෙයි, අනික දාඩියයි perfume එකයි මික්ස් උනහම හොදි ඕන නැහැ, ඒ තරමට අවුල්...ඒ හින්ද මොනම හේතුවක් නිසාවත් මන් perfume ගහනවනේ කියල deodorant එක use කරන්න අමතක කරන්න එපා...
4. Perfume එක skin එකට නම් apply කරන්නේ පුලුවන්නම් වොෂ් දාන් ආව ගමන් moisturizer එකක් ගාල perfume එක apply කරන්න ඒකෙන් perfume එකට තව වැඩි වෙලාවක් perform කරන්න උදව්වක් වෙනව...
5. Perfume එක ස්ප්‍රේ කරද්දී අඩුම තරමින් 10-15 cm දුරිනවත් අල්ලන් ස්ප්‍රේ කරන්න. නැත්නම් perfume එක විහිදෙන ප්‍රමානේ අඩුයි, එකම තැනට perfume එක ස්ප්‍රේ වෙන එක අඩු කරන්නයි ටිකක් ඈතට අල්ලන් ස්ප්‍රේ කරන්න ඕන..
6. perfume ස්ප්‍රේ කරපු තැන, ආපහු අත අතුල්ලන්න යන්න එපා...perfume එක ඉතුරු කරන්න කියල හිතන් perfume එක එක අතකට ස්ප්‍රේ කරල අනිත් අතේ අතුල්ලන්න යන්න එපා...එතකොට perfume එකේ තියෙන top notes ටික නිකන්ම නැතිවෙලා යන එක, ඒ නිසා ඒක කරන්න එපා ඒත් කරන්නම ඕනනම් එක අතකට ස්ප්‍රේ කරල අනිත් අතෙන් පොඩි tap එකක් දුන්නම ඇති.
7. පෙර්ෆුමේ ටෙස්ට් කරන වෙලාවට මැණික් කටුවට හරියට ගහල චෙක් කරාට පෙර්ෆුමේ use කරද්දී මැණික් කටුවට ස්ප්‍රේ කරන්න එපා මොකද අපි අත් හෝදනව, මුණ හෝදනව, මේ වගේ වෙලාවල් වලට ස්ප්‍රේ කරපු තැන තෙමෙන නිසා මේ වගේ තැන වලට perfume ස්ප්‍රේ කිරිල්ලෙන් වැඩක් නැහැ...අතට perfume ස්ප්‍රේ කරද්දි අතේ මැණික් කටුවයි වලමිටයි අතර අතේ උඩ හරියට හරි, වැලමිටෙන් ඇතුල් පැත්තේ ටිකක් උඩට වෙන්න හරි ස්ප්‍රේ කරහන්..
8. කොල්ලෙක් අහල තිබුන perfume එක ගහන්න ඕන ඇඳුමටද එහෙමත් නැත්නම් skin එක උඩටද කියල...මෙහෙමයි එක එක perfume වල performance වෙනස්, ගොඩක් වෙලාවට අපිට perfume skin එක උඩට apply කරන්න පුළුවන් අවුලක් නැහැ..එත් සමහර perfume තියෙනව skin එක උඩට apply කරල ටික වෙලාවක් යදදී අපේ දාඩිය එක්ක මික්ස් උනහම එන්න ගන්නේ ඒ perfume එකෙන් එන්න ඕන smell එක නෙවෙයි වෙනම smell එකක් ඒ නිසා හොදම වැඩේ ඔය දෙකම පොඩ්ඩක් චෙක් කරන එක. අලුතෙන් ගත්ත perfume එකක් නම් දවසක් දෙකක් apply කරද්දි තේරෙනව ඇදුම් උඩද skin එක උඩද perfume එක වැඩි වෙලා හිටින්නේ කියල...තව එකක් ඇදුම් උඩට perfume එක ස්ප්‍රේ කරද්දී ටිකක් පරිස්සමින් කරහන් මොකද perfume oil concentrate එක වැඩි perfume වල ඔය oil concentrate එක සමහර වෙලාවට හිටින්න ඉඩ තියෙනව...
perfume කීයක් ඕනද ??
මේකනම් ඉතින් තීරණය වෙන්නේ උබේ කැමැත්ත මතම තමයි මට කියන්න බැහැනේ මෙච්චර perfume ගානක් තියා ගනින් මෙච්චර ගානක් ඕන, අරකට එකයි මේකට එකයි කියල. ඒ නිසා මේක තීරණය වෙන්නේ උබේ අදහස් , උබට වියදම කරන්න පුළුවන් ගාන, යන එන තැන් / occasion, ගන්න ප්‍රයෝජනය අනුව තමා...
