English Help

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    So, it is considered one of the most effective approaches to learn English.
    මේ වාක්‍යය සින්හල තෙරුම කියල දෙන්න. බෝල්ඩ් කරල තියෙන වචන දෙක තව යෙදෙන අවස්තවකුත් එක්ක.
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    එබැවින් එය ඉංග්‍රීසි ඉගෙනීම සඳහා වඩාත් effective ලදායී ප්‍රවේශයක් ලෙස සැලකේ.

    - from Google
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යාලුවා ඔයාට මේකේ තේරුම විතරක් දැනගෙන වැඩක් නැහැ.

    මේක වෙන්නේ ඇයි කියන එක දන්නා විදිහට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නං. එතකොට ආයේ ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ.

    is + ed (participle) දාන්නේ passive voice එකේ. ඒ කියන්නේ it කියන එක ක්‍රියාවට ලක් වෙන නිසා.

    ක්‍රියාවට ලක් වෙන දේ highlight කරනවානං passive voice තියන්න.
    හැබැයි tense එකත් ඒ එක්කම maintain කරන්න ඕන. මේක passive voice present tense

    It is considered as කියන එකේ as කෑල්ල ෂෝර්ට් කරලා වාක්‍ය හදල තියෙන්නේ.

    මම ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙවෙයි. මගේ වෘත්තිය වෙනම එකක්. මීට වෙනස් විදිහට කවුරුහරි දානවනං හරිම හොඳයි
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ඉංග්‍රීසි බාෂාව ඉගෙනගැනීමේදී වඩාත්ම ක්‍රියාකාරී ක්‍රමවේදයන්ගෙන් එකක් ලෙස එය සැලකේ.

    don’t just google translate boys!
     
    • Like
    Reactions: hodakolla

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    වාක්‍ය Formal විදියට නම්

    " එබැවින් එය ඉංග්‍රිසි ඉගෙනීමට වඩාත් ඵලදායි ප්‍රවෙශයක් ලෙස සැලකෙ ."

    පොඩ්ඩක් කථන භාෂාවෙන් නම්

    එහෙනම් ඒක ඉංග්‍රිසි ඉගෙන ගන්න හොඳ විදියක් කියලා හිතන්න පුළුවන් .