EPF 30% ගන්න උදව් කරන්න.

crickter07

Member
Feb 15, 2023
1
0
1
EPF 30% ගත්ත අය ඉන්නවද? 30% ගන්න අවශ්‍ය කරන සුදුසුකම් සියල්ල තියනව මට දැනගන්න ඕන මේකෙදි වැඩේ කරගන්න පිළිවෙල. නිවාස ණය ගෙවා අවසන් කරන්න 30% ලබා ගැනීම කියන කැටගරි එකේදි මොනවද කරන්න ඕන. ගේ හදන්න කියල බැංකුවකින් ගත්ත ණයක් තියනව. ඒක ගෙවල ඉවර කරන්න නම් 30% න් හම්බවෙන මුදලට අමතරව ඕන කරන සල්ලි උන්ට බැන්ක්ස්ටේට්මන්ට් එකකින් පෙන්වන්න ඕනද? (දවස් 3ක් තිස්සෙ මුන්ගෙ වෙබ් සයිට් එකේ තියෙන නම්බර් සේරට ගත්තා එකකටවත් ආන්සර් නෑ. 1919 ට කතා කලාම වෙනනම්බර් වගයක් දුන්නා ඒකෙ යන්නෙ රෙකෝඩින් එකක්. ඇසිස්ටන් ආන්සර් කරන්නෙ නෑ. මෙහෙමවත් මේ රට ඉතිරිවෙලා තියන එක තමයි ආසියාවේ ආශ්චර්ය...)
Best way is to under home repair category. Only need approved building plan, deed as I can remember.
 

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මම ගත්ත දෙසැම්බර් වල..නිවාස ණය පියවන්න ගත්තෙ...

    මුලින්ම 1958 කෝල් කරල අපොයින්මන්ට් එක දාන්න..ඊට පස්සෙ ඔයාට දවසක් දෙයි.කොහොමත් මාසෙකට වගේ පස්සෙ දවසක් එන්නෙ...

    අදාළ ෆෝම් සෙට් එක අරගෙන හරියට පුරව ගන්න...ඔයා වැඩ කරන ආයතනයෙන් පුරව ගන්න ඒවත් හරියට පුරව ගන්න..මතක් කරන ආයතන ප්‍රධානිය අත්සන් කරන තැන් වල රබර් ස්ටැම්ප් ගහ ගන්න...
    සමහර ආයතන වල බී කාර්ඩ් එක පුරවන්න ඕනෙ.සමහර ඒවයේ නෑ..ඒක අකවුන්ට් එකෙන් දන්නව...
    සර්විස් ලෙටර් එකක් ඕනෙ.

    බෑන්ක් එකෙන් ලෙටර් එකක් ගන්න ඕනෙ ගෙවන්න තියෙන ගානයි ඔයා ගත්ත ලෝන් එකේ වටිනාකමයි සඳහන් කරල.පාස් බුක් එකේ කොපි එකක් ඕනෙ.

    ඔයාගෙ NIC කොපි එකක් ඕනෙ.සහතික කරල..

    ඩොකියුමන්ට් ඔක්කොම රෙඩි කරගෙන ඔයාට දුන්න දවසට යන්න..මම ගියෙ නාරාහේන්පිට...එතන මුලින්ම ඔයා ගෙනියන ඩොක්ස් ඔක්කොම චෙක් කරනව.අඩු පාඩු බලල ආයෙ ඔයාට අරන් එන්න කියනව බලල..අවුලක් නැතිනම් කවුන්ටර් එකට දානව..
    එතනින් ආයෙ බලල ‍ෆින්ගර් ෆ්‍රින්ට් අරගෙන ඔක්කොම ක්ලියර් නම් ඔයාට සති දෙකකින් වගේ සල්ලි අදාළ අකවුන්ට් එකට වැටෙනව...

    ඔයාගෙ 30% බැලන්ස් එක ලක්ෂ 10 නම් ඔයාගෙ ලෝන් බැලන්ස් එක ලක්ෂ 15 තිබුනත් ගන්න පුලුවන් අර ලක්ෂ 10 විතරයි.

    නාරාහේන්පිට එකේනම් ඩොක්ස් හරියට තියෙනවනම් කිසිම රස්තියාදුවක් නෑ...

    අත්දැකීම් බෙදාගත්තු, බම්ප් කරපු, හැමෝටම ස්තූතියි. දිනයක් වෙන්කර ගත්තා.
     
    • Like
    Reactions: D-ICE

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Work experience eka 10 years kiyanne... EPF ekata awurudu 10 k thisse salli gihin tiyenna oni kiyana ekada....

    Mage total experince eka 13 years wenawa... eken epf ekata salli giye 8 years witarai... etakota mata 30% denne nati weida ..