ETF සහ EPF

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කිරියේ අයට ETF සහ EPF ගැන දැනගන්න ලැබිච්ච ආර්ටිකල් එකක් ශෙයා කරන්න හිතුන. මච්නල මේක ගැන මීට කලින් කවුරුහරි දාල තියෙනවද දන්නෙන් නෑ. :yes:

    ETF / EPF ගැන දන්නවද..?

    බොහෝ දෙනෙක් සිතන්නේ ජීවිතේ සැදෑ සමයේදී තමුන්ට ඉතිරි වෙන්නේ EPF හා ETF එක විතරයි කියලා. ජීවිත කාලෙන් වැඩි කොටසක් යම් සේවා ස්ථානයකට කඹුරා තමුන් නිදහස් වන කාල සීමාවෙදි ගන්නා මේ මුදල් ගැන තෘප්තිමත් වුණත්, මේ මුදල් ලබාගන්න ගියාම මුහුණ පාන්න වන අකරතැබ්බ ගැන නම් කාටත් පැහැදීමක් නැතුව ඇති.

    ETF හෝ EPF කාර්යාල කියූ සැණින් ඕනෑම කෙනෙකුගේ සිහියට නැගෙන්නේ එම කාර්යාල තුළ සිදුවන්නට වන රස්තියාදුව ගැනයි. ETF හෝ EPF ගැන හරිහැටි අවබෝධයක් නැති කෙනෙකුට මේ කාර්යය තවත් අපහසුයි. ඒ නිසාමETF හා EPF ගැන මූලික දැනුවත් කිරීඹක් හා අනවශ්ය කාලය කා දැමීමකින් තොරව ඔබේ කාර්යය සිදු කරගන්නා අයුරු ගැන කරුණු පැහදිලි කිරීමක් වටිනු ඇතී. ඒ වගේම ETF හා EPF යනු ජීවිතයේ සැඳෑ සමයේදී ලබාගත හැකි මුදලක් පමණක් ලෙස සිතා සිටින පිරිසටත් මේ කරුණා කාරණා වැදගත් වේවි.

    1958 වර්ශයේ අංක 15 දරණ පාර්ලිමේන්තු පනත යටතේ EPF හෙවත් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කර ඇත. රාජ්ය ආයතනවල මෙන් ස්තීරභාවයක් පෞද්ගලික ආයතනවල සේවයේ යෙදෙන සේවකයන්ට නොමැති නිසාම ඔවුන්ට ස්ථාවරභාවයක් සකසාදීමේ අරමුණ වෙනුවෙන් මෙම ෑඡත හෙවත් සේවක අර්ථසාධක අරමුදල ස්තාපිත කර තිබේ.

    ඕනෑම සේවා ආයතනයක සේවකයන් මෙන්ම සේවා යෝජකයෙකුද සිටිය. සේවකයාගේ වැටුපෙන් මෙන්ම සේවා යෝජකයාගේ ඉපැයීම් වලින් කොටසක්ද මෙම EPF අරමුදලට බැරවීම සිදුවේ. එනම් සේවකයාගේ වැටුපෙන් 8% මුදලක්ද, සේවා යෝජකයාගෙන් 12% ක්ද සේවක අර්ථසාධක අරමුදලට මාස්පතා බැර වේ.

    සේවයට බැඳී දින 14ක් ඇතුළත තමුන් EPF අරමුදල සඳහා අදාළ ආයතනය හරහා ලියාපදිංචි කරවාගත යුතුය. මෙය සේවාදායකයා සතු වගකීමකි. මෙම ලියාපදිංචියේදී තමුන්ට A,B හා H ලෙස පත්ර තුනක් හිමි වේ. එහි A පත්රයේ සඳහන් කළ යුත්තේ තමුන්ගේ පෞද්ගලික විස්තර වන අතර B පත්රයේ සඳහන් කළ යුත්තේ තමුන්ගේ පෞද්ගලික විස්තර වන අතර එය තමුන්ට හිමිවන සාමාජික පත්රයයි. H පත්රය තුල හදිසි අවස්ථාවක තමා මියගියහොත් එහි භාරකාරත්වය පැවරීම වැනි කරුණු සඳහන් කිරීඹට තිබේ. මෙහිදී A, B හා H යන පත්ර පුරවා කම්කරු කාර්යාලයට භාරදිය යුතුව තිබේ. මෙම කාර්යය තම ආයතනය හරහා සිදුකරනු ලබයි. මෙහිදී B කාඩ්පත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ආයතනයට භාරදිය යුතුය. A හා H පත්ර දෙපාර්තමේන්තුවේ තබා ගතයුතුයි. B පත්රය තමන්ට හිමිවීමට නියමිත වුවත්, එය බොහෝ සේවකයන් අතින් අස්ථානගත වන නිසා බොහෝ ආයතන එම කාඩ්පත තබාගෙන සේවකයා ස්ථීරව සේවයෙන් ඉවත් වන දිනට ලබාදීමට කටයුතු සලසා ඇත.