1 perfume - හැම එකටම එකම perfume එකක් තමයි එතකොට use කරන්නේ ඔෆිස්, wedding, කෙල්ල හම්බවෙද්දී මේ හැම එකටම ගැලපෙන එක perfume එකයි.
2 perfume - එක perfume එකක් උදේ වරුවෙ, අනික පොඩ්ඩක් හැන්දෑ වරුවෙ වැඩ ටිකකට.
3 perfume - උදේ වරුවකට ඔෆ්ස්, meeting වගේ ඒවට එකයි , හැන්දෑ වරුවකට කෙල්ල හම්බ / වෙන්න යන්න , casual ගමනනකට එකයි, special occasion / wedding වගේ ඒවට එකයි.
5 perfume - හැම එකටම හරියන all rounder එකකුයි, club එකට / කොල්ලො ටික එකක් පොඩි fun එකකට යද්දි එකයි, සීතල වැහි දවසකට perfume එකයි , පට්ට රස්නෙ වෙලාවක ඒ කියන්නේ දවල් 12ට වගේ යන්න සෙට් වෙන ගමන් වලට summer fragrance එකයි, කෙල්ලව හම්බෙන්න, කෑලි ගොඩක් ඉන්න තැනකට යන්න sexy perfume එකයි.
ඔය මන් දැම්මේ පොඩි අදහසක් විතරයි, උබ ලග තියා ගන්න ඕන perfume ගාන තීරණය කරන්නේ උබ ඒ නිසා එක තීරණය කරන එක උබට භාරයි...පුලුවන්නම් perfume 3කට වගේ යන්න එතකොට හැම පැත්තම බැලන්ස් වගේම පොඩි වෙනසකුත් තියෙනවනෙ.
සාමාන්‍යයෙන් perfume එකකින් එක ස්ප්‍රේ කිරිල්ලකදී 0.068ml වගේ තමා ස්ප්‍රේ වෙන්නේ...ඒ කියන්නේ ස්ප්‍රේ 12-14 වගේ ස්ප්‍රේ කරද්දී 1ml යනව perfume bottle එකෙන්...හැබැයි මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන් perfume එකේ බ්‍රෑන්ඩ් එකයි quality එකයි එක්ක මොකද atomizer එක වෙනස් වෙන නිසා...මට හම්බවෙලා තියෙන බ්‍රෑන්ඩ් එක්ක tom ford, creed වගේ ඒවල සැහෙන්න ලෝකු ස්ප්‍රේ පාරක් වෙනව එක ස්ප්‍රේ එකකදී. සාමාන්‍යයෙන් 50ml perfume bottle එකෙන් ස්ප්‍රේ 700කුත්, 100ml perfume bottle එකෙන් ස්ප්‍රේ 1400 වගේ ගානකට ලං වෙන්නේ ස්ප්‍රේ කරන්න පුළුවන්...පහලන් උබට මේක ගැන ටිකක් තව වැඩිපුර අදහසක් ගන්න පුළුවන් වෙයි...
* perfume කිසිම වෙලාවක bathroom වල තියන්න එපා.
* ජනෙල ලග තියන්න එපා. [ අව්ව වැටුනත් නැතත් කමක් නැහැ තියන්න එපා ]
* perfume හීට් වෙන මැශින් [ fridge, charger, computer ] ලගින් තියන්න එපා.
* පුළුවන් තරම් perfume කරුවල, සීතල , පිරිසිදු තැනක තියන්න cupboard එකක් ඇතුලේ එක තට්ටුවක වගේ.
perfume එකකින් attraction එකක් attention එක ඇති කරනව වගේම තමා, perfume එකකින් කෙනෙක්ව / අවස්ථාවක් අමතක නොවෙන විදිහට මතක හිටිනව තව කෙනෙක් use කරන perfume එක නිසා...ඒක moment නැත්නම් person හරි වෙන්න පුළුවන්...මේ වගේ සීන් නම් උබලගේ life එකේ ගොඩක් ඇති මගේ life එකේ තියෙන එකක් කිව්වොත් මගේ පලවෙනි gf මට හමබවෙද්දී මම 11වසරෙ වගේ ඇති. මේ කෙල්ල ගහනව class එද්දි perfume එකක්, මට ඒ සුවඳ තාම මතකයි. මතකේ තරම කොච්චරද කියනවනම් අවුරුදු ගානකට පස්සේ අදටත් මට ඒ perfume smell එක ආවොත් මට ඉබේටම වගේ වට පිට බැලෙනවා ඒ කෙල්ල එතන ඉන්නවද කියල. ඒ තරමටම මට ඒක මතකයි [ enchanteur perfume එකක් ] ඉතින් ඔය වගේ සීන් අනන්තවත් වෙනව මේ perfume නිසා....මේකේ විද්‍යාත්මක පැත්ත ගැන කියනවනම් සුවඳ, මිනිස්සුන්ගේ limbic system එකත් එක්ක සන්නිවේදනය කරල දිගු කලින් මතකයේ හිටින එක තමා හේතුව...
