eNews ලංකා ඊ නිව්ස් ජාතියෙන් සමාව ගත යුතුය MY3

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    eNews ලංකා ඊ නිව්ස් ජාතියෙන් සමාව ගත යුතුය MY3

    මේ රට මෙවැනි ආගාදයකට හෙලීම වෙනුවෙන් MY 3 පාලනයක් වෙනුවෙන් පෙනී සිටි, පොදු ජනතාව ජන්දය දීමට පොලබවනු ලැබූ ටෝය්යන් සහ ඊ (නියා) නිවුස් වැනි ජඩ මාද්‍ය ජාතියෙන් සමාව ඉල්ලිය යුතුය !


    ලංකා ඊ නිව්ස් -2018.නොවැ.24, ‌පෙ.ව.7.05) මම ඇසුරු කරන එක් මිතුරෙක් එක් දවසක් මට මෙසේ පැවසීය. “මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කියන්නේ මහ අමුතු කෙනෙක්. උදේට ගෙදරට එන පත්තර සෙට් එක එයාට කළින් වෙන කෙනෙක්, අඩුම තරමින් එයාගේ දරුවෙක් වත් බැලුවොත් ආයේ දෙකක් නෑ පත්තර සෙට් එක එළියට වීසි කරනවා. ඒ හින්දා ගෙදර අය පත්තර බලන්නේ එයා බලලා ඉවර වුනාට පස්සෙයි. ඒ වගේ තමයි කෑම කන්න ගියාමත්. එයා කළින් කන්ඩ ඕනැ. අනිත් අය ඊට පස්සේ...”

    සාමාන්‍යයෙන් මෙහෙම අය ඉන්ඩ පුළුවන්. ඒත් රටක නායකයෙක්.. අනිත් අය ඉස්සරහාට ඇවිත් මානව දයාව, කරුණාව පිරිච්ච, අනිකාගේ දුක දන්න කෙනෙක් වගේ රඟපාන නායකයෙක්.. එහෙම වෙන්න පුළුවන්ද?

    ඇත්තටම එහෙම වෙන්ඩ පුළුවන්. එහෙම අය ඉන්නේ දැන් අපේ රටේ එක්කෙනයි. ඒ මෛත්‍රීපාල ජනාධිපතිවරයාම පමණයි. පසුගිය දිනවල ඔහුගේ සොහොයුරා කිව්ව කතාවකුත් කියන්නම්..

    “මාළු තියෙන්නේ ගගේ මුහුදේ තමයි”
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අම්මා මැරෙන්නේ ඔහු උපන් දවසේමයි. ඊට පස්සේ දරුවා බලාගන්න කෙනෙක් නැති නිසා ඔහුගේ පියා තම බිරිඳගේ නංගිව විවාහ කර ගන්නවා. ඩඩ්ලිලා, වැලි රාජු ලා ගේ අම්මා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පුංචි අම්මා.. කුඹුරට යන තාත්තා හවසට ඇවිත් දරුවන්ගෙන් විශේෂයෙන් ඩඩ්ලිගෙන් අහනවා “පුතේ කෑම කෑවාද”? කියළා.. පුංචි ඩඩ්ලි “ඔව්” කියනවා. “මාළුත් කෑවා ද” කියා තාත්තා අහපුවාම ඔහු දෙන උත්තරය තමයි “මාළු තියෙන්නේ ගගේ මුහුදේ තමයි” කියළා.

    තාත්තා අම්මාගෙන් අහනවා “ඇයි ළමයින්ට මාලු දුන්නේ නැත්ද”? කියළා. ඇය කියනවා දුන්නා කියළා. නමුත් දරුවෝ කියනවා “මාළු දුන්නේ නැහැ” කියළා. තාත්තා අර අසරණ කාන්තාවට “හිටු….. පරට්ටි” යැයි කියමින් ගේ වටේ එළව එළවා පහර දෙනවා..

    තම අම්මාට (කුඩම්මාට) එළවා එළවා පහර දෙන තාත්තා දකින කුඩා මෛත්‍රීපාල සිරිසේන අත්පුඩි ගගහා හිනා වෙනවා.. “කොහොමද මගේ ගේම් එක” ඔහු කියනවා.

