උබ මොකද්ද ගන්නේ ?මේ සැරේ 415ට දුන්නැත්තං සිරාවටම ඕකුන්ට නඩු දානව
Xmen da? Hi Flash da? Sport da?
උබ මොකද්ද ගන්නේ ?මේ සැරේ 415ට දුන්නැත්තං සිරාවටම ඕකුන්ට නඩු දානව
stock thiyenne xmen, flash deka withri neda? ganna hitan inne nam xmen ekak. podi wadi habaiඋබ මොකද්ද ගන්නේ ?
Xmen da? Hi Flash da? Sport da?
ow, podi unata badu hodai, speed level 3k thiyenawastock thiyenne xmen, flash deka withri neda? ganna hitan inne nam xmen ekak. podi wadi habai
accelerator ekak nadda banow, podi unata badu hodai, speed level 3k thiyenawa

https://www.daraz.lk/products/ebike...0e.searchlist.list.56.4250597fw9H6Hf&search=1ලංකාවෙ ebike kit ගන්න තැනක් නැද්ද බං 750w motor හෝ ඊට වැඩි. තියෙන පුටාර් එකකට සෙට් කරන් පැඩල් ඇසිස්ට් පදිනවනම් පට්ට වටිනව.
accelerator ekak nadda ban![]()
Off grid system ekakuth thiyenawanam watinawa, nathnam issarahata ena power cuts ekka sure nahaKD RISE Electronic Scooter එක පිළිබඳව අත්දැකීම්..
(මා ද මෙය මිලදී ගත් අයෙකු නොවේ. කරුණාකර මිලදී ගැනීම පිළිබඳ පණිවිඩ එවීමෙන් වළකින්න. )
_____________________________________________
මිල: Rs.700,000.
(20-05-2022 දින මිලදී ගන්නා විට 475,000. ඉන්පසු 525,000 , 575,000, 650,000 ලෙස කීප වරක් මිල වෙනස් කර ඇත)
_____________________________________________
- මිලදී ගත යුතු ස්ථානය: https://www.facebook.com/kdriselk
- Office location: බත්තරමුල්ල.. යුධ හමුදා මූලස්ථානය ඉදිරිපිට.
Google map location: https://goo.gl/maps/Jdc4RsvCqgFC9DYWA- අත්තිකාරම් මුදල ගෙවීමෙන් සති තුනක් ඇතුලත සම්පූර්ණ මුදල ගෙවීමෙන් පසු Bike එක ලබා ගත හැක.
- RMV ලියාපදිංචිය: සමාගම රුපියල් 9,000 කට කරනු ඇත. (තරමක් කල් ගත වේ. මැයි 20 advance කර, මැයි 30 බයික් ලබා ගත් අපටත් තාම ලැබී නැත)
- ආදායම් බලපත්‍රය සහ රක්ෂණය: ලබාගැනීමට අවශ්‍යයි. මාස 3ක cover note එකක් ආයතනයෙන් ලබාගත හැක.
- සර්විස්: ඉතා අඩුයි
- වගකීම් කාලය: මෝටරය සහ බැටරිය වසර 3 යි. Hub & Fork වසර 1ක්
- චාජරය සාමාන්‍ය බිත්ති සොකට් වලට සම්බන්ධ කළ හැක (5A)
SPECIFICATIONS (*නිෂ්පාදකයා සඳහන් කරන පරිදි)
_____________________________________________
- බැටරිය: 60V30A (ලිතියම් LFP) අමතර බැටරියක මිල රු.170,000.
- මෝටරය: 2000W
- යා හැකි දුර: 75-85KM (බොහෝ පාරිභෝගිකයින්ට අනුව 45-60Km අතර ධාවනය වේ)
- උපරිම වේගය: 70kmph (බොහෝ පාරිභෝගිකයින්ට අනුව 55Kmph වලට වඩා නොයයි)
- ආරෝපණ කාලය: පැය 6-8
- උපරිම බර: 200Kg
- විදුලි පිරිවැය: 1KM සඳහා රු. 0.16 (ඔවුන් ප්‍රචාරණය කරන පරිදි)
මෙතෙක් අත්දැකීම්
_____________________________________________
- ඉන්දියානු ස්කූටර් වලට වඩා පැදවීමට පහසු (පසුපස shock absorbers දෙකක් ඇත)
- එන්ජින් සද්ද නැත ((වාහනයක් එන බව පදිකයන්ට සහ සතුන්ට නොදැනෙන නිසා ඉතා අනතුරුදායකයි))
- Horn button එකට ළඟා වීමට අපහසුය. (යම් කිසි අයුරකින් Horn button එක දිගු කරගැනීම සුදුසුයි)
- පැති දර්පණ පැහැදිලි නැත, replace කිරීම වඩා හොඳය.
- ගොඩනැගීමේ ගුණාත්මකභාවය සාමන්‍යයි. (සමහර කොටස් මිල අඩු ප්ලාස්ටික් බව හැඟේ, සමහර වයර් පෙනීමට ඇත)
- ආසන යට ගබඩාව ආවරණය නොවේ. (ඔවුන් පවසන්නේ එය බැටරි තාපය සිසිල් කිරීම සඳහා බවයි, දැල් සහිත ආවරණයක් සවිකරගැනීමට බලාපොරොත්තු වෙමි)
- ඉදිරිපස කකුල් තබන කොටසේ ඇති කාපට් එක ලිස්සන සුලුයි.
