Euro Truck Simulator 2 (ETS 2) Guide / Review

vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    600
    93
    Euro Truck Simulator 2 (ETS 2)

    සිමියුලේටර් ක්‍රීඩාවක් එකක් කියන්නේ මොකක් ද ?
    අපි සැබෑලෝකයේ දී අහන, දකින විදින ක්‍රමය ක්‍රීඩාවක් හරහා ඒ විදියටම ලබා දීම හෝ ලබා දීමට උත්සාහ කිරීමක් කියලයි මගේ නිර්වචනය. සිමියුලේටර් ක්‍රීඩාවක් ඕනැම දෙයක් විය හැකියි. නගරයක් ගමක් ගොඩ නැගිම, පුද්ගල චරිත ගොඩ නැගිම, රථ ධාවනය, ආදී මෙකි නොකී දෙයක් විය හැකියි.

    පොඩි කාලයේ ඉදන්ම ලොකු ලොකු වාහන වලට පුදුම කැමැත්තක් නේ අපිට තියෙන්නේ. මටනම් මේක බොහොම තදින්ම තිබුණා. ලී පෙට්ටි වලින් කාඩ්බෝඩ් පෙට්ටි වලින් ඩම්ප් ට්‍රක්, ෆ්ලැට් බෙඩ් හදන එක, සෙල්ලම් කරන එක තමා මගේ විනෝදාංශය වුණේ. කොහොම වුනත් මටත් වඩා උස රෝද 6ක් තියන ඩම්ප් ට්‍රක් එක තමා මං ආසම කරපු වාහනේ. ප්‍රයිම් මුවර් එක ඒ හැම එකටම ඉහලින් රජ වෙලා තිබුණා. කොහොම නමුත් දැන් කලින්ටත් වඩා මේ වාහන වලට කැමතියි. ඒ ඒවයෙ තියන horse power, utility, tech specs දැන් හරියටම දන්න නිසයි.


    The Game

    29kwcqd.png


    මේ පරිගණක ක්‍රීඩාව පදනම් වෙලා තියෙන්නේ Trucking (සිංහලෙන් කියන්න වෙන්නෙත් ට්‍රකින් කියල තමයි) මත. ඒ කියන්නේ ට්‍රක් රථ යොදාගෙන එක් අන්තයක සිට තවත් අන්තයකට නොයෙක් වර්ගයේ බඩු භාන්ඩ නියමිත කාලයක් තුල ප්‍රවාහනය කිරීම, එය සංවිධානාත්මකව සිදු කිරිම, නව රථ මිලට ගැනීම, තිබෙන රථ අලුත් වැඩියාව, රථ වාහන නැවැත්වීමට ගරාජ මිලට ගැනීම, ට්‍රක් රථ නවීකරණය, ආයතනයට නව සේවකයන් බදවා ගැනීම, බැංකු ණය ලබා ගැනීම සහ ගෙවීම වැනි බොහෝ දේ ඇතුලත්.

    මේ පරිගණක ක්‍රීඩාව නිපදවල තියෙන්නේ SCS Software ආයතනය 2012 වසරෙදි.

    ETS 2 පටන් ගනිද්දී ඔබට කිසිවක් නැහැ. රියදුරෙක් විතරයි. වෙනත් ට්‍රක් ට්‍රාන්ස්පෝර්ට් ආයතන වල කෙටි දුර වටිනා කම අඩු බඩු අරන් යන්න තමයි මුලින්ම ලැබෙන්නේ. ට්‍රක් රථ පවා බොහොම මූලික මට්ටමේ ඒවා. මේ ගමන් ඉතා වගකීමෙන් මාර්ග නීති වලට අනුකූලව නියමිත වෙලාවට, භාන්ඩ වලට හානියක් නොවී ප්‍රවාහනය කර දීමෙන් අපට ලැබෙන මූලික මෙහෙයුම අවසන් වෙන අතරෙම අපේ Game rank එක ඉහල යාමක් වෙනවා එතෙනදී ලබා දෙන experience points වලින්. මෙතනදී ඔබ අවසන් කරන ගමනාන්තයට අදාල මුදලත්, සුපරීක්ෂාකාරීව ගමන් කිරීමේ බෝනස්, නැවැත්වීමේ දීමනා සහ සුවිශේෂ දීමනා ලබා ගන්න පුලුවන්. මේ විදියට ඉතිරි කරගන්නා මුදල් වලින් පලමුවෙනි ඔබේම ට්‍රක් රථය මිලට ගන්න සිහිනය සැබෑ කරගන්නත් පුලුවන්. මේ විදියට ඔබ මිලට ගන්න පලවෙනි ට්‍රක් රථය තමයි ඔබගේ ම කියල ට්‍රක් ප්‍රවාහන සමාගමක සිහිනය සැබෑ කරන මූලික පියවර වෙන්නේ. මෙතැනින් එහාට ගමන පැහැදිලියි නමුත් වගකීම ඔබ සතුයි. කිසිම කලබලයක් නෑ. ඔබ හරියට වැඩ කලොත් ඔබට මුදල් ලැබේවි ඔබේ සිහිනය සැබෑ කර ගන්න.
    ලියන්න ලේසි වුනත් පලවෙනි ගරාජ් එක මිලට ගන්න සෑහෙන තරම් ගමනාන්ත ගණනකට යන්න සිද්ධ වුනා මට.



