Face Book London

bubu

Active member
  • May 23, 2008
    442
    48
    28
    UAE
    Facebook, Twitter ඇතුළු සියලූ සමාජ ජාලයන් වසා දමනවා – කැමරූන්

    August 12, 2011 at 12:05 am | Lanka C News



    FB-UK.jpg
    ලන්ඩන් ‍කැරැල්ල තව තවත් දරුණු සහ සාහසික ආකාරයෙන් පැතිර යන්නේ නම් අන්තර්ජාල හරහා ක්‍රියාත්මක වන ෆේස්බුක් ඇතුළු සියළුම සමාජ ජාලයන් වසා දැමීමට තමන්ගේ රජය පසුබට නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යය වෙඩිඩ් කැමරූන් විසින් ප්‍රකාශ කර සිටින බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.
    “සියළුම සාහසික අපරාධ, අන්තර්ජාලය මුල්කරගනිමින් ක්‍රියාත්මක වන සමාජ ජාල හරහා මෙහෙයවන්නේ නම් ඒවා වහාම තහනම් කිරීමට පියවර ගත යුතුයි.” යනුවෙන් ලන්ඩනයේ ඇති වෙමින් පවතින ජනතා කැරැල්ල පාලනය කිරීම සඳහා ගතයුතු පියවරු කුමක්දැයි අධ්‍යනය කිරීම සඳහා පැවැති විශේෂ පාර්ලිමේන්තු විවාදය අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරූන් ඊයේ දින (11) පවසා සිටි බව එම විදෙස් වාර්තා වල සඳහන් වේ.
    “යම් ලෙසකින් තත්ත්වය පාලනයකර ගත නොහැකි ලෙස තව තවත් දරුණු ආකාරයකින් වර්ධනය වූවහොත් අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන සමාජ ජාලයන් සියල්ලම වසා දැමීමට මාගේ රජය කිසි ලෙසකින්වත් පසුබට නො වේ.” යැයි ද ඔහු මෙහිදී පවසා ඇත.
    “නිදහස් මත ප්‍රකාශ කිරීම සමාජයේ යහා පැවැත්ම මුල්කරගනිමින් ක්‍රියාත්මක වන්නක්. එහෙත් සමාජය විනාශකර දැමීම සඳහා නිදහස් අදහස් යනුවෙන් දෙයක් තිබිය හැකිද?” යනුවෙන් මෙහිදී ප්‍රශ්න කරමින් අසා ඇති ඔහු “මෙම අන්තර්ජාල සමාජ ජාලයන් මෙම සාහසික ක්‍රියාවන්ට කෙසේ උපකාරී වී ඇද්ද යන්න පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යනය කරමින් සිටිනවා.” යැයි සඳහන් කරමින් ඉදිරියේදී එම ජාලයන් බ්‍රිතාන්‍ය තුළ අවහිර කිරීමට ඔහුගේ රජයට ඇති උවමනාව පෙන්වා දෙමින් පවසා සිටි බව ඉහත විදෙස් වාර්තා වල සඳහන් වේ.
    මීට පෙර ටියුනිසීයාව හරහා ඊජිප්තුව, ලිබියාව, සිරියාව සහ පසුව ඉරානය යන රටවලට පැතිර ගිය අරාබිකරයේ උද්ඝෝෂණයන් ද සංවිධානය කර මෙහෙයවා තිබුනේ මෙම අන්තර්ජාල සමාජ හරහාය. බටහිර රටවල සිට ක්‍රියාත්මක වන පිරිසක් විසින් Facebook , Twitter ඇතුළු අන්තර්ජාල සමාජයන් මඟින් තම රටවල උද්ඝෝෂණයන් මෙහෙයවනු ලබන බව ලිබියාවේ නායක ගඩාෆී මෙන්ම ඊජිප්තුවේ මුබාරක්ද මීට පෙර පවසා තිබින. මුබාරක්ගේ පාලනය පැවැති සමයේ දී හටගත් උද්ඝෝෂණයන් පාලනය කිරීම සඳහා ඔහුගේ පාලනය විසින් Facebook , Twitter ඇතුළු අන්තර්ජාල සමාජයන් ඊජිප්තුව තුළ අවහිර කිරීමට පියවර ගෙන තිබුණු අතර, පසුව බටහිරින් එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔහුට දින දෙකක් යාමට පෙර එම අවහිරය ඉවත් කර ගැනීමට ද සිදුවිය. එහිදී ඊජිප්තු මුබාරක්ට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කළ බටහිර රටවල් අතර බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරූන් පාලනය ප්‍රමුඛස්ථානයක් ගත්තේය. ඊජිප්තුව තුළ දිගින් දිගටම පැවැති ප්‍රචන්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වූ අතර තවත් විශාල දේපල ප්‍රමාණයක් ද විනාශයට පත් විය. එවිට ඩේවිඩ් කැමරූන් රජය මුබාරක්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්‍ෂා කරමින් ජනතා හඬට අහුම්කම් දී කටයුතු කරන ලෙස ය.
    ලිබියාවට එරෙහිව ගුවන් ගමන් විමුක්ත කලාපයක් ඇති කිරීම සඳහා වූ එ.ජා‍. ආරක්‍ෂක මණ්ඩල යෝජනාවේදී ලිබියානු නායකයා ඒකාධීපතියෙකු බවට පෙන්වීම සඳහා ගඩාෆී පාලනය විසින් ලිබියාව තුළ අවහිර කර ඇති මෙම අන්තර්ජාල සමාජයන් පිළිබඳව සාධකය ද ඔවුන් එහිදි භාවිතයට ගනු ලැබීය. ඉන් පසුව බටහිර රටවල් විසින් ලිබියාවේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා යැයි පවසමින් ලිබියාවට ගුවනින් බෝම්බ දමමින් ලිබියාව අමු‍ සොහොනක් බවට පත්කිරීමට ඔවුන් විසින් සඳහන් කර සිටි ගඩාෆීගේ මෙම මානව විරෝධි අන්තර්ජාල සමාජ තහනමද ඔවුන් එක් හේතුවක් කර ගනු ලැබීය.
    කෙසේ හෝ, ලිබියානු නායකයා විසින් ෆේස්බුක් ඇතුළු සමාජ අන්තර්ජාලයන් තහනම් කරන විට ඔහු ඒකාධිපතියෙකු ලෙසට හැඳින්වූ බටහිර මාධ්‍යම, බ්‍රිතාන්‍ය ඩේවිඩ් කැමරූන් පාලනය විසින් එම ෆේස්බුක් ඇතුළු සියළුම අන්තර්ජාල සමාජයන් අවහිර කිරීමට ගෙන ඇති තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන සාමකාමි බ්‍රිතාන්‍ය වැසියන්ගේ නිදහස ආරක්‍ෂාකිරීමක් බව සඳහන් කර සිටිති.
    - මූලාශ්‍ර 01 02, සහන්