    මේ ආකාරයෙන් කම්කරු කාර්යාලයට ලැඛෙන දත්තවලට අනුව සියලු සේවකයන්ට ගිණුම් අංකයක් ලැබේ. එම ගිණුම් අංක සැකසෙන්නේ මේ ආකරයටය. සියලුම සේවා යෝජක ආයතන සඳහා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි අංකයක් ලැබේ. උදාහරණයක් ලෙස සේවා ස්ථානය ගාල්ලේ පිහිටා ඇතිනම් එම ආයතනයේ අංකය වනුයේ, ආයතනයට ලබා දෙන අංකය දිස්ත්රික් අක්ෂරය XX/G සේවා ස්ථානයේ පළුම සේවකයාට XX/G1 ලෙස ඔහුගේ ෑඡත ගිණුම් අංකයක් සැකසේ. ඒ අනුව දෙවැනි සේවකයාට XX/G2 ලෙසත් සේවක ගිණුම් අංක සැකසීම මහබැංකුවට මාස්පතා EPF මුදල් යැවීම සිදුවේ.

    අර්ථසාධක අරමුදල (EPF) ලබාගත හැකි ක්රම කිහිපයක් තිබේ.

    01. ඔබේ සේවාව අවසන් වී නිසි වයස් සීමාව සම්පූර්ණ වූ පසුව, එනම් කාන්තාවක් නම් වයස අවුරුදු 50 සපිරුණු පසුව, පිරිමියෙකු නම් වයස අවුරුදු 55 සපිරිණු පසුව.

    02. විවාහ පදනම මත (එනම් සේවයෙන් ඉවත් වී මාස 03ක් ඇතුළත විවාහය ලියාපදිංචි කර තිබීම හෝ විවාහ ලියාපදිංචි කර වසර 05ක් ඇතුළත සේවයෙන් ඉවත් වුවහොත් අදාළ විවාහක කාන්තාවට මෙම මුදල ලබාගත හැකිය.)

    03. තවදුරටත් රැකියාවක් කරගත නොහැකි තරමට අබලදුබල වූ විට රජයේ රෝහලකින් ඒ බව තහවුරු කළ සෞඛ්ය 307 කම්කරු කාර්්යාලයට ලබාදීම මගින් මෙම අරමුදල ලබාගත හැකිය.

    04. විදෙස් රටකට යාම සඳහා ස්ථීර වීසා ලැබුණු අවස්ථාවක.

    05. ස්ථීර විශ්රාම වැටුප් සහිත රජයේ රැකියාවක් ලැබුණු විට.

    06. රාජ්ය ප්රතිපත්තියක් යටතේ හෝ ව්යවස්ථාපිත මණ්ඩලයක් හෝ සංස්ථාවක් EPF මුදල ලබාදිය යුතු යැයි අමාත්ය මණ්ඩලය තීරණය කළහොත් අදාල මුදල ලබාගත හැකිය.

    ඔබ විමසිලිමත් විය යුත්තේ.

    ඔබ එක් ආයතනයකින් ඉවත්ව තවත් ආයතනයක සේවයට යයි නම් එවැනි අවස්ථාවලදී පෙර ආයතනයේ මුදල් දෙවැනි ආයතනයේ ගිණුමට ඒකාබද්ධ කරගත යුතුය. එසේ නොමැති නම් ඔබ සේවය කරන සෑම ආයතනයක්ම ලියාපදිංචි B කාඩ්පත සුරැකිව තබාගැනීමට සැලකිලිමත් විය යුතුය. යම් ලෙසකින් ඔබට EPF මුදල්ද හිමි බව කියමින් සේවට බඳවාගෙන B කාඩ්පත ලියාපදිංචි නොකරන ලද ආයතනයක් වුවහොත් එම මුදල් ලබා ගැනීමට වෙහෙසක් දැරීමට සිදුවේ.
    එබැවින් ආයතනයෙන් ලැඛෙන B කාඩ්පත සුරැකිව ළඟ තබා ගන්න. යම් ලෙසකින් B කාඩ්පත ලියාපදිංචි කර නොතිබුණහොත් EPF මුදල් ගැනීමට අදාළ ආයතනයේ සේවය කළ බවට පිළිගත් ලිඛිත සාක්ෂියක් කම්කරු කාර්යාලයට ලබාදීමට ඔබට සිදුවේ.