පහලින් එදා වගේම perfume 3ක් 4ක් දාන්නම් උබල ගන්න හොද එකක් හොයනවනම්...
1. JOOP Homme - EDT
75ml - 3250/=, 125 ml - 6500/=
Top Notes - Bergamot, Cinnamon
Heart Notes - Orange blossom, Jasmine, Honeysuckle
Base notes - Sandalwood, Vetiver, Patchouli, Amber, Tonka bean, Musk, Vanilla
මතක තිය ගනින් කලින් එකෙත් කිව්ව නම ගැන ජූප් නෙවෙයි යූප්...මේක ගැන කොටින්ම කියනවනම් පිස්සු හැදෙන sweet smell එකක් තියෙන perfume එකක්...මේකනම් පුතේ පට්ට පරිස්සමින් ගහපන් වැඩිය ස්ප්‍රේ කරන ගියොත් කුබි කාල මැරෙන්නේ ඒ තරමට sweet...සීත දවසකට ස්ප්‍රේ 1-3 කට වඩා යන්න එපා, අනිවා උබව මිනිස්සු දැක්කේ නැතත් නෝටිස් වෙන තරමට මේක sweet and strong...ස්ප්‍රේ 6-7 ක් යනවා කියන්නේ මිනිස්සු හිතනයි උබට පිස්සු කියල, අනිවා මේක පිස්සු හැදෙන sweet smell එකක්...ගන්න කලින් ටෙස්ට් කරල ගනින් මොකද සමහරු මේ sweet smell එකට කැමති නැහැ...
2. Salvatore Ferragamo F Black For Men - EDT
5000/=
Top Notes - Lavender
Heart Notes - Black Pepper, Coriander
Base notes - Labdanum, Tonka
මේක aromatic, spicy, fresh category එකට තමා වැටෙන්නේ...full suit occasion එකකට පට්ට මැචින්...confidence personality තියෙන character එකක් තමයි මේ smell එකත් එක්ක මතක් වෙන්නේ...හැබැයි රස්නෙ දවසකනම් use කරන්න එපා සීතල climate එකකට, වැස්ස දවසක රෑක occasion එකකට සුපිරි...
3. L'Eau De Issey Pour Homme Summer by Issey Miyake - EDT
8250/=
Top Notes - Lychee, Grapefruit
Heart Notes - Passion fruit, Guava, Pitahaya, Floral notes
Base notes - Vanilla
oceanic, fresh water category එකට වැටෙන පට්ට ලස්සන bottle එකක එන සුපිරි smell එකක් තියෙන perfume එකක්....නොර්මල් performance එකක් තියෙන office, casual සෙට් වෙන refreshing effect තියෙන perfume එකක්, ඕනම තැනට ලේසියෙන් use කරන්න පුළුවන්...රස්නෙත් නැති සීතලත් නැති දවසකටත් මරු...
4. Encre Noire Sport - EDT
5000/=
Top Notes - Grapefruit, Bergamot, Nutmeg
Heart Notes - Cypress, Lavender
Base notes - Bourbon vetiver, Haitian vetiver, Cashmere wood, Musk
මම කලින් පලවෙනි ත්‍රෙඩ් එකෙත් මේ හවුස් එකේ perfume එකක් දැම්ම මේ දෙවෙනි එක...මේකෙ bottle එකත් කලින් එක වගේම වගේම පට්ට බරයි, ඒ හින්ද cap එකෙන් නම් උස්සන්න එපා...මේක හරියම hot climate එකට හරියන natural fresh, clean smell එකක් තියෙන භාණ්ඩයක්...ඕනම age එකක ඕනම කොල්ලෙක්ට, ඔෆිස් එකට වගේනම් හරියටම මැචින්, ස්ප්‍රේ 4ක් වගේ ඇති ඔෆිස් ටයිම් එක කවර කර ගන්න...compliment නම් අනිවා වදිනව පුතේ.
