enrique iglesias ගේ_පැටිකිරිය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    enrique iglesias ගේ_පැටිකිරිය

    0e62572c-f571-4099-a198-476a34973d72_18641_CUSTOM.jpg

    එරිකේ ඉග්ලිෂියාස් ඔහුගේ නමයි. එන්රිකේ යනුවෙන්ද ඔහු ජනප්‍රිය විය.එරිකේ මිගෙල් ඉග්ලිෂියාස් ප්‍රෙස්ලර් ඔහුගේ සම්පූර්ණ නමය.බටහිර සංගීත ක්ෂේත‍්‍රයේ ඔහු හැඳින්වෙනුයේ ලතින් පොප් සංගීතයේ රජු ලෙසය. ස්පාඤ්ඤ ජාතිකයෙක් වන හෙතෙම ඉංගී‍්‍රසි හා ස්පාඤඤ භාෂා ද්විත්වයෙන්ම ගීත ගයන්නේය. ඔහුගේ බොහෝ ගීත ස්පාඤ්ඤ ඌරුවට බරය. ගයන ඇතැම් ඉංගී‍්‍රසි ගීත වලට ඔහු යොදා ඇත්තේද ස්පාඤ්ඤ නම්ය.දරුවන් තිදෙනකුගෙන් යුතු වූ පවුලක බාලයා ලෙස එරිකේ 1975 මැයි මස 8 වැනිදා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී උපත ලැබීය. ඔහුගේ පියා එවක ජාත්‍යන්තර තලයේ ජනපි‍්‍රය ගායකයෙක් වූ ජූලියෝ ඉග්ලිෂියස් විය. ඉසබෙල් ප්‍රෙස්ලර් නම් වූ ඔහුගේ මව සඟරාවක වාර්තාකාරිනියක වූවාය. ඔහුගේ මුත්තණුවන් ත‍්‍රස්ත කණ්ඩායමක පැහැර ගැනීමට ලක්වීමත් සමග ඔහු හා ඔහුගේ සොහොයුරා එදවස ඇමරිකාවේ වාසය කළ පියා වෙත ගියේය.

    දෙමව්පියන්ගේ වුවමනාව වූයේ එන්රිකේට හොඳ අධ්‍යාපනයක් ලබාදීමය. නමුත් ඔහුට වෙනත් සැලසුම් තිබිණ. සංගීත ක්ෂේත‍්‍රයට ඇතුළුවීමේ නොතිත් ආශාවකින් ඔහු පසුවිය. ජූලියෝ ගේ පුතණුවන් ලෙස නොව තනිව නමක් ඇතිකර ගැනීම ඔහුගේ අරමුණ විය. අතට ලැබෙන මුදල් ඉතිරිකරගත් හෙතෙම ඉංගී‍්‍රසි ගීත දෙකක් හා ස්පාඤ්ඤ ගීතයක් ඇතුළත් කැසට් පටයක් හැදුවේය. සංගීත කටයුතු නිසා ඔහුට අධ්‍යාපනයටද ආයුබෝවන් කියන්නට සිදුවිය.
    1994 වසරේදී ගායකයකු ලෙස සංගීත ක්ෂේත‍්‍රයට පිවිස ඔහු ඉතාම කෙටි කලකින්ම ඉහළ ජනපි‍්‍රයත්වයත් අත්කරගැනීමට සමත් විය. මෙයට හේතුවූයේ ඔහුගේ ගීත වලට ලතින් ඇමරිකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ ජනපි‍්‍රයත්වයක් හිමිවීමයි. මේ නිසා යුනිවර්සල්, ඉන්ටර්ස්කෝප් වැනි ඇමරිකාවේ ප‍්‍රකට සංගීත නිෂ්පාදන සමාගම් සමග ඉහළ වටිනාකමින් යුතු ගිවිසුම් ඇතිකරගැනීමටද ඔහුට අවස්ථාව හිමිවිය. මෙවන් සමාගම් යටතේ ඔහු නිර්මාණය කළ ගීත හා ගීත ඇල්බමයන් විකිණී ගියේ උණු කැවුම් මෙනි.
    වාර්තා වල දැක්වෙන අයුරින් ඔහුගේ නමින් ලොව පුරා දැනට විකිණී ඇති ගීත ඇල්බම සංඛ්‍යාව ලක්ෂ 1370 ඉක්මවයි. ඔහුගේ ගීත බටහිර ගීත දර්ශක වල ප‍්‍රථම ස්ථානයේ සති ගණන් රැඳී තිබී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඔහුගේ නමට අභියෝග කළ හැකි තරමේ බටහිර ගායකයෙක් තවමත් නොමැති බවද සඳහන්වේ.