    ඒ කියන්නේ තම සහෝදරයින්ගේ පිඟන්වල තිබුනු මාලු කෑළි ටික ඔක්කොම කාපු සිරිසේන තම මව සේ හදා වඩා ගත් කුඩම්මාට තාත්තා ලවා පහර දෙන්නට සැලසුම් කරන්නේ ඒ විදියට...

    එහෙම බලන කොට මට මතක් වෙන්නේ ගමේ භාෂාවෙන් කියන කතාවක්.

    “තමන්ගේ අම්මගේ ඇගේ මාළු කන එකා අනුන්ගේ අම්මගේ ඇටයක්වත් ඉතිරි කරයිද” ? යන ගැමි කතාව.

    ඇත්තටම එහෙම හිතන කොට තමයි මට මතක් වුනේ අපේ රටේ කවුරුවත් මේ පුද්ගලයාව නිවැරදිව තේරුම් ගත්තාද? කියන එක. 2015 ජනාධිපතිවරණයට පෙර මහින්ද කඳවුර නියෝජනය කළ දයාසිරි ජයසේකර මහත්තයා මෛත්‍රීපාල සිරිසේන ගැන කිව්ව කතාවක් ඔබට මතකද?

    “මෛත්‍රීපාල නයෙක්”
    2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමා පාඨය වුනේ “මෛත්‍රී පාලනයක්” යන්නයි. දයාසිරි ඊට අර්ථ කථනය දුන්නේ “මෛත්‍රීපාල නයෙක්” යනුවෙනුයි. දයාසිරි ජයසේකර යනු දුරින් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ බිරිඳ ජයන්ති සිරිසේන පාර්ශ්වයෙන් මෛත්‍රීපාලට නෑකමක් ඇති කෙනෙක්. එහෙම නිසා මෛත්‍රීපාල යනු නයෙක් යන්න ඇතැම් විට ඔහු දැනගෙන සිටියාද වියහැකියි. සැබවින්ම ඔහු පහර දෙන්නේ සැඟවී සිට මිස එළිපිට නොවේ. එළිපිට ඉතාමත් කුළුපගව සිටින ඔහු යටින් සිනාසෙන වියරු පුද්ගලයෙකි. ඒ බව දයාසිරි දැන සිටියේය.

    මහින්ද රාජපක්ෂ මහතා පැත්තෙන් ගත්විට ඔහු ද දරුණු පුද්ගලයෙක් වුවත් ඔහු සැඟව සිට පහර දෙන්නෙක් නොවේ. ඔහු ප්‍රහාර එල්ල කරන්නේ මුහුණට මුහුණ ය. ඒ අතින් බලන විට මහින්ද යනු දරුණු වුවත් මෛත්‍රීපාලට වඩා සංවේදී පුද්ගලයෙකි.

    ජනාධිපති කාර්යාලයේ සේවය කරන මගේ මිතුරෙක් කී කතාවකි මේ. මෛත්‍රීපාල මහවැලි අමාත්‍යවරයාව සිටි සමයේ රාත්‍රී 07.00ට පමණ මගේ මිතුරා ලිපි ගොනුවක් බාරදීම සඳහා මෛත්‍රිපාල මහතාගේ නිවසට ගොස් තිබේ. ඒ යනවිටත් මුළු නිවසම අන්ධකාරයේ ගිලී තිබී ඇත. ඉදිරිපස ආරක්ෂක අංශ විසින් ඔහු හඳුනාගෙන නිවසට යන ලෙස දැනුම් දී ඇති අතර නිවස ඉදිරිපිට ගහක් අසල බංකුවක් මත අඳුරේ මදුරුවන් තළමින් සිටින කාන්තාවක් දැක ඇත. ලංව බැලු කළ ඇය ජයන්ති සිරිසේන බව ඔහු හඳුනා ගත්තේය.

    “ඇයි මැඩම්... වටේම ගෙවල්වල ලයිට් තියෙනවානේ... මෙහේ ලයිට් නැද්ද.”.ඔහු ඇසීය.

    “නෑ පුතා... මං මේ නිකං එළියට ආවා.. මොකක්ද ඇමැතිතුමාට ෆයිල් එකක්ද”? ඇය ඇසුවාය.

    “ඔව් මැඩම්” යැයි කියු හෙතෙම එළියට ගිය විට නිවසේ සිටි ආරක්ෂකයා ඔහුට පසුව දුරකථනයෙන් කතා කළේය.

