EXPOSURE-photography with amilaboy

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඕන්න මචන්ලා අද කියාදෙන්න හදන්නෙ Photography වල මූලිකම සිද්ධාන්ත ටික. ඒක නිසා පිස්සු කෙලින්නේ නැතුව අහගනිල්ලා.අද මං EXPOSURE එක ගැනත් ඒකට බලපාන සාධක ගැනත් කියලා දෙන්නම්.


    UNDERSTANDING EXPOSURE

    exposurebucket.png


    මොකද්ද මේ EXPOSURE කියන්නේ? සරලවම කියනවානම් පිතූරයක EXPOSURE එක තමයි ඒකට කොච්චර එලියක් ඕනද කොච්චර අදුරක් ඕනද කියලා තීරණය කරන්නේ. මං මෙහෙම උදාහරණයක් දෙන්නම්.පින්තූරයකට ගැලපෙන නියමම EXPOSURE එක ළගාකරගන්නවයි කියන්නේ හරියට භාජනයකට වැහි වතුර එකතුකරනවා වගේ වැඩක්. එකෙදී අපිට වැස්ස පාලනය කරන්න බෑනේ. ඒත් අපිට පාලනය කරන්න පුලුවන් සාධක 3ක් තියෙනවා.එකක් භාජනයේ කටේ ප්‍රමානය, අනික භාජනය වැස්සේ තියන කාලය.අනික අපිට වතුර අවශ්‍ය ප්‍රමානය.මෙන්න මේ සාධක 3 තීරණය කරනවා අපිට අඩුවෙන් වතුර එකතුකරල දෙනවද (Under exposure) අවශ්‍ය ප්‍රමානයට එකතුකරල දෙනවද ( correct exposure) නැත්නම් ඕනාවට වඩා දෙනවද කියලා. (over exposure)

    exposure.jpg

    (Under exposure,over exposure සහ correct exposure)

    උදාහරනයක් විදියට අපිට නියමිත වැහි වතුර ටිකක් එකතු කරගන්න කට ලොකු භාජනයක් පොඩි වේලාවක් එලියේ තිබ්බම ඇති කියල හිතමුකෝ. ඒත් අපිට තියෙන්නෙ පොඩි කටක් තියෙන භාජනයක් නම් අර කලින් වතුර ප්‍රමානයම ලබා ගන්න අපිට කරන තියෙන්නේ වැඩි වැඩි වෙලවාක් භාජනය එලියෙ තියන එකයි.

    ඔය කියපු කාරනා තුනම photography වල exposure එකටත් ඒ විදියටම අදාල කරගන්න පුලුවන්. කලින් උදාහරනයේ කියපු කටේ පළල, කාලය, ප්‍රමාණය photography වලට එනකොට aperture, shutter speed සහ ISO විදියට නම් වෙනස් වෙලා එනවා.

    EXPOSURE ත්‍රිකෝණය: APERTURE, ISO සහ SHUTTER SPEED

    exposuretriangle.png


    මේ සාධක 3න් එකක කිසියම් හෝ වෙනසක් exposure එකේ වෙනසක් කරන්න හේතු වෙනවා.EXPOSURE ත්‍රිකෝණය දිහා බැලුවොත් ඔයාලට පේනෙයි APERTURE, ISO සහ SHUTTER SPEED ඒක්ක බැදිච්ච තවත් කාරනා 3ක් තියෙනවා කියලා. ප්‍රධාන සාදක 3 වෙනස් වෙනකොට exposure එකට අමතරව ඒ අනු සාධක තුනෙත් විවිද වෙනස්කම් හටගන්නවා. අපි ඒ හැම එකක් ගැනම එකින් එක බලමු.

    SHUTTER SPEED

    මේකෙන් කියන්නෙ කැමරාවේ shutter එක open වෙලා තියෙන කාලය කොච්චරද කියලා. මේ shutter speed එක තීරණය කරනවා lens එකෙන් එන ආලෝකය කොච්චර වෙලාවක් sensor එකට දෙනවද කියලා. හරියට භාජනය කොච්චරවෙලා එලියේ තියනවාද වගේ. වේගවත් shutter speed එකකින් අඩු වෙලාවක් shutter එක open වෙලා තියෙන නිසා අඩු ආලෝක ප්‍රමානයකුත් වේගයෙන් අඩු shutter speed එකකින් වැඩි වෙලාවක් shutter එක open වෙලා තියෙන නිසා වැඩි ආලෝක ප්‍රමානයකුත් sensor එකට ලැබෙනවා. ඒ නිසා shutter speed එකත් exposure එකත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්දයක්.(ISO සහ aperture යන සාධක නොවෙනස්ව තිබියදී ) ඒ කියන්නේ shutter speed එක වැඩි වෙනකොට exposure එක අඩු වෙනවා shutter speed එක අඩු වෙනකොට exposure එක වැඩි වෙනවා. මේ සම්බන්දතාවය 1:1 අගයක් ගන්නවා. ඒ කියන්නෙ ආලෝකය දෙගුනයකින් sensor එකට එන්න දුන්නොත් (low shutter speed) දෙගුනයකින් exposure එකත් වැඩි වෙනවයි කියන එකයි.
    බොහෝවිට රාත්‍රියේදී අපිට අලෝකය ලබා ගැනිම අපහසු නිසා. අඩු shutter speed එකක් භාවිතා කිරන්න සිදුවෙනවා.