    EPF මුදල් ලබාගැනීමට පැමිණීමේදී ඔබේ කාලය අනවශ්ය ලෙස කා දැමීමේ චෝදනාවට පිළීතුරු.

    ඔබට මෙම මුදල් ලබාගැනීමට කොයි තරම් හදිසි වුවත් කම්කරු කාර්යාලය හරහා ඔබ විසින් සේවයට පැමිණි මුල් අවස්ථාවේදී A,B,H කාඩ් පත්වල තොරතුරු සමඟ අයදුම්පතේ තොරතුරු නිවැරදි දැයි සොයාබැලීම සිදුවේ. මෙම අවස්ථාවේ අදාළ තොරතුරු වල වෙනස්කම් සිදුවී තිබුණහොත් ඒ වෙනුවෙන් යම් කාලයක් වැය කිරීමට ඔබට සිදුවේ. මේ හේතුව නිසාම ඔබ මතක ඇතිව සේවයට පැමිණි මුල් කාලවකවානුවේදී ඔබට ලැඛෙන A,B හා H යන පත්ර ඉතාම නිවැරදිව, පැහැදිලිව, ස්ථීර හා සත්ය තොරතුරු ඇතුළත් කර පිරවිය යුතුය. එවිට ඔබට අනවශ්ය ලෙස කාලය කා දැමීමක් සිදු කළ යුතු නැත.

    ඔබේ අවශ්යතා කඩිනමින් ඉටු කරගැනීමට.

    දැන් දිවයින පුරා පිහිටා ඇති දිස්ත්රික් කම්කරු කාර්යාල 33ක් EPF පහසුකම් සඳහා ස්ථාපිත කර ඇති බැවින් තම පදිංචි ප්රදේශයට ආසන්නම කම්කරු කාර්යාල හරහා සේවාවන් ලබාගත හැකිය.

    වැඩි විස්තර සඳහා 0112 - 368917 අමතන්න
    ප්රධාන කාර්යාලය (08 වැනි මහල, කම්කරු දෙපාර්තමේන්තුව, නාරාහේන්පිට)
    උපදෙස් - D.P.K.R වීරකෝන්
    කම්කරු කොමසාරිස් - සේවක අර්ථසාධක අරමුදල


    1980 අංක 46 දරණ පාර්ලිමේන්තු පනත යටතේ මෙරට සියලුම රජයේ ලියාපදිංචි සේව්ය ආයතන තුළ සේවයේ නියුතු සේවා නියුක්තිකයන්ගේ මාසික වැටුපෙන් 3% ක මුදලක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැර කළ යුතුය. ඒ අනුව දැනට ශ්රී ලාංකිකයන් මිලියන 3.55ක පමණ පිරිසක් මෙම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් කියතී.

    දැනට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තුළ සාමාජික ගිණුම් 99 ලක්ෂයක් ඇති අතර, ඉන් සක්රීය සාමාජිකයන් ලෙස විසි දෙලක්ෂයක පිරිසක් සිටිතී. මෙහිදී සාමාජික ගිණුම් යනු ඔබ යම් ආයතනයක දින තුනක් සේවය කළඳ, ඉන් ලබන තෙදින වැටුපෙන් 3% ක මුදලක් මෙම අරමුදලට බැර වී සැකසෙන ගිණුමයි.
    සක්රීය සාමාජිකයන් ලෙස හඳුන්වන්නේ දැනට කලක පටන් සේවය කරමින් වැටුපෙන් 3% ක මුදලක් මෙම අරමුදලට බැරවෙමින් තිඛෙන සාමාජිකයන්ය. මෙම සාමාජිකත්වය ලැබීමත් සමගම ඔඛෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැර වන මෙම මුදල නිසා වසර අවසානයේ පොලී මුදලක්ද, ලාභාංශයක්ද ගිණුමට එකතු වේ.