    “සර් .. දන්නවනේ.. ඇමැතිතුමාගේ වැඩ... අපිට කිව්වා කිසිම ලයිට් එකක් දාන්න එපා කියළා.. රෑ අට නවය වෙනකම්..”

    “මාර වැඩක් නේ... ඔහොම ඉන්න පුළුවන්ද...”?

    “මොකද කරන්නේ .. කරුමේ තමයි සර්...”

    මම මේ සටහන් කළේ මෛත්‍රීපාල සිරිසේන නැමැති ජනාධිපතිවරයාගේ සැබෑ ස්වරූපය ඔබට හඳුනා ගත හැකි කතා කිහිපයකි. ඒ හැම එකකින්ම පෙනෙන්නේ ඔහු සැබවින්ම ඇත්ත ජීවිතයේ අපි දකින පුද්ගලයා නොවේ. ඔහු වෙනමම පුද්ගලයෙකි.

    “පුලතිසි දරුවෝ පදනම” ඔහු විසින් නිර්මාණය කළේ පොළොන්නරුවේ උගත් දරුවන්ට රැකියාවක් ලැබෙන තෙක් ඔවුන් ලවා පාසල් වල දරුවන්ට උගන්වීම හා එතෙක් ඔවුන්ට වැටුපක් ලබා දීමටයි. එම පදනමට වැඩිපුරම මුදල් ලැබුනේ වැලි ලොරිවලින් එකතු කරන කප්පම් මුදල්වලිනි. එම කප්පම් මුදල් බාරව කටයුතු කළේ ඔහුගේම සෙහොයුරා වන වැලි රාජුය. වැලි රාජු වැලි ටිපර්වලින් එක්කළ මුදල් සම්බාරය රුපියල් කෝටි ගණනකි. එහෙත් වැලි රාජු පොරෝ පහරකින් මියගියත් අඩුම තරමින් ඔහුගේ දේහය බැලීමටවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ගියේ නැත.

    එහෙවු ගුනමකුකමක් තවත් තිබිය හැකිද? “ලෙයට ලෙය කකියනවා” යැයි කියමනක් පොළොන්නරුවේ ජනතාව අතර ඇත. එමෙන්ම “සැරව පොයියංගමට කකියනවා” යැයිද කියමනක් තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලෙයට ලෙය කකියෑවේ නැතත් ඔහුගේ සැරව පොයියංගමට කකියන්නට නම් ඇත.

    රාස්සයින් ආහාරයට ගන්නා පරාස්සයා
    2015 ජනාධිපතිවරණයේ අවසන් සතියේ කේ. ඩබ්. ජනරංජන විසින් රාවය පුවත්පතට ඇඳි කාටුන්යක් ඔබට මතක ඇතැයි සිතමි. එහි දැක්වුයේ මහින්ද රාජපක්ෂ කී කතාවක් අනුව. “නොදන්නා දෙවියාට වඩා දන්නා යකා හොඳයි” යැයි ඔහු එදා කියා තිබිනි. ජනරංජනගේ කාටුනයේ තිබුනේ එක් පැත්තක මහින්ද නැමැති යක්ෂයා හා මෛත්‍රී නැමැති දෙවියායි. අද ජනරංජන නැවතත් එම කාටුනය අඳින්නේ නම් ඔහු එය කවරාකාරයකින් නිර්මාණය කරාවිද යන්න මා දන්නේ නැත.

    නමුත් එක් දෙයක් පැහැදිළීය. මහින්ද එදා කියපු කතාව සත්‍ය බවයි. එනම් “නොදන්නා දෙයියාට වඩා දන්නා යකා හොඳයි” යන්නයි. මහින්ද යකෙක් බව අපේ රටේ කවුරුන් වුව දන්නා කරුණකි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන යනු දේව වෙස් මුහුණ පැළඳි පරාස්සයෙක් බව මිනිසුන් හඳුනාගත්තේ නැත. පරාස්සයාගේ ආහාරය රාස්සයින්ය. රාස්සයින් ආහාරයට ගන්නා පරාස්සයා කොතරම් දරුණු ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

    රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ ඇතිවු ගුටිකෙළිය ගැන මාධ්‍ය හමුවක දී මෙසේ කීවේය.

