Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මේක මම කලින් තැනක් දැම්මද කොහෙද?

    ඔන්න වැඩේ තේරෙන අයට

    http://www.mediafire.com/view/vvm94l82odoi5g7/CMOS.pptx


    2vtza7l.jpg
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    welawak ne ban

    අව්ලක් නැ සහෝ

    ela machan countinu karapana digatama Puluwannnam Artical eke PDF file ekak daapan down karagena kiyawanna, Print ekak daaganna wage. oyawage ewata eka sehenna watinawa.

    Onna rep dunna.......

    එල මචං .ට්‍රයි එකක් දෙන්නම් PDF අප්ලෝඩ් කරන්න
    පෙරලා සැලකුව


    ස්තුතියි

    මේක මම කලින් තැනක් දැම්මද කොහෙද?

    ඔන්න වැඩේ තේරෙන අයට

    http://www.mediafire.com/view/vvm94l82odoi5g7/CMOS.pptx


    2vtza7l.jpg

    ඩවුන් කරගත්ත .නිවාඩු පාඩුවේ කියවල බලන්න ඕන
     
    • Like
    Reactions: isuru r

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    නිවාස වයරින් පරිපථයක අලුත්වැඩියාව හෝ බල්බයක්/ප්ලග් බේසයක් සවි කිරීම

    images


    ඔබේ නිවසට ක්‍රමානුකුලව විදුලි බලය ලබාගෙන තිබුනත් , ඔබේ අවශ්‍යතාවයන් සඳහා නැවත ප්ලග් බේසයක් හෝ බල්බයක් ක්‍රමානුකුලව සවි කිරීමට සිදුවිය හැක.ඒ සඳහා කටයුතු කිරීමට නම් නිවසේ විදුලි පරිපථය පිලිබඳ සාමාන්‍ය දැනුමක් හෝ ලබා සිටිය යුතුමය .මෙය සාමන්යෙන් විශාල නිවෙසක් නම් එහි විදුලි පරිපථ කිහිපයකට වයරකර තිබිය යුතුවේ.මේ සඳහා ෆියුස් පෙට්ටියක් යොදනු ලැබේ

    මෙහි එක් ෆියුසයක් මගින් එක් පරිපථයක් ක්‍රියා කෙරේ.ෆියුස් පෙට්ටියේ අඩංගු ෆියුස් සියල්ල එක් පැත්තකින් බස්-බාර් නම් ලෝහ දණ්ඩ සවිකර ඇත. මේන් ස්විචය සිට පැමිණෙන සජීවී කම්බිය සවි වන්නේ මෙම ලෝහ දණ්ඩටයි .අදාළ පරිපථයට සජීවී කම්බිය සවිවන්නේ මෙහි ෆියුසයක් මගිනුයි (පර්පතයේ සිට පැමිණෙන සජීවී කම්බිය ෆියුසයක අනෙක් කෙලවරට සවි කරනු ලැබේ) මෙම ෆියුස් පෙට්ටියේම වම පස පහලින් පිහිටි කුඩා දණ්ඩකට මේන් ස්විචයේ සිට පැමිණෙන උදාසීන කම්බිය සවි කරනු ලැබේ .පරිපථවල සිට පැමිණෙන උදාසීන කම්බි සියල්ලද සවි වන්නේ මෙම ලෝහ දණ්ඩටමය .මෙය පහත රුප සටහනින් වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකිය


    u9EFTVMl.jpg


    ෆියුසයේ සිට පරිපථය වෙත ගමන් කරන සජීවී කම්බිය කෙලවර වන්නේ ස්විචයෙනි. ස්විචයේ සිට සිලිං රෝසය දක්වාද සජීවී කම්බිය සඳහා වයරයක් සවි කරනු ලැබේ . උදාසීන කම්බිය ෆියුස් පෙට්ටියේ සිට සිලිං රෝසය කරා ගෙන යනු ලැබේ . එම කම්බි කෙලවර වන්නේ සිලිං රෝසයෙනි . මේ නිසා යම් කාමරයක් තුල ප්ලග් බේසයක් හෝ මේස ලාම්පුවක් වැනි දෙයකට වයර් යොදන්නේ නම් , ඒ සඳහා අවශ්‍ය සජීවී කම්බිය ස්විචයෙනුත් , උදාසීන කම්බිය සිලිං රෝසයෙනුත් ලබාගත යුතුය . ප්ලග් බේසයක් සවිකර තිබුණි නම් , එහි සජීවී උදාසීන කම්බි දෙකම යොදා තිබෙන හෙයින් , අදාළ බල්බය හෝ ප්ලග් බෙසය සඳහා සජීවී උදාසීන වයරයන් එම ප්ලග් බේසයෙන්ම ලබා ගත හැක


