Face your challenges without fear

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Face the biggest challenges in our life without fear

    හ්ම්ම් කාලෙකින් එළකිරිය පැත්තෙ ආවෙත් නැතිනිසා නූලක් දාන්න හිතුණ.. ඉතින් අද මම කථාකරන්න යන්නෙ අපිට ජිවිතේ වැඩියෙන්ම වැදගත් අවස්ථා වලදි අපේ අතින් වෙන්න පුළුවන් වැරදි අඩු කරගන්න කරන්න ඕනෙ දේවල් ටිකක් ගැන..:rolleyes:

    සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො පොදුවෙ ගත්තම අපි කාටත් challenges තියනව.. එයින් ප්‍රධානම කීපයක් තමයි මම දැන් කියන්නෙ..

    1. Facing an examination
    2. Facing a job interview
    3. Meeting a girlfriend/boyfriend for the first time


    ඉතින් මේ දේවල් වලට මුහුණ දෙන්න යනකොට අපිට සිද්ධවෙන අකරතැබ්බ, අත්වැරදි ගොඩයිනෙ.. අන්න ඒව මගහැරගන්න හැටි තමයි දැන් අපි බලන්න ඕනෙ.. ඒකට මම අපි කාටත් පොදුවෙ පිළිපදින්න පුළුවන් දේවල් ටිකක් කියන්නම්..

    1. Prepare everything before the last night

    සාමාන්‍යයෙන් අපේ පුරුද්ද තමයි යන්න ඔන්න මෙන්න තියලනේ හැමදේම සූදානම් කරගන්නෙ.. ඒත් ඒකෙන් අපේ හිත අපි හිතන්නෙ නැති විදියට කලබල වෙනව.. ඒකනිසා යන්න කලින් දවසෙ සේරම ලෑස්ති කරල තිබුනම නිදහස් :)

    2. Keep yourself clean before going

    අපි දන්නව අපිරිසිදුව ඉන්නකොට අපි කාටත් තරහ යනව වැඩිය්.. හිත කලබල වෙනව.. ඉතින් හැමදේටම අපි හොඳ සැහැල්ලු මනසකින් relax එකේ ඉන්න ඕනෙ.. ඒකනිසා මේ ඕනම දේකට යන්න කලින් මතක ඇතිව හොඳට නාල එහෙම යන්න අමතක කරන්න එපා. :P

    3. Masturbate before few hours you go (depends on person to person)

    මේක දැක්කම සමහර අයට පුදුම හිතෙයි..:shocked: ඒත් ඔයා ස්වයං වින්දනයට පුරුදු වෙලා ඉන්න කෙනෙක්නම් මේක ගොඩක් වැදගත්.. අපි ඉතින් දන්නවනෙ හැඟීම් කියන ඒව පාලනය කරගන්න බැරිඋනාම තමයි ගොඩක් කරදර අත්වැරදි අපේ අතින් වෙන්නෙ කියල.. ඉතින් ඔයාල interview එකකට exam එකකට නැත්නම් පළවෙනි සැරේට ගෑනු ළමයෙක්ව meet වෙන්න ගියාම වටපිටාවේ ඉන්න ලස්සන ලස්සන ගෑනු ළමයි ගැන එහෙම අවධානය යොමු උණොත් වෙන දේ දන්නවනෙ.. අන්න ඒකයි මේ දේ වැදගත් කියල කිව්වෙ.. ඒත් ඔයා ස්වයං වින්දනය කරන්නෙ නැති කෙනෙක්නම් ඒක නොකර හිටිය කියල කිසිම වැරැද්දක් වෙන්නෙ නැහැ.. මොකද ඒක බලපාන්නෙ පුරුදු උන කෙනෙකුට විතරයි.. ;)
    (ඒ වගෙම කොල්ලොන්ට මේක තවත් පහසු කරගන්න පුළුවන් යන්න කලින් නානකොට ඔයාගෙ පෙරසම ටිකක් පසුපසට ඇදල ලිංගය පිරිසිදු කරගන්න එකෙන් [cleaning smegma built up] )

    4. Don't forget to go to the toilet first

    මේකත් මම ඕනතරම් දැකල තියන දෙයක්.. සමහර අය ඉන්නෙ හැමතිස්සෙම toilet එකට යන්න බලගෙනමයි.. ඉතින් එහෙම උනොත් ඔයාලගෙ වැඩ සේරම අවුල් වෙයි :baffled:

    5. Fill your stomach. Don't go hungry

    බඩගිනි වැඩි උනාම සමහර අයට තරහ යනව. ඒ වගෙම මේ හැමදෙයක්ම සාර්ථකව කරන්න අපි හොඳ ශරීර ශක්තියකින් ඉන්නත් ඕනනෙ. ඒකනිසා හොඳට කාල බීල යන්නත් අමතක කරන්න එපා. ඒ වගෙම තමයි ඊට කලින් දවසෙ රෑට සැහැල්ලු ආහාරයක් ගන්න. :lol:

    6. Get a good sleep in the early night

    කලින් දවසෙ රෑට පැය 7කවත් හොඳ නින්දක් නැත්නම් ගියාට පස්සෙ දොයිය ගන්න තමයි වෙන්නෙ :oo:

    7. Do not over think (keep yourself relaxed)

    වැදගත් දේකට යන්න කලින් දවසෙ සේරම දේවල් සුදානම් කරගන්නව වගෙම වැදගත් දෙයක් තමයි යන දවසෙ ඒ යන දේ ගැන ඕනවට වඩා හිතන්නෙ නැතිව ඉන්න එකත්. ඒක නවත්තගන්න අමාරුනම් තමන් කැමති slow සින්දු ටිකක් ඇහුවත් කමක් නෑ. Relaxation කියන්නෙ ඕනම දෙයක් කරන්න කලින් අපි පුරුදු වෙන්නම ඕනෙ දෙයක්. :)


    ඔය සේරම හරිනම් දකුණු කකුල ඉස්සරහට තියල බය නැතිව යන ගමන ගියොත් ඉතින් වරදින්නෙ නෑ

    ඔන්න ඉතින් මට හිතෙන දේවල් ටික කිව්ව. ඒව කොහෙන්වත් උස්සපු දේවල්නම් නෙමෙයි. අත්දැකීමෙන් හිතට ආපු දේවල් ටිකක් තමයි ලිව්වෙ.
    ඉතින් ඔයාල මේක කියවල කැමතිනම් රෙපක් දීල යන්න. ඒ වගෙම BUMP කරන්නත් අමතක කරන්න එපා.
    එහෙනම් හැමෝටම ජයවේවා!! බුදුසරණයි.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේ ටික නම් ඔක්කොම හරි මචං. මට ඕකේ තිබ්බේ නිදි මරන එක. උදේ නැගිටල් 10 වෙනක් පට්ටම අමාරුයි ඇගටයි, ඇස් දෙකටයි. වේලාසනින් නිදියන්න ගත්තට පස්සේ මුලු දවසම උදේ ඉඳනම් මාර එනර්ජෙටික්. පට්ට.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ ටික නම් ඔක්කොම හරි මචං. මට ඕකේ තිබ්බේ නිදි මරන එක. උදේ නැගිටල් 10 වෙනක් පට්ටම අමාරුයි ඇගටයි, ඇස් දෙකටයි. වේලාසනින් නිදියන්න ගත්තට පස්සේ මුලු දවසම උදේ ඉඳනම් මාර එනර්ජෙටික්. පට්ට.

    ow matath e case eka tiyanawa machan.. job ekak nathinisa tikak late wenakan nidagannawa :oo:

    btw thanks guys :)