    එන්රීකේ ඉග්ලේසියාස්ගේ උස 6’1’’ කි. හිස කෙස් පමණක් නොව ඇස් ද දුඹුරු පැහැතිය. එය එන්රීකේගේ රසිකාවියන් ඔහුට ඇළුම් කරන එක් හේතුවක් වී ඇතැයි පැවැසෙයි. එක් කම්මුලක ඉන්නකු සහිත සරාගී ගායකයා ලෙස ද එන්රීකේ කලක් හැඳින්විණි. ඒ, 2003 වසරට පෙරය. එන්රීකේට සොහොයුරෝ දෙදෙනෙකි. සොහොයුරියෝ පස් දෙනෙකි. තමා ගායකයකු ලෙස හඳුන්වා දෙනවාට වඩා, ගීත රචකයකු ලෙස හඳුන්වා දෙන්නේ නම් කැමැති බව එන්රීකේ අවස්ථා ගණනාවකදී පවසා ඇත.ආසියාකරයේ ඔහුට ඉහළම ඉල්ලූමක් හිමිවී ඇත්තේ ඉන්දියාවේය.
    ඔහු නිර්මාණය කළ දසවැනි ගීත ඇල්බමය ’සෙක්ස් ඇන්ඞ් ලව්’ පසුගිය වසරේ මාර්තු මස නිකුත් විය. අලූත් ඇල්බමයක් නිකුත් කළ වහා එය ප‍්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල පැවැත්වෙන සංගීත සංදර්ශනයන්ට සහභාගීවීම මුල් පෙළ බටහිර ගායක ගායිකාවෝ ආහ. පසුගිය 20 වැනිදා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවැත්වුණු ප‍්‍රසංගයද එවැන්නකි. එන්රික්ගේ අලූත්ම ගීත ඇල්බමයේ නමින්ම එම ප‍්‍රසංගයද සෙක්ස් ඇන්ඞ් ලව් ලෙස නම් කර තිබුණේ ඒ නිසාවෙන්මය. රුපියල් 5000 සිට රුපියල් 35,000 දක්වා ටිකට් අලෙවි වූ එම ප්‍රසංගයට 7500ක් දෙනා ආ බව කියති.
    ප‍්‍රසංග වේදිකාවට ගොඩවන තම රසික රසිකාවියන්ට හාද්දකින් හෝ වැළදගැනීමකින් සංග‍්‍රහ කිරීම ඔහුගේ පුරුද්දක් බව කියති. ලතින් ගීත වලට අනන්‍ය අයුරින්ම ඔහුගේ ගීතද ශෘංගාරය දනවන බැවින් උන්මාදයක් ඔහුගේ ඇතැම් රසික රසිකාවින් අතර ඇතිව තිබෙනු හඳුනාගත හැකිය. වේදිකාව වෙත තම තනපට ගලවා විසිකරන්නෝ ඔවුහුය. මෙය ඔහු සහභාගීවන බටහිර සංගීත ප‍්‍රසංග වල සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

    සංගීත ක්ෂේත‍්‍රයට පැමිණ වසර ගණනාවක් වුවත් වෙනත් බොහෝ බටහිර ගායකයින්ට මෙන් අයථා සම්බන්ධතා පැවැත්වීයැයි හෝ මත්පැන් හෝ මත්කුඩු ලෝලියෙකැයි හෝ චෝදනා ඔහුට නැගී නොමැත.සංගීත ක්ෂේත‍්‍රයට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයටද එන්රික්ගේ ඇල්ම හිමි බව සදහන්ය.ඔහු සතුව ප‍්‍රකට ව්‍යාපාර කිහිපයක්ම පවතී.සහන සේවා කටයුතු සදහා නිර්ලෝභිව තම ධනය බෙදාදෙන පුද්ගලයකු ලෙසද ඔහු ප‍්‍රකටය.එන්රීකේ උදේ අවදි වන කෙනෙක් නොවේ. ? පහන් වනතුරු සංගීත ප‍්‍රසංගවල නියැළෙන අවස්ථාවලදී පමණක් නොව, සාමාන්‍ය දිනවලදී පවා එන්රීකේ අවදි වන්නෙ උදේ ආහාරයට නොව දිවා ආහාරයට යැයි පැවැසෙයි. හැම්බර්ගර්, බැදපු අල පෙතිවලට හෙතෙම පි‍්‍රය කරයි. සුපිරි පොප් ගායකයකු වුවත්, එන්රීකේ දුම් පානය නොකරයි. මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැති බවත් පැවැසෙයි.

    එන්රීකේ ත‍්‍රාසජනක කී‍්‍රඩාවලට පි‍්‍රය කරයි. ඔහු රළ පැදීමට එසේත් නැතිනම් රළ මත ලිස්සා යන ‘සර්ෆිං’ කී‍්‍රඩාවට කැමැත්තක් දක්වයි. එක් අවස්ථාවක එන්රීකේ සර්ෆිං කී‍්‍රඩා කරද්දී, රැුල්ලකට හසුවී ගසා ගෙන ගොස් කඩොලාන ගසක හැපී හිස පිටුපස කණ ළඟ තුවාල කර ගත්තේය. මැහුම් 39 ක් දැමීමට ද සිදුවිය. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සැබෑවක් යැයි එන්රීකේ විශ්වාස කරයි.
    නිවසින් පිට යන විට එන්රිකේ සැමවිටම ළඟ තබා ගන්නේ ඩොලර් 20 ක් පමණි. ඊට වැඩියෙන් ඔහු මුදල් ළඟ තබා ගන්නේ නැත. ඔහුගේ පි‍්‍රයතම වර්ණ කළු, අළු සහ සුදුය. එහෙත් ඔහු වඩාත් ආසා කරන තොප්පියේ පැහැය නිල් ය. එන්රීකේ වහළය හැකිළිය හැකි මෝටර් රථවලට පි‍්‍රය කරන තැනැත්තෙකි. පදිංචිය ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි මියාමි නගරයේය.