5.Versense by Versace for Women EDT
7800=/
Bergamot, Green mandarin, Fig, Sea lily, Cardamom, Jasmine, Cedar, Sandalwood, Olive wood, Musk
ඔන්න ඉතින් කොල්ලෝ ටිකට තමන්ගේ කෙල්ලට / වයිපරේට perfume අරන් දෙන්න එහෙම හිතන් ඉන්නවනම් සුපිරියක් තමා මේක...මොකද මේක ගැන රෙකමන්ඩ් කරා මගේ පවුලේ ස්ත්‍රී පාර්ශවය විසින්ම...ස්ත්‍රී පාර්ශවයට සුපිරි අමුතුම fresh effect තියෙන perfume එකක්...ඔෆිස්, casual ඕනම තැනකට සුපිරියටම මැචින්...projection, sillage සුපිරියටම සුපිරි... අනිවා මේක ගහන යද්දී කොල්ලන්ගෙන් අහගත්තැකි "හම්මා මේ කෙල්ලගෙ සුවඳ" කියල...
6.FERRARI BRIGHT NEROLI - EDT
4250=/
Top Notes - Petitgrain citron, Calabrian lemon, Bitter orange
Heart Notes - Orange flower, Neroli essence, Rosemary, Sichuan pepper
Base notes - Vetiver, Patchouli, Ambroxide
මේක ස්ප්‍රේ කරපු ගමන් කෙල්ලෙක්ට අනිවා හිතෙනව සැහෙන්න සැරයි කියල මොකද මේ smell එක සැහෙන්න සැරයි ස්ප්‍රේ කරපු ගමන්ම. ඒත් ටික වෙලාවකින් නියමෙටම settle down වෙනව...ස්ප්‍රේ 4-5 වගේ ඇති වෙයි, ඔෆිස් එකට, shopping, casual ඕනම එකකට සුපිරියට මැචින්, projection, sillage හොද මට්ටමක තියෙනව...
හරි ඉතින් ඔන්න එහෙනම් ඔන්න දෙවෙනි කොටසත් ඉවර කරා...ඉවර කරගෙන එද්දී තව මොකක් හරි මගුලක් මතක් වෙනව කොටන්න ඉතින් ආපහු කොටනව ඒකයි පරක්කු වෙන්නෙත් මට ත්‍රෙඩ් දාන්න ගිහාම...තව ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් තමා ඉතුරු වෙලා තියෙන්නෙ ඒ ටික හෙමිට දෙන්නම් කට්ටිය මොකද කියන්නේ කියල බලලම...මේ මන් දාල තියෙන perfume වලට අමතරව තව හොද perfume තියෙනව ඒ හැම එක ගැනම ලියන්න ගියොත් දිග වැඩි වෙන නිසයි දෙකක් තුනක් විතරක් දාන්නේ, ඒවත් ඕනනම් / ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න වෙලාව තියෙන විදිහට මම ආපහු ත්‍රෙඩ් එකක් දෙකක් දාන්නම්...තව එකක් perfume ගද්දී හොදට බලල ගන්න මොකද ලංකවේ original / authentic perfume හොයනව කියන්නේ කළුනික හොයනව වගේ වැඩක් ඒ හින්ද සැහෙන්න හොදට හොයල බලල ගන්න, නැත්නම් වියදම් කරන සල්ලි අපරාදෙ...තව දෙන්නෙක් perfume ගෙනත් දෙන්න බැරිද කියල අහලා තිබුන, ඇත්තටම මට ලොකු quantity එකක් තාම ගෙන්නල දෙන්න විදිහක් නැහැ කවුරු හරි ඉල්ලම හිටියොත් තමා ඒකත් ගෙන්නල දෙන්නෙ, ඒත් ඕනමයි කියල හිතෙනවනම් මට පොඩ්ඩක් p.m එකක් දාන්න කරන්න පුළුවන් හෙල්ප් එකක් තිබුනොත් මම දෙන්නම්...බලමු පොඩි ප්ලෑන් එකක් තියෙනව ඒ වැඩේ පත්තු උනොත් කිරියේ උන් ටිකට ගාන අඩුවෙන් perfume ට්කක් දෙන්න පුළුවන් වෙයි...
Elakiri Fragrance Guide PART - 01 එකට මෙතනින් Click Here
කලින් ත්‍රෙඩ් එකේ ප්‍රශ්න ටිකට උත්තර ටික දෙන්නම් පොඩ්ඩක් පරක්කු උනා මේක කොටපු නිසා...
එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටිකට
...ජය ජය ජය...