F-22 Raptor පියාසර මෙහෙයුම්

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
F-22 Raptor පියාසර මෙහෙයුම්


F-22 Raptor පියාසර මෙහෙයුම් [ High Definition Photos ]







8වැනි ප්‍රහාරක යානා බලගණයේ මේජර් ඩැනියෙල් ලෙහොස්කි පුහුණුවීමේ මෙහෙයුමක් සඳහා පිටත්වීමට පෙර F-22 යානා නඩත්තු හා සේවා භාර නිළධාරියාගෙන් සුබපැතුම් ලබාගනී.


ගුවන්ගතවීමට මොහොතකට පෙර....

F-22 රැප්ටර් නියමුවා යානය ඉදිරියේ සිටින එයාක්‍රාෆ්ට් මාෂල්වරයාගේ සංඥා බලාපොරොත්තුවෙන් සිටී....

F-22 රැප්ටර් යානයක් ශබ්දයේ වේගය ඉක්මවන මොහොත -
"ආක්ටික් තන්ඩර්" පුහුණු මෙහෙයුම 2014 ජූලි


ඇලස්කාවේ එල්මෙන්ඩෝර්ෆ්-රිචර්ඩ්සන් ගුවන්හමුදා කඳවුර ආශ්‍රිතව 2014 ජූලියේදී පැවැත්වුනු ආර්ක්ටික් තන්ඩර් පුහුණු මෙහෙයුමේදී ගන්නා ලද ඡායාරූපයකි.


සමූහ පියාසැරිය - ටින්ඩල් ගුවන් කඳවුර, ෆ්ලොරිඩා ප්‍රාන්තය

ෆ්ලෝරිඩාවේ ටින්ඩල් ගුවන් කඳවුරට F-22 රැප්ටර් යානා 24ක් අලුතින් එක්වුනු අතර, එම යානා 24න්, මුලින්ම කඳවුරට ලඟාවූ යානා පහ, කඳවුර ඉහලින් පියාසර කල අයුරු...


ගුවනේ ඉන්ධන පිරවීම: රේසර්-ටැලෝන් පුහුණු මෙහෙයුම 2013

KC-10 Extender ටෑංකර් යානයක් මගින් F-22 යානයකට ගුවනේදී ඉන්ධන පිරවීමේ අභ්‍යයාසය.


ගුවන්ගතවීම: ඔපරේෂන් රෙඩ්ෆ්ලෑග් පුහුණු මෙහෙයුම

2013දී නෙවාඩාහි නෙලී ගුවන්හමුදා කඳවුරු ප්‍රදේශයේදී පැවැත්වුනු ඔපරේෂන් රෙඩ්ෆ්ලෑග් පුහුණු මෙහෙයුමට සහභාගීවූ F-22 යානයක් නෙලී ධාවනපථයෙන් ගුවන්ගත වන අයුරු.


F-22 Internal Weapons Bay


F-22 ස්ටෙල්ත් යානාවේ සියලුම බෝම්බ හා මිසයිල රැගෙන යන වෙපන්ස්-බේ කොටස යානයේ බඳතුල පිහිටා ඇති අතර වෙනත් ප්‍රහාරක යානාවල මෙන් අත්තටුවල ඇති "hard points" වල බෝම්බ හා මිසයිල එල්ලාගෙන යාමක් සිදුනොවේ. මෙයට හේතුව යානයේ රේඩාර්වලින් සැඟවීයාමේ ඇති හැකියාව උපරිම කරගැනීමයි.


සියුමැලිදෑතින්...

ඇලස්කාවේ එල්මෙඩෝර්ෆ්-රිචර්ඩ්සන් ගුවන්හමුදා මූලස්ථානයේ F-22 ගුවන්යානා නඩත්තු විශේෂඥයින් වන ඉඩ්මා රැමිරෙස් හා ෂෙයිලා ස්මිත්, F-22 යානයක නඩත්තු කටයුත්තක් සිදුකරමින්....


එන්ජින් පරීක්ශාව....

F-22 යානා නඩත්තු විශේෂඥයින් ලෙස පුහුණුව ලබන කාන්තා ගුවන් සෙබලියන් පිරිසක් F-22 ජෙට් එන්ජිමක පරික්ශණ එන්ජින් ධාවනයක් නිරීක්ශණය කරන අයුරු.


F-22 Cockpit

F-22 යානයේ නියමුකුටිය. මෙහි ළා කොළපැහැයෙන් දිස්වෙන තිරය, හෙවත් HUDතිරයයි. එය මගින් යානයේ නියමුවාට කෙලින්ම ඉදිරිය බලාගෙන සිටියදී යානයේ ඉතා වැදගත් තොරතුරු හා දත්ත බලාගත හැකිය.
 
Last edited:
  • Like
Reactions: SagaxConatusV