England TAXI_වල_ලංකාවේ_AD

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,503
    16,259
    113
    එංගලන්තයේ ටැක්සි රථ වල ශ්‍රී ලංකා ප්‍රචාරණයක්



    DSC_0027-12_44.gif



    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ජාතික සංචාරක ප්‍රවර්ධන වැඩසටහන යටතේ එක්සත් රාජධානිය තුළ ටැක්සි (කුලි රථ) 450ක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් ප්‍රචාරණය කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි. ඒ අනුව, මෙම කුලී රථ අතුරෙන් කුලී රථ 300ක් ලන්ඩන් නගරයේදී ශ්‍රී ලංකා ප්‍රචාරක සන්නාමයන් සහිතව ධාවනය එක්කරනු ලැබිණි.

    මේ අයුරින් ධාවනයට එක් ටැක්සි රථවල දොර දෙපස, ආසනවල පිටුපස හා ටැක්සි රිසිට්වල ශ්‍රී ලංකාවේ නාමය හා සංචාරක ආකර්ෂණයන් මගින් වර්ණවත් වී ඇත. මේ අනුව, 2014 වසර තුළදී එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, දකුණු කොරියාව, ජපානය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ටැක්සි රථ 1,200ක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් එම රටවල්වල ප්‍රචාරණය කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය බලාපොරොත්තු වන බව කියයි.

    මෙය ශ්‍රී ලංකා සංචාරණය මගින් මෙතරම් විශාල ටැක්සි රථ ප්‍රමාණයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රවර්ධන කරනු ලබන ප්‍රථම අවස්ථාව බවද ඔවුන් පෙන්වා දෙයි.





    DSC_0110-12_44.gif


    DSC_9255.gif


    DSC_9378.gif


    DSC_9432.gif


    DSC_9685.gif


    DSC_9853.gif


    DSC_9770.gif


    DSC_0083.gif





    ADA​
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩො පට්ටා නෙ,වැඩෙ නම් සුපිරි:cool:
    සැහෙන්න ගානක් යන්න ඇති නෙ:rolleyes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වැඩේ නම් හොදයි. හැබැයි ලංකාවට එන සුද්දන්ව මරන්නේ නැතුව සුද්දියන්ව දුෂණය කරන්නේ නැතුව හිටිය නම් ප්‍රචාරණයක් නැතුවම සුද්දෝ එයි. මොනවා කරන්නද රටක සදාචාරය පිරිහුනාම.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වැඩේ නම් හොදයි. හැබැයි ලංකාවට එන සුද්දන්ව මරන්නේ නැතුව සුද්දියන්ව දුෂණය කරන්නේ නැතුව හිටිය නම් ප්‍රචාරණයක් නැතුවම සුද්දෝ එයි. මොනවා කරන්නද රටක සදාචාරය පිරිහුනාම.

    එකනං ඇත්ත මචන් :yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මීගමුව වෙරළේ නම් නිමල් ලන්සගේ කට්ටිය සුද්දන්ගේනුයි කපල්ස් වලිනුයි තර්ජනය කරලා කප්පන් ගන්නවා. ඉතින් එක පාරක් ආපු සුද්දෙක් ආපහු එයිද.