    The Trucks

    inebdd.jpg


    ETS 2 ක්‍රීඩාවේ මූලිකව යුරෝපයේ අති ජනප්‍රිය ට්‍රක් රථ සන්නාම බොහොමයක්ම ඇතුලත්. මේ මොඩලයන් සියල්ල ඉතා සියුම්ව ප්‍රතිරූපනය කරල තිබෙන බව පේනවා. මේවායේ ක්‍රියාකාරීත්වයන් සැබෑ වාහන තරම්ම ලබාදෙන්න සෑහෙන හොද උත්සාහයක් දරලත් තිබෙනව. වේග දෙකක වයිපර්, හෑන්ඩ් බ්‍රේක්, සිග්නල්, ගියර් මාරු කිරීම්, cruise control, විදුලි පහන්, අමතර විදුලි පහන්, සහ තවත් ක්‍රීයාකාරී උපාංග ඇතුලත්.

    ප්‍රධාන වශයෙන් මෙන්න මේ ට්‍රක් රථ ඇතුලත්

    DAF.
    Iveco.
    MAN.
    Mercedes-Benz.
    Renault.
    Scania.
    Volvo.

    පුද්ගලිකවම මම කැමතිම ට්‍රක් රථ වර්ගය Volvo සහ Mercedes – Benz. ඒ ඒවා පදවද්දී දැනෙන smooth ගතිය නිසයි. මේක racing game එකක් නොවෙයි. මේක ඔබ සහ ඔබේ ට්‍රක් රථය පරීක්ෂාකාරීව නියමිත වෙලාවට පැදවීම පමණයි. මටනම් මේක ගොඩක් relaxing අත්දැකීමක් වුනා බොහෝ අවස්ථා වලදී. අපට අවශ්‍ය සංගීතයක් හෝ mp3 සිංදු දාගන්න පුලුවන් කම නිසා බොහෝ දුර ගමනාන්ත මනස්කාන්ත අහස් තල, ඒ ඒ පළාත් වලට අදාල භූමි සලකුණු සහ ස්වභාවික වටපිටාව හරහා ගමන් කරද්දී ඉතාම හොද අත්දැකීමක් ලබා ගන්න පුලුවන්.
    නමුත් මේ සියල්ල කියන තරම් සුන්දර නැහැ. මුලදී කෙටි දුර වුනත් ටිකෙන් ටික අපේ ගමනාන්ත දුරින් වැඩි වීම, උදේ දවල් රෑ ගතවීම, වැස්ස ඇද හැලීම, ට්‍රැෆික් සහිත මාර්ග, පටු මාර්ග, පොලිස් වේග සීමා වගේ සීමා සහ බාධක ඇතිවෙනවා. මාර්ග අනතුරු වලට විශාල දඩ සහ ඔබ ගෙන යන භාන්ඩ ආපදා වීමත් විය හැකියි. සමහර විට ඔබේ වරදක් නැතත් මාර්ගයේ ගමන් කරන වෙනත් රියදුරෙක් නිසා භාන්ඩ හානි සිදුවිය හැකියි. මෙම ආපදා ගමනාන්තයේ දී ඔබට කරන ගෙවීමෙන් අඩු කෙරෙනු ඇති. ඔබට ලැබෙන experience point ප්‍රමාණයකුත් මෙහිදී අඩුවනු ඇති.
    අනතුරු වලදී ඔබගේ ට්‍රක් රථයට හානි සිදුවන අතර මෙය ප්‍රතිශතයක් ලෙස පෙන්වයි. හානිය බරපතල සහ නිශ්චිත (permanent) එකක් වුනත් විය හැකියි. බරපතල හෝ යම් ප්‍රමාණයක හානියක් වුනේ නම් එය ට්‍රක් රථයේ එන්ජිමට බොහෝ දුරට බලපාන අතර එය රථයේ කාර්යක්ෂම තාව ඉතාමත් පහල තත්වයකට වුවත් දැමිය හැකිතරම් විය හැකියි. කලින් තරම් ඇක්සලරේට් නොවීම, එන්ජිම හදිසියේ නතර වී නැවත පණගැන්වීම, අධික ලෙස එන්ජිම රත්වීම වගේ කරුණු සිදුවිය හැකියි. මෙහිදී තියන ලොකුම අඩුපාඩුව වාහනයට අපට ඇසට පෙනෙන කිසිදු හානියක් දැකගත හැකි නොවිමයි. ඒක මේ ක්‍රීඩාවේ ලොකුම අඩුපාඩුවක් විදියට දකින්න පුලුවන්.
    මෙහෙම සිදුවෙන හානි සියල්ල service point එකකට ගිහින් හදාගන්න පුලුවන්. ඒ සදහා ඔබගේ ආදායමෙන් කොටසක් වැයවෙනවා. හොදම දේ පරීක්ෂාවෙන් රථය පැදවීමයි.
    මේක ටිකක් කම්මැලි වැඩක් වගේ පෙනුනත් මුල් අවස්ථාවලදී ට්‍රක් පිස්සු නටනව වගේ දැනුනත් ටිකෙන් ටික ඔබේ අතට මේ ශක්තිවන්ත යක්ෂයා මෙල්ල වෙද්දී ඔබට තේරෙන්න ගනීවි මේ ක්‍රීඩාව. මේක විදින්න යතුරුපුවරුව හා මවුසය (keyboard and mouse) යන දෙකම වුවමනා වන අතර මෙහි සැබෑ අත්දැකීමකට සමානව ගන්න නම් අඩුම ගණනේ ඇනලොග් කන්ට්‍රෝලරයක් සහ (analog controller) මවුසයක් අවශ්‍ය වෙන බවයි මගේ පුද්ගලික අත්දැකීම. විශේෂයෙන් ම වාහනය හැරවීමේදී අපි යතුරුපුවරුවේ A, D or Directional arrow keys භාවිතා කරන අතර එහිදී සුක්කානම අපට අවශ්‍ය ප්‍රමාණයෙන් නවත්වා ගන්න බැරි වෙනවා. උදාහරණයක් විදියට දකුණු පැත්තට හරවන්න යතුර එබුවොත් එය වාහනයේ සුක්කානම දකුණු පැත්තට මුලුමනින්ම හරවනවා. නමුත් කන්ට්‍රෝලරයේ දී සහ ගේම් වීල් එකේදී අපට අවශ්‍ය ප්‍රමාණයට විතරක් smoothly හසුරවන්න පුලුවන් වෙනවා.