    මේ shutter speed එකත් එක්ක බැදිච්ච අනිත් කාරණය තමයි motion blur කියන්නෙ. ඒ කියන්නෙ අඩු shutter speed එක හේතුවෙන් වැඩි කාලයක් අලෝකය කැමරාව ඇතුලට ගමන් කරන නිසා අපි ජායාරූප ගතකරන වස්තුවේ හෝ කැමරාවේ සෙලවීම් පවා sensor එකේ සටහන් වීමයී. motion blur ඇතම් විට පින්තූරයට අලංකාරයකුත් ඇතැම්විට හානියකුත් සිදුවන්න පුලුවන්.

    blurmotiontrain600x400.jpg
    captureamn.jpg

    motion blur නිසා අලංකාර වුන පිතූරයක් සහ හානියට පත් පින්තූරයක්.

    APERTURE

    මේකෙන් තමයි කැමරාවට ආලෝකය එකපාර කොච්චර යවනවද කියල තිරනය කරන lens එකේ තියෙන සිදුර. හරියට අර භාජනයේ කටේ ප්‍රමාණය වගෙයි. මේකෙන් වෙන්නෙත් ඇසේ කණීනිකාවෙන් වෙන දේම තමයි. මේ aperture එක මනින්නේ f-stop අගයෙන්. මේ f-stop අගයත් aperture එකත් අතර තියෙනේ ප්‍රතිලෝම සම්බන්දයක්. ඒ කියන්නේ aperture එක ලොකු වෙනවයි කියන්නේ f-stop අගය පොඩි වෙනවයි කියන එක. aperture එක පොඩි වෙනවයි කියන්නේ f-stop අගය විශාල වෙනවයි කියන එක.

    images1jjz.jpg


    මේ aperture එකත් එක්ක බැදිච්ච අනිත් කාරණය තමයි depth of field කියන්නෙ. ඒ කියන්නෙ පින්තූරයේ කොච්චරක් ගැබුරට focus වෙන්න ඕනද කියලා.aperture එකත් depth of field අතර තියෙන්නෙත් ප්‍රතිලෝම සම්බන්දයක්. විශාල aperture එකකින් අඩු depth of field එකක් සහ කුඩා aperture එකකින් වැඩි depth of field එකක් ලබාගන්න පුලුවන්.

    dof.png
    150150dofblongfigure1or.jpg

    අඩු aperture එකකින් වැඩි depth of field එකක් සහ ඩැඩි aperture එකකින් අඩු depth of field එකක් ලබා ගන්න පුලුවන්.

    මේ depth of field අඩු වැඩි කිරීමෙන් ඉතා අලන්කාර පින්තූර ලබාගන්න අපිට පුලුවන්.

    ISO

    මේකෙන් අදහස් කරන්නේ කැමරාව අලෝකයට කොතරම් සංවේදී ද යන්නයි.ISO එකත් exposure එකත් අතර අනුලෝම 1:1 සම්බන්දයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ISO එක දෙගුනයකින් වැඩි කලොත් exposure එකත් දෙගුනයකින් වැඩි වෙනවා.

    මේ ISO එකත් එක්ක බැදිච්ච අනිත් කාරණය තමයි image Noise කියන්නෙ.ISO එක වැඩි වෙනකොට image Noise එකත් වැඩි වෙනවා. depth of field සහ motion blur වල හොද පැත්තක් තිබ්බත් මේ image Noise එකෙන් වෙන්නේ පින්තූරය විනාශ වීමක් පමනයි. එ නිසා හැකි හැම විටම හැකිතාක් අඩු ISO එකකින් පින්තුර ලබාගැනීමත් අත්‍යාවශ්‍ය වෙලවකට පමනක් ඉහල ISO එකක සහය පැතීමත් කල යුතුයි.

    noise600.gif


    ඔන්න ඉතින් ඒකත් ඉවරයි. ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.
    රෙප් ඉල්ලුවට comment දාන්න කිව්වට ගොඩක් අය බලලා යනවා විතරයි.
    ඒ මොනව උනත් මේ thread එක මං දිගටම ගෙනියනවා.
    එහෙනම් ඊළග පාඩමෙන් හම්බෙනකන් ටටා


    සම්පූර්ණ පාඩමට link
     
    Last edited:
    • Like
    Reactions: smother