    “මම ජනාධිපතිතමාටත් කථා කළා.. මේකේ ගුටිකෙළ ගන්නවා.. ඉක්මනට මේ සම්බන්ධව පියවරක් ගන්න කියළා.. එතකොට ජනාධිපතිතුමා කිව්වා… ඔවු ඩොක්ටර් මමත් බලාගෙන ඉන්නේ” කියළා...

    ඒ කියන්නේ එදා පාර්ලිමේන්තුවේ ගුටිකෙළිය දිහා ජනාධිපතිවරයා බලාගෙන සිට ඇත. එසේනම් තම කුඩම්මාට තාත්තා එළවා එළවා පහර දෙන විට තමන් ඇටවු උගුල නිසා ගුටි කන අසරණ කුඩම්මා දිහා බලාගෙන සතුටු වු මෛත්‍රීපාල මෙදා ද පාර්ලිමේන්තුව තුළ තමන් ඇටවු උගුල නිසා ගුටි කෙළ ගන්නා අය දෙසා බලා සතුටු වන්නට ඇත..කොහොමද ඔහුගේ ගේම් එක....

    එවැනි සතුටක් “මිනිසෙකුට” ලැබිය හැකිද?

    2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන ස්ලෝගනය වු “මෛත්‍රී පාලනයක්” යන්නට මට අර්ථ කථන දෙකක් ඉතිරිව තිබේ.

    එකක් නම් දයාසිරි කිවු පරිදි “මෛත්‍රීපාල නයෙක්” යන්නයි. දෙවැන්න නම් “මෛත්‍රී පාලනයක්” යන්නයි. පාලනය කරන්නේ මෛත්‍රීය නම් එතැන ඇත්තේ වෛරයයි. මම කියන දේ ඔබට වැටහෙනවා යැයි සිතමි.

    මෛත්‍රී පාලනය යනු , පාලනය කරනු ලබන්නේ මෛත්‍රියයි. මෛත්‍රියට පාලනයක් තිබිය නොහැකිය. මෛත්‍රිය පාලනය කළ විට එතැන ඉතිරි වන්නේ වෛරය හා පළි ගැනීමයි.

    අද අපි අත්විඳිමින් සිටින්නේ එම යථාර්තයයි.

    හඳුනා නොගැනීමේ පාපය
    එනම් මෛත්‍රීපාල සිරිසේන යනු කවරෙක්දැයි හඳුනා නොගැනීමේ පාපයයි...එසේ වුවද රනිල් වැනි අවංක පුද්ගලයෙකුට කළ රැවටීම හා මුළාවේ දැමීම නිසා මේ රටේ අන් කවර පාලකයෙකුටත් වඩා අවසාන කාලයේ දරුණු හුදෙකලා වීමකට මෛත්‍රීපාල මහතා ලක්වන බව නම් කිවයුතුය. එදාට ඔහුට ඉතිරිවන්නේ ඔහුම කියන පරිදි තමන් සමත් පුද්ගලයෙක් යන්න නොව අපේ රටේ අසමත්ම පාලකයා මෛත්‍රිපාල යන්න පමණි.

    2015 ජනාධීපතිවරණය සමයේ එක් වෛද්‍යවරයෙක් මා සමග මෙසේ කීය. "මෛත්‍රීපාල මහත්තයා මං හොඳට දන්න කෙනෙක්. දවසක් මං කතා කර කර ඉන්න කොට කිව්වා සර්.. සර් වගේ අහිංසක කෙනෙකුට ඇයි මහින්ද රාජපක්ෂ මහත්තා අගමැතිකම නොදෙන්නේ කියළා.. එතකොට මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මගෙන් ඇහුවේ මොකක්ද දන්නවාද?"

    නෑ.. මම කීවෙමි..

    “ඩොක්ටර් හිතන්නේ මං අහිංසක කෙනෙක් කියළාද?.......”

    ඔන්න උත්තරය... ඔහු සැබවින්ම අහිංසකයෙක් නොවේ... හිංසකයෙකි.. තම මවට තළනවා දැක සතුටුවිය හැකි පුතෙක් සිටිය හැකිද? තමන්ම ඇටවු උගුලට හසුව තමන් රටේ ඉහළම පුටුවට ඔසවා තිබු තම සගයින් මරා ගන්නා අයුරු බලමින් සතුටු විය හැකි සටන් සගයෙක් සිටිය හැකිද? තමන්ගේ සහෝදරයාගේ මරණයටවත් නොයන්නට තරම් සිත දැඩි කර ගත හැකි සාහසික සිතක් ඇත්තෙක් සිටිය හැකිද?

