Facebook එකෙන් ඉස්කෝලයක් වෙනස් කළ තිලිණි මිස්ගේ #

lilman

Well-known member
  • May 10, 2009
    41,084
    54,756
    113
    Colombo
    Facebook එකෙන් ඉස්කෝලයක් වෙනස් කළ තිලිණි මිස්ගේ #


    Facebook එකෙන් ඉස්කෝලයක් වෙනස් කළ තිලිණි මිස්ගේ වැඩ
    --------------------------------------------------------------------




    Thilinii.png




    කොහොමද මේ කතාව පටන් ගන්නේ? හිත එහෙට මෙහෙට රවුම් ගහනවා. ළඟ ඉඳන් බලන් ඉන්න කෝපි කෝප්පේ දුම් මුහුණට විසිකරනවා. ලොකු සරසරයකුත් එක්ක මහා වැස්සක් කඩං වැටෙනවා. ඔන්න මගේ හිත දුම්බර කන්ද දිහාට ගමනක් යනවා. උඩු දුම්බර ඉඳලා නයා වංගු පාරේ තලගුණේ හොයාගෙන පහළට බහින ඇසිල්ලක මතකයක් මේක.. පුංචි මතක කැබැල්ලක්. හරියට එහෙට මෙහෙට දිස්නේ විසිකරන පුංචි වීදුරු කැබැල්ලක් වගේ. සාරියක් ඇඳගත්ත කාන්තාවක් ඉස්කූටියක කන්ද පහළට යනවා. මේ තිළිණි නේද? මගේ මතකය ප්‍රශ්න කරනවා. ඇය සුළඟක් වගේ යන්න යනවා. ඇය මට මුලින්ම නම් මුණගැහුණේ මුහුණු පොතෙන්.. ඇය තිළිණි නදීකා ෂැල්වින්. ගුරුවරියක්. සිත්තර හදවතක් එක්ක කඳු අතර දුෂ්කර ජීවිත ගෙවන ළමයි සොයාගෙන ගිය ගුරුවරියක්. ඇයගේ ගුරු ජීවිතය අද දවසේ අනික් බොහෝ ගුරු ජීවිතත් එක්ක බලනකොට අහසයි පොළොවයි වගේ. නුවර වැව රවුමට ළංව ගෙවන්න තිබුණු සුවදායක ගෙදර ජීවිතේට සමුදීලා ඇය කඳු අතරේ නොපෙනී යනවා. ඒ කඳු අතරේ තවත් කන්දක් ඇය. එක පැත්තකින් දුම්බර මීමුරේ. අනික් පැත්තෙන් වියන්ගල උඩගල දෙබොක්ක. මේ දුම්බර මිටියාවතේ කඳු අතරේ මිහිඳුමේ ජීවිතේ හරිම දුෂ්කරයි. කන්ද උඩට යන්න යන්න ඕනෑ සද්දන්ත කුලයේ මහගහක් වුණත් සුළඟට ඔරොත්තු දෙන්න කනාටුවෙනවා වගේ මෙහේ මිනිස් ජීවිතත් කනාටුවෙලා. මම තිළිණිට කතා කළා. මෙතැනින් පස්සේ ලියවෙන්නේ කඳු අතරේ පුංචි මල් ගොමු අස්සේ ගුමු ගුමු ගාන ඇගේ ජීවිතේ.