    ඊට අමතරව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා ඔබට තවත් ප්රතිලාභ 10 ක් ලබාගත හැකි වේ.

    01. ස්වයංක්රීය ජීවිත රක්ෂණ ප්රතිලාභ යෝජනා ක්රමය (රු. 100,000.00)

    02. නිත්ය දුබලතා රක්ෂණ වන්දි ප්රතිලාභ (රු. 200,000.00)

    03. හදවත් සැත්කම් සඳහා මූල්යාධාර ලබාදීම (රු. 150,000.00)

    04. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා මූල්යාධාර ලබාදීම (රු. 150,000.00)

    05. අක්ෂි කාච පැළඳීම සඳහා මූල්යධාර ලබාදීම (රු. 180,000.00)

    06. පහ වසර ශීෂ්යත්ව සමත්වන දූ දරුවන් 7,000 කට රු. 150,000.00 බැගින් ශිෂ්යත්ව පිරිනැමීම

    07. රෝහල්ගත වෛද්ය වියදම් ප්රතිපූර්ණය කිරීම (රු. 25,000.00)

    08. වියන නිවාස ණය යෝජනා ක්රමය (රු. 100,000.00 සිට රු. 1,500,000.00 දක්වා)

    09. උසස් පෙළ සමත් දූ දරුවන් 5,000 කට ඉදිරි අධ්යාපන කටයුතු වෙනුවෙන් රු. 12,000.00 බැගින් මූල්යාධාර ලබා දීම.

    10. නිත්ය දුබලතාවට පත්වන සාමාජිකයන්ගේ 5 වසර ශිෂ්යත්වය සමත්වන දූ දරුවන්ට ශිෂ්යත්ව ප්රදානය කිරීම.

    කෙසේ නමුත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ලබාගැනීම යනු, යම් ආකාරයකට කරදරකාරී කටයුත්තක් යැයි ඇතැමෙක් සිතනී. මේ නිසාම ඒ පිළිබඳව මූලික දැනුමක් ලබා අවශ්ය මුදල් ලබාගැනීමට මෙම ආයතනය වෙත පැමිණිම ඔබගේ කාලය ඉතිරි කරගැනීමක් වනු ඇත.

    ඔබට ETF (සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල) ලබා ගැනීමට අවශ්ය නම් අදාළ කාර්යාලය වෙත පැමිණ මුදල් ලබාගැනීමට පහසුකම් සලසා ඇති අංශයෙන් ඉල්ලුම්පතක් ඉල්ලා එය ඉතාම පැහැදිලිවත්, නිවැරදිවත් (නිවැරදි අක්ෂර හා දත්ත සමගින්) පුරවා එම අංශය වෙත භාර දෙන්න. ඔබේ දත්ත නිවැරදිව පුරවා ඇත්නම් උපරිම සති තුනක කාලයක් ඇතුළත අදාළ මුදල ලබාගත හැකිය.

    එසේත් නැතිනම් නාරාහේන්පිට පිහිටි ප්රධාන කාර්යාලය වෙත පැමිණ අදාළ අංශය වෙත රුපියල් 1,000 ක මුදලක් ගෙවා එක් දිනක් ඇතුළත අදාළ මුදල ලබාගැනීමටද පහසුකම් ඇත.

    යම් ලෙසකින් ඔබේ මුදල් දත්ත වල අක්ෂරවලින් හෝ විස්තර ලෙසත් නිවැරදි විය යුතු නැත් ඇතොත් ඒ වෙනුවෙන් ඔබට යම් කාලයක් කැපකිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස නිශාන්ත ලෙසින් සඳහන් නම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ නිශ්ශංක ලෙසින් හෝ නිසාන්ත ලෙසින් එක් අක්ශරයකින් හෝ සදොස් වී ඇති නම් එය නිදොස් කර ගැනීමට ඔබ දිවුරුම් ප්රකාශයක් රැගෙන යා යුතුය. එවිට අදාළ කටයුතු නැවත පැමිණිමකින් තොරව සිදු කරගත හැකිය.

    මෙම කටයුතු සිදුකරගැනීමට ඔබට නාරාහේන්පිට පිහිටි ප්රධාන කාර්යාලයටම යා යුතු නැත. දැන් මහනුවර, ගම්පහ, කුරුණෑගල, මාතර යන ප්රදේශවලද පිහිටි කාර්යාලවලට පැමිණ මෙම කටයුතු සිදුකරගත හැකි වේ.