    ඔබ ප්ලග් බේසයක් සවිකරන්නේ නම් එහි දකුණු පස ටර්මිනල් (ඇණයට ) එකට සජීවී කම්බියක් , වම්පස ටර්මිනල් එකට උදාසීන කම්බියක් සවි කරන්න. උඩින්ම තිබෙන ටර්මිනල් එකට අර්ත් වයරය සවි කල යුතුය . බල්බයක් සවි කරන්නේ නම් , සජීවී කම්බිය ස්විචයට සවිකළ යුතුය .උදාසීනය කෙලින්ම හෝල්ඩරයට සවි කල හැක


    AC විදුලිය සඳහා ස්විචයක් යෙදීමේදී අනිවාර්යෙන්ම සජීවී කම්බිය ස්විචයට සවි කල යුතුය. එසේ නොමැති වූ විට හෝල්ඩරයක් සවි කිරීම , ගැලවීම වැනි දෙයකදී විදුලිය ශරීරගත වී අනතුරු සිදුවිය හැක. එම වයරය එසේ ස්විචයට සවි කල පසු එය off කල විට ඉන් ඉදිරියට විදුලිය ගමන් නොකරන නිසා එහි කෙලවර සවිකර තිබෙන හෝල්ඩරය ගැලවීම සවි කිරීම යනාදිය අනතුරු රහිතව සිදු කල හැක . උදාසීන කම්බිය ශරීරගත වුවාට අනතුරු සිදුවන්නේ නැත

    images


    විදුලිය සපයා තිබෙන නිවසක බල්බ් 5ක් 6කින් පමණක් සමන්විත නම් ,මෙය එක පරිපතයකට වයර් කල හැක . මෙයට ට්‍රිප් ස්විචයක්ද යොදන්නේ නම් , D Board හෙවත් ෆියුස් පෙට්ටියක් දීම අවශ්‍ය නොවේ.මේන් ස්විචය තුල ෆියුසයක් ඇත . එම පරිපථයට එම ෆියුසය ප්‍රමාණවත්ය .ට්‍රිප් ස්විචයක් නොයොදන්නේ නම් පරිපථ දෙකක් සඳහා යෙදීමට ෆියුස් දෙකෙන් යුත් මේන් ස්විච්ද ඇත . එවිට කල යුත්තේ පරිපථ දෙකෙන් පැමිණෙන සජීවී කම්බි, මේන් ස්විචයේ ෆියුස් දෙකට සවි කිරීමයි .
    D Board එක සවිකරන කාමරයෙන් නැවත ප්ලග් බේස් හෝ බල්බයකට වයර් කරන්නේ නම් ,අදාළ සජීවී සහ උදාසීන වයර් එම ස්ථානයටද සවි කල හැක​

    images


    වොට් ප්‍රමාණය වැඩි බල්බ පාවිච්චි කිරීමෙන් වැඩිපුර විදුලිය වැයවන හෙයින් ඔබේ විදුලි බිල සඳහා වැඩියෙන් ගෙවීමට සිදුවේ
    එමෙන්ම වැඩි ආලෝකයෙන් කටයුතු කිරීම නිසා ඔබේ ඇස්වල පෙනීමද දුර්වල විය හැක . මේ නිසා ඔබට පසුව අඩු ආලෝකයෙන් කටයුතු කිරීම අපහසු විය හැක
    cfl-incandescent-bulb-cartoon.jpg


    ඔබ විදුලි මාර්ගයට සම්බන්ද කිසියම් ක්‍රියාවක් කරන්නේ නම් එහි මේන් ස්විචය ඕෆ් කිරීමට මතක තබා ගන්න . එසේ මේන් ස්විචය ඕෆ් කිරීමේදී ගෘහස්ත පරිපථයට සම්බන්ද සජීවී ,උදාසීන සම්බන්දතා විසන්ධි වේ . එමෙන්ම ඔබේ ශරීරය තෙතමනයට පත්ව සිටිනවිටදී එම ක්‍රියාකාරකම් වලින් වැලකි සිටින්න . ඔබ වෙනත් අයෙකුගේ නිවසක විදුලි මාර්ගයේ යම්කිසි ක්‍රියාකාරකමක් කරන්නේ නම් , එහි මේන් ස්විචය ඕෆ් කර ,ෆියුසයද ගලවා තමා ළඟ තබා ගැනීම නුවණට හුරුය . නිවසේ වෙනත් අයෙක් පැමිණ ඔබ විදුලි මාර්ගයේ වැඩ කරන බව නොදැන මේන් ස්විචය ඔන් කලත් ඉන් ඔබට අනතුරක් සිදු නොවේ​