    උසස් පෙළින්

    “මම මුලින්ම උසස්පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්. ඒ ආසාවට නෙවෙයි තාත්තාගේ බලකිරීමට. මගේ පාසල නුවර මහමායා විද්‍යාලය. මට මුල ඉඳලාම ආර්ටිස්ට් කෙනෙක් වෙන්න මාර ආසාවක් තිබුණේ. තාත්තා කැමති වුණේම නැහැ. මට චිත්‍ර හොඳට පුළුවන්. පුංචි කාලේ ඉඳලාම චිත්‍රයත් එක්ක තමයි ජීවත් වුණේ. කොහොමහරි උසස්පෙළ ෆේල් වුණා. අන්තිමට ආයෙත් මාස 6කින් උසස්පෙළ කළා. ආර්ට්වලින්. ඒ තුනක් ගත්තා. නුවරින් 15 වුණා. ලංකාවෙන්ම 115 වුණා. තාත්තා ඒත් කැමති වුණේ නැහැ ෆයින් ආර්ට් තියෙන කැම්පස් එකකට මම යනවාට. පේරාදෙණිය කැම්පස් එක ගෙදරට ළඟත් නිසා අන්තිමට 2006 පේරාදෙණියට ඇතුළු වුණා. පළමුවැනි අවුරුද්දේ විෂයක් විදිහට චිත්‍ර කළා. ඊළඟට ඉතිං පුරාවිද්‍යාව විශේෂ උපාධියක් කළා. කැම්පස් එකේ අවුරුදු 4ම බැච් ටොප් වුණා.”

    මේක තමයි තිළිණිගේ දුම්බරට වැටුණු පාරේ මග සලකුණු. කොහොම හරි තිළිණි 2012 විතර අත්තනගල්ලේ අලවල, එළාර සොහොන, සෝමාවතිය වගේ තැන්වල පුරාවිද්‍යා කැණීම් කටයුතුවලටත් එකතුවෙනවා. මෙතැනින් ජාතික ශිල්ප සභාවට යන තිළිණි 2014 නොවැම්බර් 17 ශිල්ප සභාවට සමුදීලා නොවැම්බර් 18 උඩුදුම්බර කහටළියද්ද චූලාභය ද්විතීයික ඉස්කෝලෙට එනවා චිත්‍ර ගුරුවරියක් විදියට.

    “ඇත්තටම මේක හරිම ලස්සන පැත්තක්. කොයිපැත්ත බැලුවත් ලස්සන කඳු දිය ඇලි, හෙල්මළු කුඹුරු. හැබැයි හරිම දුෂ්කරයි. ගුරු නිවාසයක්වත් නැහැ. ඉස්කෝලේ එක පැත්තක ගැරඬිගල කන්ද, අනික් පැත්තේ මීමුරේ උඩවෙල පාර. දුරම පැත්ත කබෝනිල්ල. ඉස්කෝලේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර. ළමයි ඒත් පයින් එනවා. මේ ඉස්කෝලෙට උඩුදුම්බර ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 9ක් විතර තියෙනවා. මම මුලින්ම මාස 3ක් විතර ගෙදර ඉඳලා ආවා. නුවරින් 5ට එන්න ඕනෑ. ඒ ආවත් මුල් පීරියඞ් එක කට් වෙනවා. අන්තිමට ඉස්කෝලේ ළඟ ගෙදරක බෝඞ් වුණා.”
    පහසුකම් ගොඩක් එක්ක ජීවත් වුණු ජීවිතේට විරාමයක් දීලා තිළිණි කඳු අතරේ ඉස්කෝලේ මායිමේ ගෙදරක නතරවෙනවා. 6ත් 13ත් අතරේ ළමයි 400ක් විතර මේ ඉස්කෝලේ අකුරු කරනවා. සාමාන්‍යපෙළ, උසස්පෙළ ප්‍රතිඵල වුණත් මේ විද්‍යාලයේ එතරම් හොඳ නැහැ. ඒකට මේ ළමයි විතරක් නෙවෙයි අපි හැමෝම වගකියන්න ඕනෑ. ගණිතය නැතිව සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය 78%ක්. හැබැයි ගණිතය එක්ක 44%ක මට්ටමක් තමයි තියෙන්නේ. හැබැයි අද තිළිණිලා මේ මහන්සි වෙන විදිහ දැක්කාම මේ අතීතය වෙනස්වෙයි කියලා සුබවාදීව හිතන්න පුළුවන්. නිදහස් නිදහස් කියලා අපි උඩ දදා බෝල් ගහන අධ්‍යාපනය ගැන අපි නැවත මේ තිළිණි වගේ ගුරුවරුන්ගේ ඇස්වලින් බලන්න ඕනෑ.