    Road condition and traffic

    168yd5s.jpg


    ක්‍රීඩාවේ පාරවල් වල සහ නගර වල තිබෙන වාහන තදබදයත් අනෙක් වාහන වල හැසිරීමත් අපිට එක්වර හිතා ගන්න බැහැ. සැබෑ පාරවල් වල වගේම නොහිතූ විදියට නැවැත් වීම් සහ හැරවීම් සිදු වෙනවා. ඒ වගේමයි එක් එක් තැන් වල වේග සීමාවන් වෙනස්. ඒ වේග සීමා වලට වඩා වැඩි වේගයකින් ගියොත් traffic camera ඇති තැනක් නම් අනිවාර්යයෙන් දඩයක් වදිනු ඇති. ඒ වගේම හදිසියේම පාරවල් නවීකරණය කරන තැන්, වසා ඇති පාරවල්, අධිවේගී මාර්ග හා සමාන්‍ය මාර්ග, මාර්ග හුවමාරු මධ්‍යස්ථාන, විවේක ගන්නා තැන් සහ ඉන්ධන පිරිවුම් හල් මේ ක්‍රීඩාවට ඇතුලත්. ක්‍රීඩකයා රටකින් රටකට ගමන් කිරීමේදී ඒ ඒ රට වලට සහ පලාත් වලට අදාල විශේෂ භූ විෂමතා සහ ගොඩනැගිලි පවා තාත්වික වටපිටාවක් නිර්මාණය කරනවා. කොහොම වුනත් මේ ක්‍රීඩාවට භාවිතා කරල තියන ගේම් එන්ජින් එකේ තත්වයන් නිසාදෝ පාරේ යන මිනිසුන් සහ වාහන සංඛ්‍යාව ඉතා සීමිත වීමත් සජීවී බවකින් තොර වීමත් දක්වන්න පුලුවන්. කොටින්ම කිව්වොත් ක්‍රීඩකයාගේ ට්‍රක් රථයේ පවා රියදුරු සිටින බවක් පෙන්වන්නේ නැහැ රිය පදවද්දී පිටත කැමරාවකින් බැලුවොතින්.
    ETS 2 සදහා වෙනමම විශාල community එකක් ඉන්නවා. ඒ නිසාම DLC සෑහෙන්න නිකුත් වෙනවා මේ ක්‍රීඩාවට. ඇත්තෙන්ම කිව්වොත් ETS 2 ඉවරයක් වෙන ක්‍රීඩාවක් නෙවෙයි. දවසින් දවස ඔබට තේරේවි ඔබ ඉදිරියට යනවා. නමුත් කාලය ගතවෙනවා මේකට. Game time එක සාමාන්‍ය වෙලාවත් එක්ක සැසදුවොත් 3 ගුණයක සිට 15 ගුණයක් දක්වා වෙනස් වෙනවා. (service area 3x / highways 15x)


    Truck Modification

    2hcdp2e.jpg


    ඔබ විසින් මිලට ගන්නා ට්‍රක් රථ හැම එකක් ම පාහේ වැඩිදියුණු කල හැකියි. මේකෙදී බාහිිර පෙනුම (cosmetics modification) වගේම කාර්යක්ෂමතාව ඉහල දැමීමට අදාල වැඩිදියුණු කිරීම් ඇතුලත්. Wheel configuration, drive train, gearbox, engine, beacon light, additional lights, crash bars සහ Left / right cabin configuration වැනි අයිතම මේකට ඇතුලත්. ට්‍රක් එක වැඩිදියුණු කල පසු එහි වේගය, පාලනය, ආලෝක දිශාව පාලනය, වාහනය හසුරවන තැන පාලනය වගේ සියුම් වෙනස්කම් පවා සිදු කල හැකියි.


    Map

    20u21cw.jpg


    ප්‍රධාන අරමුණට අමතරව ETS 2 හි අමතර කාර්යයක් වන්නේ මෙහි ඇති Europe Map එක ගවේශණය කිරීමයි. එය ප්‍රතිශතයක් විදියට සිතියමට ඇතුලත් වූ විට බලා ගත හැකියි. ඊට අමතරව නොයෙකුත් ට්‍රක් රථ ගනුදෙනු කරුවන් හා සම්බන්ධ වී නව ට්‍රක් රථ මිලටගැනීම, ට්‍රක් රථ අලුත් වැඩියා කර ගැනීම, රැකියා ඒජන්සි සොයා ගැනීම, විවේක ගන්නා තැන් සහ ඉන්ධන පිරවුම් හල්, වේග සීමා, මාර්ග අංක සහ දැනට ඇති මෙහෙයුමේ මාර්ගය රතු පැහැයෙන් වර්ණගන්වා දැක ගත හැකියි. තිරය පුරා විහිදෙන විශාල සිතියමට අමතරව අප ගමන් කරද්දී නැවිගේටරයක් (Navigator) ආකාරයේ තිරයක් අපට දැකගත හැකියි.

    Driver Hiring, Bank and Bank Loans

    ඔබ සතුව අවම තරමේ එක් ගරාජයක් හා එක් ට්‍රක්රථයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ නම් ඔබට නව රියදුරන් රැකියාවට බදවා ගන්න පුලුවන්. මේ සදහා ඔවුන්ගේ රියදුරු හැකියාව මත ගෙවිය යුතු මුදල වෙනස් වෙනවා. ඔබට කැමති වෙලාවක රියදුරන් බදවා ගන්න වගේම රැකියාවෙන් ඉවත් කර වෙන අයෙක් බදවා ගන්න හැකියාවත් මෙයට ඇතුලත්. ගමනාන්ත කරා යාමේදී ඔබට ලැබෙන ආදායම කෙලින්ම බැංකු ගත වන අතර ඔබට මූලික ණය පහසුකම්ද ලබා ගන්න හැකියාව ලැබෙනවා. මෙසේ ලබා ගන්නා ණය මුදල් වාරික වශයෙන් බැංකුව විසින් ඔබගේ ගිණුමෙන් අඩුකරගැනිමේ හැකියාව පවතිනවා. ඔබට ට්‍රක් රථ එකකට වඩා ඇත්නම් ඒවා සදහා රියදුරන් බදවාගෙන ගමනාන්ත දක්වා ගමන් කරවා ආදායමක් ලබා ගන්න පුලුවන්. මෙහිදී රියදුරන් ගේ හැකියාව මත ඔවුන් ගමන් කරන ගමනාන්ත, භාණ්ඩ වල වටිනා කම ස්වභාවය සහ ඒ මත ආදායම වෙනස් විය හැකියි.


    Verdict

    ek0t9f.jpg


    කොහොම නමුත් ETS 2 පරිගණක ක්‍රීඩාව සෑහෙන වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දෙන දිනපතාම අලුත් ඔබේ trucking හැකියාව සහ ඉවසීම වැඩි දියුණු කරන ක්‍රීඩාවක් කියන්න පුලුවන්. නමුත් සිදුවන හානි ප්‍රතිනිර්මාණයක් නොවීම, ක්‍රීඩාවට සෑහෙන කාලයක් ගතවීම, තවමත් සමහර optimization කර නොමැති බවක් දැනීම මෙහි අඩුපාඩු විදියට දක්වන්න පුලුවන්. මේ genre ටම අයත් Hard Truck, King of the road, 18 wheels of steel, වල ඉහලින්ම ස්ථානය ETS 2 වෙත ලබා දෙන්න පුලුවන්.
    කලින් කිව්ව වගේම ETS 2 වලට විශාල සාමාජිකයන් පිරිසක් ඇති නිසා සෑහෙන modification ප්‍රමාණයකුත් අන්තර්ජාලයේ දකින්න පුලුවන්. ඒවා අත්හදා බැලීමත් එක්තරා විදියක විනෝදාංශයක්.
    එහෙනම්

    Happy Trucking with ETS 2!
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    post එක ලස්සනයි මචන්,දිගටම මේ වගේ පොස්ට් දාපන්,ජය !!!!!!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,146
    4,416
    113
    ඔව වැඩක් නැ බන් මේ සින්ඝලුන්ට ..විස්තරේ අන්තිමට නිකන් බාගන්න පුලුහන් ලින්ක් දාපන් ඒච්චරයි ....
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,860
    25,024
    113
    Fantasy
    මන් ට්‍රක් ගේම් පටන් ගත්තේ 18 wheels convoy game eken.
    King of the Road එකත් පට්ට ඒ කාලේ හැටියට.
    මන් තාමත් ගහනවා බන් ETS ෆ්‍රී වෙලවට.
    ඒක වෙනම ආතල් එකක් බන්. කොහොමද ඔය වගේ වාහනයක් එලවද්දී එන ගැම්ම.:love::love::love:
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මන් ට්‍රක් ගේම් පටන් ගත්තේ 18 wheels convoy game eken.
    King of the Road එකත් පට්ට ඒ කාලේ හැටියට.
    මන් තාමත් ගහනවා බන් ETS ෆ්‍රී වෙලවට.
    ඒක වෙනම ආතල් එකක් බන්. කොහොමද ඔය වගේ වාහනයක් එලවද්දී එන ගැම්ම.:love::love::love:

    Math gahanawa oya game eka. Truck ekak padiddi ena gamma supiriyatama ganna puluwan. man oya game eka update kara kara Gahanne. ETS 2 web eke thiyanawa download karanna. ita passe crack ekak hoyagannawa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔව වැඩක් නැ බන් මේ සින්ඝලුන්ට ..විස්තරේ අන්තිමට නිකන් බාගන්න පුලුහන් ලින්ක් දාපන් ඒච්චරයි ....

    :lol:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔව වැඩක් නැ බන් මේ සින්ඝලුන්ට ..විස්තරේ අන්තිමට නිකන් බාගන්න පුලුහන් ලින්ක් දාපන් ඒච්චරයි ....

    අන්නේකයි. :D
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ATS, ETS2 release කරපු කාලේ ඉඳලා අද වෙනකං SCS Software දිගටම products improve කරා. අදටත් free වෙලාවට play කරනවා. ලංකාවේ community එක කෙහොමද දන්න්‍ර නෑ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බොරු කියන්න ඕනා නෑ ETS 2 ගහලා තමා වාහන තිතට රිවර්ස් කරන්න ඉගෙන ගත්තේ. ගේම් එක ගහලා ගත්ත අත්දැකීම් ප්‍රයෝගික ජිවිතයේ අත්වින්දා. :love:
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    මමත් පාලු වෙලාවට ETS 1.3 සෙල්ලම් කරනවා. ETS 2 ගන්න හිත මිතුරෙක් උදවු කරාවි කියලා බලං ඉන්නවා...
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,738
    1
    100,047
    113
    33
    Kalutara
    ඕක තියේ මන් ගාව. ඕකට කලින් 18 WHEELS OF CONVOY ගැහුවේ 2010 වගේ මතක විදිහට, ඒක ගැන තිබ්බේ විජය පරිගණක පත්තරේ. ඒක බලල තමයි හොයල ඩව්න්ලෝඩ් කරගත්තේ, :D