    ඔබට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ලබා ගත හැකි අවම කාලසීමාව වන්නේ වසර පහකි. වසර පහක්වත් ආයතනයක සේවය කර ඉන් ඉවත්ව ඇත්නම් එම මුදල ඔබට අවශ්ය නම් නැවත ලබාගත හැකිය. නමුත් ඔබ එම මුදල ලබා නොගනී නම් අරමුදලේ තිඛෙන තුරු පොලී මුදලක් එකතු වීම ඔබට අවාසිදායක තත්වයක් විය හැකිය.

    ඔබට වසර පහක් එක් ආයතනයක සේවය කර ඉන් එකතු වූ අරමුදල නැවත ලබාගත්තද, මීළගට සේවය කිරීමට යන නව රැකියාව තුළින්ද ඔබට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට මාස්පතා 3% ක මුදල් ලෙසින් එකතු වී නැවත අරමුදල අලුතින් සැකසීම සිදුවේ.

    මෙම අරමුදල අදාළ වකවානුව තුළදී ලබාගැනීමට දැන් අදාළ ශාකා වෙත නොයා අන්තර්ජාල ඇසුරින් ලබාගැනීමටද පහසුකම් සලසා ඇත. ඒ අනුව අන්තර්ජාලය හරහා ලබාගන්නා අයදුම්පත් පුරවා යවා කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව හා ලංකා බැංකුව යන බැංකු තුළ ගිණුම් හිමියන්ට එම ගිණුමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල බැර වන සේ සලසා ගත හැකිය.

    උපදෙස් - K.M.A ගොඩවත්ත
    සභාපති (ප්රධාන විධායක නිලධාරී)
    සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    EPF rate eka hama tissema 8% 12% wenne naa ban. Eka awama anupaathaya. Mama danna widiyata hama tissema employee to company ratio eka 2:3 wenna ona. Samahara company thiyenawa employeegen 10% kapala company eken 15% daana ewa.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    EPF rate eka hama tissema 8% 12% wenne naa ban. Eka awama anupaathaya. Mama danna widiyata hama tissema employee to company ratio eka 2:3 wenna ona. Samahara company thiyenawa employeegen 10% kapala company eken 15% daana ewa.
    ne ratio ekak na ne. man danna company ekak thiyanawa. Employee 15% and employer 15%. minimum thamai 8% and 12% man danna widihata.
     

    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    e kiyanne wade kerepu hame company ekekeme b card tiya ganne onade?mage danetath company 2ke b card na ban.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,160
    2
    10,785
    113
    Home Sweet Home
    මම සති දෙකකට කලින් කම්කරු අමත්යන්සයට ගියා ETF balance එක check කරන්න , මගේ ID එකට ETF accounts 2 තියෙනවා , එකනම් ප්‍රශනයක් නැ , පස්සේ 1st floor

    office එකේ ඉන්න මැඩම් කිව්වා මම දැන් වැඩ කරන ආයතනයේ 2015 පස්සේ ETF දාල නැ ලු අනික ඒ ගොල්ල සල්ලි දාල තියෙන්නෙත් පරක්කු වෙලා ලු ඉතින් පොලියක්

    calculate වෙන්නවත් නැ ලු . මට දැන් ETF එකෙන් සල්ලි ගන්න ඕනේ (අවරුදු 5 කින් සල්ලි ගන්න පුළුවන් නිසා ETF එකෙන් )

    ප්‍රශ්න

    1) දැන් EPF එකෙත් accounts දෙකක් තියෙනවා නේ මේ වගේ , දැන් ඕක 1ක් account එකකට ගන්න පරන වැඩ කරපු තැනට ගියාම උන් B card එක
    a)දෙන්න බැ කිව්වොත් ?
    b) එක නැති වෙලා කිව්වොත් ?
    c) ඒක යවල තියෙන්නේ Central Bank එකට කිව්වොත් මොකද කරන්නේ ?

    2)ETF එකෙන් සල්ලි ගන්න claim ෆෝරම් එකක් දුන්න ,පරන වැඩ කරපු තැනට ගියාම උන් ඒක fill කරලා අත්සන් කරන්න බැ කිව්වොත්
    මොකද කරන්නේ ?