    එන්රීකේ විහිළුවට සහ විනෝදයට බර පුද්ගලයෙකි. බොහෝ අවස්ථාවලදී පාවහන් නොපැළඳ සිටීමට හෙතෙම පි‍්‍රය කරයි. අඳින්න කැමැති සැහැල්ලූ ඇඳුම්ය. වඩාත් කැමැති ටී ෂර්ට් සහ ඩෙනිම් කලිසමයි. එන්රීකේ කිසිදාක අත් ඔරලෝසුවක් පැළැඳ නැත. පළඳින්නේ ද නැතැයි පැවැසෙයි. ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවලත් මුළු මහත් ලෝකයේත් අවධානය දිනා ගැනීමට පෙර ස්පාඤ්ඤ ගායකයකු ලෙස එන්රීකේ පළමුවෙන්ම කරළියට පැමිණෙද්දී, ස්පාඤ්ඤ ගීත විචාරකයන්ගෙන් නොසෑහෙන්න බැණුම් ඇසුවේය.විචාරකයෝ ඔහුගේ ගීතවලට හැර ඔහුගේ පෙනුමට, ඔහු අඳින ඇඳුම්වලට පමණක් නොව කොණ්ඩයටත් දොස් නගන්නට වූහ. 2003 වසරේදී වෛද්‍ය උපදෙස් මත මෙම ඉන්නා ඉවත් කෙරුණි. වෛද්‍යවරුන් පවසා තිබුණේ පිළිකා තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති හෙයින් ඉන්නා ඉවත් කළ යුතු බවය.

    එන්රීකේ ස්පාඤ්ඤ බසින් පළමු ගී ඇල්බමය එළිදැක්වූයේ 1995 සැපතැම්බර් 25 වැනිදාය. 90 දශකයේත් 2000 මුල් දශකයේත් එන්රීකේ අතිශින් ජනපි‍්‍රය ගායකයෙක් විය. සංගීතය යනු විශ්ව භාෂාවක් යැයි යළිත් වරක් පසක් කර දීමට එන්රීකේ 1998 දී ගායනා කළ ‘බයිලාමෝ’ සහ 2001 දී ගායනා කළ ‘හීරෝ’ වැනි ගීත සමත් විය. රිකී මාර්ටින් සහ මාර්ක් ඇන්තන ඔහුගේ සමකාලීනයෝය. එන්රීකේ පවසා ඇත්තේ මොවුන් දෙදෙනාට තමා අතිශයින් ගරු කරන බවය. ස්පාඤ්ඤ බසින් වූ දෙවැනි ගීත ඇල්බමය එළිදැක්වූයේ 1997 ජනවාරියේය. තෙවැනි ඇල්බමය 1998 සැප්තැම්බර් පළමු වැනිදා එළිදැක්වීය. එන්රීකේ සිය පළමු ගීත ඇල්බමය පිදුවේ ඔහුගේ ආයම්මා එල්විරාටය. මවගේ අඩුව පුරවමින්, තමාට සංගීත ලොවේ ඉදිරියට යන්න මඟ පෙන්නුවේ ඇය යැයි එන්රීකේ පවසා ඇත.

    ලෝ සුපතළ ‘පීපල්’ සඟරාවේ වඩාත් කඩවසම් පුද්ගලයන් 50 දෙනා අතරින් පළමු තැන හිමි කර ගැනීමට එන්රීකේ වරක් සමත් විය. ප‍්‍රසංග වේදිකාවේ අවස්ථා කිහිපයකදීම පය පැටැළී වැටුණු ගායකයකු ලෙස ද එන්රීකේ ප‍්‍රකටය. ඇමෙරිකන් සංගීත සම්මාන උලෙළකදී පළමු වරට සජීවී ගී ගායනා කළ ස්පාඤ්ඤ ගායකයා වූයේ එන්රීකේය. ඔහු ගායකයකු ගීත රචකයකු පමණක් නොව නළුවෙක් ද වෙයි. ලතින් පොප් සංගීතයේ රජු ලෙස තවමත් කිරුළු පැළැඳ සිටින්නේ මොහුය.



    lankadeepa-logo.gif
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලතින් පොප් සංගීතයේ රජු ලෙස තවමත් කිරුළු පැළැඳ සිටින්නේ මොහුය.

    and some jealous people who don't have a life say he is an anathaya.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    mang hithuwe hoda badu kapar kenak kiyala

    බඩු ඌ ඉස්සරහ ජංගිය ගලවනනම් උබ කියන්නේ ඌට බලන් ඉන්න කියලද?:lol: