Electric Car වල_ඇත්ත_මෙන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Electric Car වල_ඇත්ත_මෙන්න

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද – ඇත්ත මෙන්න

    nissan-leaf-auto-electrico.jpg

    මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.

    අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා. මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා. ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා. ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්. ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික (පෙට්‍ර‍ල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා. සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්. අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා. එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්. ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා. මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා. නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.

    මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. Zero Emission කියලා කියන්නේ පෙට්‍රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි. ගෙදරට සූර්‍ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්‍ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා. ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්‍ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.

    මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න FB එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා. මත්පැන් තහනම් කරොත් ආණ්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආණ්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.

    Pubudu Indika(FB)​
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    lankawa wage diyunu wenna dagalana ratakata eka eka paththata wanena nayakayek idala ba.. mahinda hari my3 hari ranil hari ekadipathi palanayak thiyenna one.. hama ekama kiyana widihata kisima wadak karanna ba
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මම නම් හිතන්නේ ආයේ ඉලෙක්ට්‍රික් කාර් ගෙන කථා කරන 1ක තේරුමක්ම නැති වැඩක් . ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර්වල future 1ක ඉවරයි .
    කලින් ගත්ත එවුනටත් කෙලවෙනවා , කවුරුත් අලුතින් ඔය ජරාවට අත ගහන්නෙත් නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මම නම් හිතන්නේ ආයේ ඉලෙක්ට්‍රික් කාර් ගෙන කථා කරන 1ක තේරුමක්ම නැති වැඩක් . ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර්වල future 1ක ඉවරයි .
    කලින් ගත්ත එවුනටත් කෙලවෙනවා , කවුරුත් අලුතින් ඔය ජරාවට අත ගහන්නෙත් නෑ

    ජරාවක් කිව්වේ?මොකක්ද ඉලෙක්ට්‍රික් කාර් වල තියෙන අඩුව?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්.

    AC ඕෆ් කරගන 40ට විතර කොට කොට ගිහිල්ල කිලෝමීටර් 120ක් විතර තමා යන්න පුළුවන්
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මම නම් හිතන්නේ ආයේ ඉලෙක්ට්‍රික් කාර් ගෙන කථා කරන 1ක තේරුමක්ම නැති වැඩක් . ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර්වල future 1ක ඉවරයි .
    කලින් ගත්ත එවුනටත් කෙලවෙනවා , කවුරුත් අලුතින් ඔය ජරාවට අත ගහන්නෙත් නෑ

    9d6Kbyw_700wa_0.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔය වාහනේ දැන් තියන ගානට ගන්න , මොකද්ද තියන හොද කියන්නකෝ

    අහ්හ් ඒකද හේතුව?මම හිතුවේ උබ ගාව ඕක තිබිලා ජරාවක් හින්දා විකුණුවා කියලා..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද – ඇත්ත මෙන්න

    nissan-leaf-auto-electrico.jpg

    මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.

    අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා. මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා. ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා. ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්. ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික (පෙට්‍ර‍ල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා. සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්. අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා. එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්. ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා. මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා. නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.

    මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. Zero Emission කියලා කියන්නේ පෙට්‍රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි. ගෙදරට සූර්‍ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්‍ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා. ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්‍ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.

    මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න FB එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා. මත්පැන් තහනම් කරොත් ආණ්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආණ්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.

    Pubudu Indika(FB)​

    :dull::dull::dull:
    මට මේක තෙරෙන්නේ නෑ
    කොහොමද මෙහෙම වුනේ

    kkk.jpg

    මට ගණන් බැයිද සින්හළු ?
    :(:(:(
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    1. dura gaman yanna ba

    2. electricity cost eka wadi lankawe

    3. colombo city eka athule minissu 2nd car eka widihata godak welawata aran tiyenne meka (paan genna yanna wage)

    e nisa electric cars lankawata tama hariyata set wenne na. nikan pare traffic wadiwena eka witarai wenne. man nam kiyane me decision eka hodai
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Machan electric cars are like mobile phones. Latest model in this year becomes outdated in another year or so. I think government will give a full tax release when the product is well established.