මම ගත්ත දෙසැම්බර් වල..නිවාස ණය පියවන්න ගත්තෙ...
මුලින්ම 1958 කෝල් කරල අපොයින්මන්ට් එක දාන්න..ඊට පස්සෙ ඔයාට දවසක් දෙයි.කොහොමත් මාසෙකට වගේ පස්සෙ දවසක් එන්නෙ...
අදාළ ෆෝම් සෙට් එක අරගෙන හරියට පුරව ගන්න...ඔයා වැඩ කරන ආයතනයෙන් පුරව ගන්න ඒවත් හරියට පුරව ගන්න..මතක් කරන ආයතන ප්රධානිය අත්සන් කරන තැන් වල රබර් ස්ටැම්ප් ගහ ගන්න...
සමහර ආයතන වල බී කාර්ඩ් එක පුරවන්න ඕනෙ.සමහර ඒවයේ නෑ..ඒක අකවුන්ට් එකෙන් දන්නව...
සර්විස් ලෙටර් එකක් ඕනෙ.
බෑන්ක් එකෙන් ලෙටර් එකක් ගන්න ඕනෙ ගෙවන්න තියෙන ගානයි ඔයා ගත්ත ලෝන් එකේ වටිනාකමයි සඳහන් කරල.පාස් බුක් එකේ කොපි එකක් ඕනෙ.
ඔයාගෙ NIC කොපි එකක් ඕනෙ.සහතික කරල..
ඩොකියුමන්ට් ඔක්කොම රෙඩි කරගෙන ඔයාට දුන්න දවසට යන්න..මම ගියෙ නාරාහේන්පිට...එතන මුලින්ම ඔයා ගෙනියන ඩොක්ස් ඔක්කොම චෙක් කරනව.අඩු පාඩු බලල ආයෙ ඔයාට අරන් එන්න කියනව බලල..අවුලක් නැතිනම් කවුන්ටර් එකට දානව..
එතනින් ආයෙ බලල ෆින්ගර් ෆ්රින්ට් අරගෙන ඔක්කොම ක්ලියර් නම් ඔයාට සති දෙකකින් වගේ සල්ලි අදාළ අකවුන්ට් එකට වැටෙනව...
ඔයාගෙ 30% බැලන්ස් එක ලක්ෂ 10 නම් ඔයාගෙ ලෝන් බැලන්ස් එක ලක්ෂ 15 තිබුනත් ගන්න පුලුවන් අර ලක්ෂ 10 විතරයි.
නාරාහේන්පිට එකේනම් ඩොක්ස් හරියට තියෙනවනම් කිසිම රස්තියාදුවක් නෑ...