- Signal lights එළිය මදි වීම.
අනෙකුත් අංග
_____________________________________________
- ආරක්ෂක පද්දතිය
- Cruise Control
- දුරකථනය ආරෝපණය කිරීම සඳහා USB පෝට් එක
- වේග පාලන සීමාවන් 3ක් ඇත
- Reverse ගියර්
![]()
දැනට ඇතැම් පාරිභෝගිකයින්ට ඇතිවී ඇති කාර්මික ගැටළු
- Digital Meter එකෙහි Mileage නිවැරදිව නොපෙන්වීම
- Battery Bars නිසි ලෙස නොපෙන්වීම. (60KKM+ දුර පැදීමෙන් පසු එක එකවර නතර වීම සිදු වී ඇත
- විදුලි පහන් දැල්වූ විට Bike එක ධාවනය නොවීම (එක් අයෙකුට)
- වේගය 50km වලට වඩා අඩු වීම.
- 75-85KM ලෙස යා හැකි දුර සඳහන් කලත් සත්‍ය ලෙස 45-60KM අතර ප්‍රමාණයක් ධාවනය වීම
- වලක වැටුනු විට බැටරිය සවි කර ඇති ස්ථානයෙන් ගැලවීම (දෙදෙනෙකුට)
* ආයතනය විසින් පැති කණ්ණාඩි සහ DIGITAL METER එක REPLACE කර දෙන බවට පවසා ඇත
අලෙවියෙන් පසු සේවාව දැනට හොඳ මට්ටමේ පවතී..
_____________________________________________
PS
වෙනස් මෝටරයක් සහ බැටරියක් සහිත එකම මාදිලිය Alibaba.com මත පවා තිබේ
ඔව්, මෙය චීන නිෂ්පාදනයක්. නමුත් වත්මන් තත්ත්වය සමඟ කෙටි දුර ගමන් සඳහා හොඳ විකල්පයක්.
පළමු වාහනය ලෙස පෞද්ගලිකව නිර්දේශ කළ නොහැක. දැනට වාහනයක් තියෙන අයෙකුට පෙට්‍රල්/ඩීසල් වියදමකින් තොරව, පෝළිම් වල සිටීමකින් තොරව කෙටිදුර ගමන් සඳහා වඩා සුදුසුයි.
දැනට petrol bike එකක් පදින අයෙකු නම් ඒ performance බලාපොරොත්තු නොවන්න. ඒ වගේම මෙය stunt bike එකක් නොවන බවත් මතක තබා ගන්න. දැනට ඇති bike එකක් විකුණා මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් දෙවරක් සිතන්න.
Update: 25-06-2022
මා ඇතුලු කිහිප දෙනෙකුගේ බයික් වල Meter panel repalce කරන ලදී. Replace කරනු ලැබූ මීටර් පැනලයෙහි Voltage Meter එකක් අඩංගු වන අතර දැනට එය අධ්‍යයනය කිරීමෙන් බැටරි මට්ටම සිතා ගැනීමට සිදුවේ. පසුව LCD මීටර් පැනලයක් සවි කරන බවට Engineer පවසන ලදී.
පැරණි මීටරයෙහි උපරිම වේගය 46kmph පමණ වුවත් නව මීටරයෙහි එය 56kmph පමණ යන බව දක්වයි. මීටර් පැනලය සවි කිරීමේදී පැරණි මීටර් පැනලයෙහි තිබූ Milage එක Reset විය
ow ekanam aththaOff grid system ekakuth thiyenawanam watinawa, nathnam issarahata ena power cuts ekka sure naha
ඔන්න මචන් රන්දිප මේපාරත් බලු වැඩේ කරා, ඇඩ්වාන්ස් කරපු උන්ට කෝල් කරලා කියලා , උබේ බයික් එක ලැබුනද?මේ සැරේ 415ට දුන්නැත්තං සිරාවටම ඕකුන්ට නඩු දානව
මටත් අද කෝල් කරා. දැන් සතියකට කලින් බයික් එක දෙන්නං කියල බයික් එකේ ෆොටෝස් එවලා එකපාරට අද කතා කරල කියනව ලක්ෂ 5ක් ගෙවන්නලු. දැන් මේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරල ගේම ඉල්ලන්න ලෑස්ති වෙන ගමන්. උන් එකෙක්වත් ෆෝන් උස්සන්නෑ. ඕක අතාරින්න එපා මචන්. ඇඩ්වාන්ස් ගෙවපු රිසිට් එක ඉල්ලගන්න.New Price Update
Randeepa Yadea Xmen - 515,500 - was 315500, Then 415,500, Now 515,00 (allmost all bikes sold out)
Rise Leader Bike - 700,000 - was 575000 then 650,000 now 700000
ඔන්න මචන් රන්දිප මේපාරත් බලු වැඩේ කරා, ඇඩ්වාන්ස් කරපු උන්ට කෝල් කරලා කියලා , උබේ බයික් එක ලැබුනද?
බැටරි ආපහු ගණන් ගියා කියලා ලක්ෂයක් ගණන් උස්සලා, එපාම කරපු කළු කඩයක්, වෙන කරන්න දේකුත් නෑ