Pacha mama gen thavath lol pachayak
විනය ගරුක සමාජයක් ගොඩනගමින් රට ඉදිරියට ගෙනයනවා
ජනතාවාදි රජයක් පමණක් නොව විනය ගරුක සමාජයක් ගොඩනගමින් රට ඉදිරියට ගෙන යාම වත්මන් රජයේ මීළඟ පියවර බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විදෙස් රටවලට යටවී ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් හැසිරිමට තමන් කිසිවිටෙකත් සූදානම් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගොඩනැගූ රට ආපස්සට ගෙන යාමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ද ජනාධීපතිවරයා සඳහන් කර සිටියේය.
අද(29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් රජය සෑම විටම අධීකරණයේ ස්වාධීනත්වයට ගරු කරන රජයක් බවයි.

Last edited: