--Electroconvulsive Therapy (ECT)--
අද මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 10යි... ඒක නිමිත්තේන් දාන්න හිතුව ත්‍රෙඩ් එකක්, ලොකු ත්‍රෙඩ් එකක් කරන්න හිතුවත් වෙලාවක් හම්බුනේ නැහැ... ඒ හින්දා මම හිතුවා කට්ටිය අහපු දෙයක් ගැන පොඩි විස්තරයක් දාන්න..
ඒ තමයි Electroconvulsive Therapy (ECT)...
මේ මොකද්ද, මේකෙන් මොකද්ද කරන්නේ, මෙක safe ද? වගේ දෙවල් මගෙන් ගොඩක් අය ඇහුවා..
මම කලින් ත්‍රෙඩ් වල කතා කල මානසික රෝග වලට ඖශද බලපෑම , හා CBT ගැන... බලපු නැති අයට මම ලින්ක් එක දාන්නම්...
හරි.. මොකද්ද මේ ECT???
* මේකෙදි වෙන්නේ අපි මොලය හරහා ඉලෙක්ට්‍රෝඩ මාර්ගයෙන් කරන්ට් එකක් යවනවා,, යවල අපි ඒතුලින් ෆිට් එකක්(seizure) එකක් ඇති කරනව, මෙමගින් අපේ තියෙන මානසික රෝගී ලක්ශන අඩු කිරීමක් කරන්ව... තව දුරටත් මම මෙය විස්තර කරන්නම්..
එහෙනම් මොනවගෙ වෙලාවටද මේක කරන්නේ?
1. සිය දිවි හානි කර ගැනීමේ දැඩි සිතුවිල්ලක් සහිත අදික විශාදය තත්වයකදී (Severe depression with suicidal tendancy)
2. කාලයක් තිස්සේ මානසික රෝගයක් සදහා ඖශද හා මනෝ චිකිත්සාව (Psychotherapy/ CBT) කොට අසාර්තක නම්/ කිසිම හොදක් නැත්නම් කියන්න පුලුවන්.
3. අදික Mania හෝ Schizophrenia තත්ව..
4. තවත් හේතු තියෙනවා, නමුත් ඒවා බහුලව දක්නට නොලැබෙන නිසා මම ඒ ගැන කියන්නේ නැහැ.
ඒ වගෙම තමයි මෙන්න මේ තත්ව යටතේ ECT කිරීම තහනම්, ඒ තමයි.
1. රෝගියා සිහි නැති කරවීමට නුසුදුසු අයෙක් නම් (පරීක්ශන මගින් වෛද්‍යවරය මෙය තීරනය කරයි )
2. පසුගිය මාස 6ක් ඇතුලත් හෘදයාබාදයක් ඇතිවී ඇත්නම්.
3. මොලයේ නාල වල ඉදිමුමක්, පීඩනයේ වැඩිවීමක් හෝ මොලයේ රුදිර වහනයක් වී ඇත්නම්/ ආඝාත (Stroke) තත්වයක් ඇතිවී ඇත්නම්..
ඒ නිසා ECT කිරීමට පෙර, රෝගියා පිලිබදව ඉතා ගැඹුරින් සොයා බැලිය යුතුයි, අවශ්‍යය පරීක්ශන කල යුතුයි, ඒ වගෙම මෙහි වාසි, අවාසි ගැන පැහැදිලි කරගත යුතුයි..
වාසි , අවාසි????? ඔව් හැම ක්‍රමයකම වගේ මේකෙත් අවාසි තියෙන්වා... අපි බලමු ඒවා ගැන.
වාසි...
1. සාර්තකයිනම්, ඉතා ඉක්මනින් රෝගියාගේ ලක්ශන වල අඩුවීමක් දැකගන්න පුලුවන්.
2. මෙමගින් සිය දිවි හානි කරගැනීම වලක්වාගත හැකියි.
අවාසි...
1. මෙය රෝගයට ස්ථීර විසදුමක් නොවෙයි, ඒ නිසා නැවත පෙර තිබූ තත්වය ඇතිවීමට පෙර අනෙකුත් ඖශද හා මනෝ චිකිත්සා ක්‍රම භාවිතා කල යුතුයි.
2. තාවකාලිකව මතකය නැති වීමක් වෙන්න පුලුවන්.. (නමුත් මෙය දින කීපයකින් යතා තත්වයට එනවා )
3. ඊට අමතරව තාවකාලිකව ක්ලාන්ත ගතියක්, කරකවිල්ලක් වගෙ එන්න පුලුවන්.
මම හිතනවා මේක ගැන මීට වඩා ගැඹුරට දැන ගත යුතු නැහැ කියල,, මතක තබාගන්න,, සාමන්‍ය තත්ව වලට ප්‍රතිකාර ක්‍රමයක් නොවෙයි ECT කියන්නෙ,,,
හොදයි, මම මෙතනින් මේ ගැන නවත්තන්නම්, ප්‍රශ්න තියෙන අය PM or Comment එකක් දාන්න,
වෙලාවක් අරන් කියෙව්වාට ස්තූතියි.
හොදනම් රෙප් එකක් දීල යන්න.
ස්තූතියි... සුබ දවසක්
මානසික රෝග වලට ඖශද බලපෑම මෙතනින් බලන්න...
CBT මෙතනින් බලන්න.