    702wire.1.jpg



    ඔන්න එකත් ඉවරයි .මම හිතෙනවා මේකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා.මොකද ඉලෙක්ට්‍රොනික් කියද්දී පොඩි පොඩි සර්කිට් විතරක්ම.මම හිතනවා ගෙයක් වයරින් කරන හැටි ගැන පොඩිහරි අවබෝධයක් ලැබුනා කියල .අයෙත් කියන්නේ ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා හැමෝටම අරාධනා කරනවා මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න කියල .ඉලෙක්ට්‍රොනික් ගැන දැනගන්න ආස අයටත් කියන්නේ දිගටම ත්‍රෙඩ් එකත් එක්ක ඉන්න .වැඩේ හොඳයි නම් බම්ප් එකක් දාල සලකල යන්න :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: laMir and IDG

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මම දාපු පොස්ට් වල වැරදි තියනවනම් මාව නිවැරදි කරන්නන කියල කාරුණිකව ඉල්ලනවා
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    thanksss

    වටිනා ත්‍රෙඩ් එකක් මචං දිගටම කරගෙන යමු
    REP+12

    අනිවා මචන්

    ගයාන් ලක්මාල්;18338314 said:
    buuuuuuuuuuuuuump

    තැන්ක්ස්

    Snubbers ගැන , resonant converters ගැන එහෙම මොනවද දන්නේ ?

    අනේ නෑ බන්.උබ දන්නවනම් ඔය ගැන පෝස්ට් එකක් දාන්න
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    LED පරිපථ​

    leds.jpg

    LED යනු Light Emitting Diode යන වචන තුනේ මුලකුරු ගෙන සැදුනකි .ඩයෝඩයක පාද දෙකකි . එය ඇනොඩ සහ කැතොඩ ලෙස හඳුන්වයි . දයෝදයක් තුලින් පෙර නැඹුරු කිරීමේදී විදුලිය ගලා යයි . පසු නැඹුරු කිරීමේදී ඒ තුලින් විදුලිය ගලා නොයයි . අධික ප්‍රතිරෝදයක් දක්වයි . LED වලද මේ ගුණය එසේම පවතී . එහෙත් පෙර නැඹුරු කිරීමේදී ඒ තුලින් විදුලිය ගලා යන්නා සේම ආලෝකයක් විහිදවිම LED සතු විශේෂ ගුණයක් ලෙස සැලකේ . මේවයේ පාද හඳුනා ගැනීම සඳහා ඇනොඩ පාදය දිගින් තබා කැතොඩ පාදය කෙටියෙන් තබා ඇත.මේ තුලින් විදුලිය ගලා යාම (ආලෝකය විහිදුවිම) සඳහා අනෝඩයට ධන විදුලියත් ,කැතොඩයට ඍන විදුලියත් ලබාදිය යුතු වේ . එම පාද දෙකට විදුලිය මාරුකර සැපයීමෙන් LED විනාශ වීමටද පුලුවන

    නොයෙක් හැඩයෙන් සහ ප්‍රමාන කීපයකින් නිමවූ LED ඇත. විවිධ වර්ණ ආලෝක නිකුත් කරන LED ලබා ගත හැකි අතර එක LED යෙන් වර්ණ කිහිපයක් නිකුත් කරන ඒවාද ලබාගත හැක . වර්ණ දෙකක් නිකුත් කරන LED වල බාහිර පාද තුනක් ඇත.මේවායේ ඇනොඩ දෙකක් වන අතර කැතොඩ එකකි. කැතොඩයට ඍන විදුලිය සපයා එක අනොඩයකට ධන විදුලිය සැපයු විට එක වර්ණයකුත් , අනෙක් ඇනොඩයට ධන විදුලිය සැපයු විට වෙනත් වර්ණයකුත් නිකුත් කෙරේ . පහත රුප සටහනින් LED සංකේතය සහ බාහිර පෙනුම පෙන්වා ඇත​

    3dZMmR8l.jpg


    වර්තමානයේ ඇනොඩ කැතොඩ පාද දෙකෙන් යුත් එහෙත් එම පාදයන්ට ධන ඍන මාරුකර විදුලිය සැපයීමෙන් වර්ණ දෙකක් ලබාගත හැකි LED ද වෙළඳපොලේ ඇත​

    multi-color-leds-250x250.jpg


    ඔන්න එකත් ඉවරයි .මම හිතෙනවා මේකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා.මම හිතනවා ඔයාලට LED ගැන පොඩිහරි අවබෝධයක් ලැබුනා කියල .අයෙත් කියන්නේ ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා හැමෝටම අරාධනා කරනවා මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්න කියල .ඉලෙක්ට්‍රොනික් ගැන දැනගන්න ආස අයටත් කියන්නේ දිගටම ත්‍රෙඩ් එකත් එක්ක ඉන්න .වැඩේ හොඳයි නම් බම්ප් එකක් දාල රෙප් වලින් සලකල යන්න:cool::cool::cool:
     
    • Like
    Reactions: KingCM