Ella train booking

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    1st time meka karanna hadanne. Mage yaluwo set ekak enawa next month. Munta kandy idala ellata train eke yanna ona kiyanawa. 1st class observation onalu
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ටිකට් බුක් කරන්න ඔන්ලයින් බෑ නේද බන්. රෑ 12ට ඕපන් වෙච්ච ගමන් සේරම බුක් වෙලා කියලා වැටෙන කේස් එකක් තියනවා. ස්ටේෂන් එකක් හරහා බුක් කරද්දි මාසෙකට කලින් බුක් කරන්නත් ඕනිලු බන්. ඒ කියන්නේ උබ සැප්තැම්බර් 10 ටිප් එක යනවානම්, අගෝස්තු 10 ගිහින් බුක් කරන්න ඕනේ. අගෝස්තු 11ගිහින් බුක් කරොත් ලැබෙන්නෙ සැප්තැම් බර් 11. මාර සිස්ටම් බන් මෙව්වා, මේක ඇහුවම මටත් පිස්සු වගේ. මුන් ටීකට් ටීක කලින් හොරාට බුක් කරලා වැඩීමිලකට අත යටීන් විකුනනවා වගේ පේනවා.
     
    • Sad
    Reactions: Duckduck

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    Online නං seat book කරගන්න ගොඩක් වෙලාවට අමාරුයි. හැමදාම උදේ 10ට තමා අලුත් seats on වෙන්නෙ. 10 ඉදන් විනඩියක් යනකොට ඔක්කොම වගේ ඉවර වෙනව. Next month නං යන්නෙ දැන්ම try කරපන් හරියටම උදේ 10ට සෙට් වෙලා ඉදපන් seat ටික select කරගන්න webpage එක on කරගෙන ID අනන් මනන් copy කරගෙන ඒ වෙලාවෙ payment එක කරන්න card එක එහෙම browser එකට add කරල තියාගන්න නැත්තං ඕව බලල type කරනකොට tickets ඉවරයි.
    ඉතින් ඕක තමා අවුල kandy ඉදන් උඩට යනව නං train එකේ.

    ඊට වඩා ටිකක් ලේසි විදිහක් තියනව උඩ ඉදන් පහළට එනකොට seats ඉතුරු වෙනව. ඒ කියන්නෙ බදුල්ලෙ ඉදන් kandy වලට book කරගන්න ලේසි. හැබැයි බදුල්ලෙම වෙන්න ඕන මොකද ඇල්ලෙන් බණ්ඩාරවෙලින් බෑ ඒවයි book වෙනව foreigners ල.
    ඒ නිසා හොඳම වැඩක් තමා කරනව නං trip එක යැවෙන්නෙ උබලගෙ vehicle එකක නං උඩට ගිහින් උබල යන තැන් වල රවුම් ගහල අන්තිමට බදුල්ලට final destination එක දාගන්න එක.

    මොකද එහෙත් බලන්න දේවල් තියන්වනෙ දිය ඇලි එහෙම. ඊට පස්සෙ එදා දවසෙ බදුල්ලෙ ඉන්න. station එක ගාවම තැනක් book කරගෙන ඉන්න එක ලේසි. train time එකට station එකට එන විතරයි තියෙන්නෙ. ඇල්ල odyssey එක start කරන්නෙ 8.30ටද කොහෙද බදුල්ලෙන්. ඒකෙත් යන්න පුළුවන්. නැත්තන් තව උදේ 5.45ටද කොහෙදත් තියනව train එකක් තව උදේ 10.40ට වගෙ තියනව එකක් මතක විදිහට ඕවගෙ යන්න ලේසි time 4 5ක් තියනව.

    ඒ නිසා හොදම දේ කරදරයක් නැතුව book කරගන්න නං බදුල්ලෙ ඉදන් kandy වලට එන එක. Trip එක plan කරගන්න උබලගෙ vehicle එකක යනව නං එහෙමයි පහළ ඉදන් trip එක රවුම් ගහල බදුල්ලට එන්න දාගත්ත, උබලගෙ වාහනේක නං එන්නෙ බදුල්ලෙදි driver ට කියන්න වාහනේ අරගෙන kandy වලට ඇවිල්ල ඉන්න කියල. උබල train එකේ වරෙන්. මම එහෙමත් දැකල තියනව කට්ටිය බදුල්ල station එකේ. උන්ගෙ වාහන වලින් trip ඇවිල්ල බදුල්ලෙදි train එකේ පොඩි දුරක් ඇවිල්ල මගින් නගිනව.