    එවැන්නෙක් රටේ පාලකයා වුවහොත් රටටත් ජනතාවටත් අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නැත..

    අද අපි අත්විඳින්නේ ඒ නපුරු සිහිනයේ ආදීනවයයි.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    'අද පාර්ලිමේන්තුවේ මුළු දවසෙම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කාලය හුඟක් වැය කරලා තිබුණා. විවාදෙදි ඒක පාක්ෂිකව එක් පක්ෂයක් නැතිව හුදෙකලාවේ තනි පිට්ටනියක ඒ ගොල්ලො සෙල්ලම් කරනවා මං දැක්කා. පාර්ලිමේන්තුවේ නැති මාව
    ඒ ගොල්ලන්ගෙ කතාවල ක්‍රීඩා භාණ්ඩයක් කරගෙන තිබුන මං දැක්කා. මගේ දියණිය ලියූ පොතක් ජනාධිපති තාත්තා කියන අද පාර්ලිමේන්තුවේ බොහෝ සාකච්ඡාවට ලක්වුණා. ඒ පොතේ තියෙන්නේ රාජපක්ෂ පාලනයේදී මම මුහුණ දුන් අභියෝග කම්කටොලු සහ හිත් වේදනා සමග මම පොදු අපේක්ෂකයා වීමේ තත්වය දක්වා ආපු හැටි. එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවේ මම නැති තැනක ඉඳලා කතා කළ සියලු දෙනාට මං කියනවා. කලබල වෙන්න එපා ජනවාරි මාසේ මං තව පොතක් පිට කරනවා

    'රනිල් සමග අසාර්ථක දේශපාලන දීගය' කියල හිටං. ඒකත් කියවන්න කියල මං ජනවාරි මාසේ ඒගොල්ලන්ට කියනවා.

    ඒකයි මම කිව්වෙ මං උඩුගම් බලා පීනනවා කියල. රට වෙනුවෙන් මට ඉතිරිවී තිබෙන්නේ අහිමි වෙන්න කාරණා දෙකක් විතරයි. ඒ කාරණා දෙකට මං ලෑස්තියි.සූදානම්.

    අද දවසේ මාව නරක මිනිහෙක් විදියට පෙනෙන අයට හෙට දවසේ මාව හොඳ මිනිහෙක් විදිහට පෙනේවි කියලා මං විශ්වාස කරනවා. මේ සටනේදී මට නැතිවෙන්න දෙකයි තිබෙන්නේ ඒ දෙකෙන් එකක් හෝ දෙකම බාරගන්න මං සතුටින් හිත හදාගෙන තියෙන්නේ. එකක් මගේ තනතුර ජනාධිපති ධූරය අනෙක මොකක්ද මට නැතිවෙන්න තියෙන්නේ.

    අනික නැතිවෙන්න තියෙන්නෙ මගේ ජීවිතය. මේ දෙකෙන් එකක් නැතිවෙන්න පුළුවන් නැතිනම් දෙකම නැතිවෙන්න පුළුවන්. ඉතිහාසයේ මිනිස්සු රටවල් හදන්න සටන් කරලා තියෙන්නෙ එහෙමයි.
    මේ සටනේ මම තනිවෙන්නෙ නැති බව මම දන්නවා.

    මම විශ්වාසය තියන්නේ දේශපාලනඥයින් කෙරෙහි නෙමෙයි. මම විශ්වාසය තියන්නෙ හෙට දවසේ හොඳ රටක් හදන්න ඒ අහිංසක මහා ප්‍රාර්ථනාවන් තිබෙන මේ රටේ පොදු මහජනතාවටයි. ඒ මරණ කුමන්ත්‍රණ ඝාතනයේ පරීක්ෂණ යනවා.දූෂිතයන් දේශද්‍රෝහීන් පාවාදෙන්නන් ඔවුන්ගේ අවසාන ඉලක්කය වූයේ මාව ඝාතනය කිරීම.'