Explore Feedෆේස්බුක් සමාගම හකුලා ගනියි ?

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    Explore Feedෆේස්බුක් සමාගම හකුලා ගනියි ?

    “Facebook Explore Feed” ෆේස්බුක් සමාගම හකුලා ගනියි ?

    Facebook Explore Feed නිසා ෆේස්බුකියේ බොහෝ දෙනෙක් ගැටලුවලට මුහුණ පාන්නට සිදුවෙලා තියෙන පුවත ඔබ මේ වන විටත් දන්නවා ඇති.
    මේ හේතුවෙන් ලංකාවෙ ෆේස්බුක් පිටුවලට ලොකු ගැටළුවක් ඇතිවෙයි කියලා තමයි ගොඩක් අය හිතුවෙ.
    කොහොම වුනත් මේ දවස්වල අඩු වැඩි වශයෙන් ගොඩක් දෙනා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා.

    ෆේස්බුක් මගින් නිකුත්කල මෙම යාවත්කාලීන කිරීම නිසා සාමාන්‍ය නෙව්ස් ෆීඩ් එක තුල Facebook pages මගින් දමන පොස්ට් දර්ශනය වීම කර ඒ සඳහා වෙනමම Facebook Explore Feed හඳුන්වා දී තිබුනා.

    මෙම Facebook Explore Feed යාවත්කාලීන කිරීමට ලොව පුරා සිටින Facebook සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවුනත් ලංකාව ඇතුළු තවත් රටවල් 05 ට මෙම යාවත්කාලීන කිරීම වෙනස් විදියට සිදුකර තිබෙනවා.
    ඒ අනුව ශ්‍රී ලංකාව,සර්බියාව,බොලීවියාව, ගෝතමාලාව, කාම්බෝජියාව සහ ස්ලොවේකියා යන රටවල් වලට Facebook pages මගින් දමන පොස්ට් සියල්ලම Explore Feed හි පමණක් පෙන්වනු ලබනවා.
    අනෙකුත් රටවල් වලටද ඔවුන් like කර ඇති pages සහ ඔවුන්ට සුදුසුයැයි අනුමාන කරන පොස්ට් Explore Feed එක තුල පෙන්වනු ලැබුවද ඔවුන්ට සුදුසු යැයි අනුමාන කරන සහ ඔවුන් link කර ඇති pagesවලට අදාල ඉතා ජනප්‍රිය සහ ගුණාත්මක පොස්ට් සාමාන්‍ය News feed එක තුල පෙන්වනු ලබනවා.
    කොහොම වුනත් මෙය තවමත් පර්යේෂණ තත්වයේ පවතින නිසා ඉදිරියේදී තවත් වෙනස්කම් වලට මුහුණදෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා.
    මේ පිළිබඳව ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ජාලා බොහෝමයක් මෙන්ම ලෝක ප්‍රකට පුද්ගලයන් රැසක් ෆේස්බුක් සමාගමට සිය අප්‍රසාදය පලකර ඇති බවයි වාර්තා වන්නේ.
    පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක් හී රීච් එක අඩුවී ඇති ආකාරය.
    GHZpWav.png

    මුල්දී පැවතී reach එක ලබාගැනීමට නම් ෆේස්බුක් පිටුවලට අධික ලෙස මුදල් කිරීමට සිදු වීම හේතුවෙන්, බොහෝ ෆේස්බුක් පිටු ඔවුන්ගේ පිටු වසා දැමීමට පවා කටයුතු කර තිබෙන බැවින්, ෆේස්බුක් වලට ප්‍රධාන අදායම් මාර්ගයක් ගෙන දෙන ෆේස්බුක් පිටු මෙසේ වැසියාම ලොකු ගැටලුවක් බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි.
    මෙය තවමත් පරීක්ෂණයක් බවත්, මෙම පරීක්ෂණය අවසාන වන දිනය තවමත් ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
    මිට අමතරව මෙම අලුත් update එක ඇති කිරීමෙන් පසු, එදිනෙදා තම ගිණුමේ සිටි යහළුවන්ගේ post ද සමහර අයට නොපෙන්වන බවටද, මිට අමතරව තමන් like කර ඇති පිටුවල post, explore feed එකේ නොපෙන්වන බවත් සඳහන් කරමින් බොහෝ පැමිණිලි ලැබී ඇති බවටද ඔවුන් සඳහන් කරයි.
    මෙම Update එක එය Global update එකක් නොවන අතර, එහි කිසිදු සැලසුමක් නොමැති බවත්, ඉදිරි මාස කිහිපයේදී මෙහි ඇති බලපෑම හා සාර්ථකත්වය සොයා බලා මෙය ක්රියාතමක් කිරීම හෝ නොකිරම ගැන අවසන් තීරණයට එළඹෙන බව ෆේස්බුක් ආයතනයේ News Feed පිලිබඳ ප්‍රධානී Adam Mosseri මහතා සඳහන් කරයි.
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ෆේස් බුක් එක අතකින් පව්. උන් ඇමරිකාවේ liberal, conservative කඹ ඇදිමේ තරගයට මැදිවෙලා ඉන්නේ. ඒක නිසා උන්ට කරගන්න දෙයක් නෑ.
    liberal පක්ෂ උන් (democratic) උන් කියනවා republic උන් දින්නේ ෆේස් බුක් ෆේක් නිව්ස් දාන්න උදව් කරලා උන්ගේ රේටින්ස් අඩු කරපු නිසා කියලා, conservative උන් ෆේස් බුක් එකට බනිනවා උන් conservative news pages වල නිව්ස් අවහිර කරනවා කියලා. :rofl:

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ෆේස් බුක් එක අතකින් පව්. උන් ඇමරිකාවේ liberal, conservative කඹ ඇදිමේ තරගයට මැදිවෙලා ඉන්නේ. ඒක නිසා උන්ට කරගන්න දෙයක් නෑ.
    liberal පක්ෂ උන් (democratic) උන් කියනවා republic උන් දින්නේ ෆේස් බුක් ෆේක් නිව්ස් දාන්න උදව් කරලා උන්ගේ රේටින්ස් අඩු කරපු නිසා කියලා, conservative උන් ෆේස් බුක් එකට බනිනවා උන් conservative news pages වල නිව්ස් අවහිර කරනවා කියලා. :rofl:


    ටොයි බයි ඇමරිකන් වර්ෂන් :rofl: