END OF දුස්රා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තරිඳුගේ දුස්රාවට ජාත්‍යන්තර තහනමක්

    150902091004_tharindu_kausal_cricket_512x288_bbc_nocredit.jpg


    ශ්‍රී ලංකා පිළේ නවක දඟ පන්දු ක්‍රීඩක, 22 හැවිරිදි තරිඳු කෞෂාල්ගේ "දුස්රා" පන්දුව යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
    පසුගිය දා ඉන්දියාව සමග ඊයේ පැවති තුන් වැනි හා අවසන් ටෙස්ට් තරඟයේ ඔහු යැවු පන්දු කිහිපයක ඉරියව්ව සැක සහිත බව තරග විනිසුරුවරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර තිබුණි.
    ඒ අනුව තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්ෂා කළ අතර එම පරීක්ෂණ වාර්තාව අනුවයි ඔහුට "දුස්රා" පන්දුව යැවීම තහනම් කර තිබෙන්නේ.
    එම පරීක්ෂණ වාර්තාවට අනුව තරිඳු කෞෂාල් සාමාන්‍යයෙන් යවන පිට දඟ පන්දු හා අනිකුත් පන්දු නිත්‍යානුකුල බවට ඔප්පුවී තිබේ.

    මෙම "දුස්රා" ලෙස හඳුන්වන පන්දුව මුලින්ම යවනු ලැබුවේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වන අතර එහිදී සිදුවන්නේ සාමාන්‍යයෙන් පන්දුව දඟ කැවෙන පැත්තට නොව අනිත් පැත්තට පන්දුව දඟ කැවීමයි.
    මේ වන විට දුස්රා පන්දුව යවනු ලබන පිට දඟ පන්දු යවන්නන් සියළු දෙනාටම පාහේ පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල වී ඇති අතර එම පන්දුව යැවීමට නම් අනුමත අංශක 15 සීමාවට වඩා අත නැවීමට සිදු වන බවයි ක්‍රිකට් විචාරකයන්ගේ අදහස.
    මුරලිදරන්ගෙන් පසු "දුස්රා" පන්දුව හොදින්ම යැවු පකිස්ථානයේ සයිඩ් අජ්මාල් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුනිල් නරින්ද එම පන්දුව හේතුවෙන් තරග තහනම් වලට ලක්විය.
    ශ්‍රී ලංකාවේ තරිඳු කෞෂාල්ට "දුස්රා" පන්දුව නොයවා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට එක්විය හැකි නමුත් එම පන්දුව ඔහු නොයවන බව පිතිකරුවන් දන්නා නිසා ඔහු කලින් දැක්වූ දක්ෂතා අතරට පැමිණීමට හැකිවේද යන්න ප්‍රශ්නාර්ථයකි.



    bbc-blocks-dark.png