    දුෂ්කරයි දුෂ්කරයි

    “ඇත්තටම මේ ළමයි හරිම දුෂ්කර ජීවිතයක් ගෙවන්නේ. කන බොන දේවල් ගත්තත් හරිම සීමිතයි. ශරීරයට ඕනෑ පෝෂණය මේ ළමයින්ට හරිම අඩුවෙන් තමයි ලැබෙන්නේ. අපි හිතමු මේ කන්නෙට තාත්තා වවන්නේ බෝංචි කියලා. එතකොට ඒ මාස ටිකේ දිගටම බෝංචියි බතුයි තමයි. සමහර ළමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර ගිහිං උයාගෙන තමයි කන්නේ. අපි වින්ද පහසුකම් සැප සනීපවලින් දශමයක්වත් මේ ළමයින්ට ලැබෙන්නේ නැහැ. ළමයින්ට බුද්ධි වර්ධනය ඕනෑ. කිසිම පෝෂණයක් මේ ආහාරවේලෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ළමයි ස්වභාවයෙන්ම අලසයි. අනික මේ කඳු අස්සෙන් ළමයි පයින් ඉස්කෝලෙට එන්නේ. ඒ එනකොට බාගෙට මැරිලා වගේ. ඉතින් කොහොමද ඉගෙනීමට හිත යොදන්නේ… ළමයි උදේට කලන්තේ දාලා වැටෙන අවස්ථා එහෙම ඕනෑ තරම් තියෙනවා. දවසක් මගේ නෙට්බෝල් ටීම් එකේ ඉන්න දක්ෂම ගැහැනු ළමයෙක් බෝලේ අල්ලන්නේම නැහැ. මම ඇහැව්වා ඇයි පුතේ කියලා. උත්තරයක් නැහැ. මම ඇහැව්වා උදේට කෑවද කියලා. නැහැ කිව්වා. රෑට කෑවද කියලා ඇහැව්වාම කිව්වා බතුයි මැල්ලුමකුයි කෑවා කියලා. මාපියන්ට වුණත් දරුවන්ට උගන්වන්න එච්චර උවමනාවක් නැහැ. සමහර මාපියෝ ඉන්නවා දරුවා ඉස්කෝලේ ආවාද කියලා දන්නේ නැහැ.”

    තිළිණි අකුරු උගන්වන පාසලේ ළමයින්ගේ ජීවිතය අධ්‍යාපනයත් එක්ක ගතවෙන්නේ මෙහෙමයි. හැබැයි මේ කිසිදේකට මේ මල් කැකුළු පළි නැහැ. මේ කඳු අතරේ ඇවිද ගිය ලොකු මිනිස්සු හදපු අතීතය තමයි මේ. මේ මිනිස්සු වෙන රටක් ඉල්ලන්නේ නැහැ තමයි. හැබැයි කොළඹ අපි මේ මිනිස්සුන්ට දුම්බර කඳු මායිම් කරලා වෙනම රටක් තමයි හදලා දීලා තියෙන්නේ. කොළඹ රටේ ළමයි වාහනවල හොඳ සපත්තු දාලා හොඳ ඇඳුම් ඇඳලා ඉස්කෝලෙට යනකොට දුම්බර රටේ ළමයි දැලිකුණු ඇඳුම් ඇඳගෙන සපත්තු නැතිව ඔයවලින් කරවටක් ගිලිලා අලි වනසත්තු මගෑරලා ඉස්කෝලෙට එනවා. ඒ අස්සේ තිළිණි වගේ ගුරුවරු මේ දුෂ්කර රටේ ළමයි දැන උගත්තු කරලා ලෝකය පෙන්නන්න මහන්සි ගන්නවා. මේක තමයි මේ ලෝක දෙකේ වෙනස. මේ වගේ වෙනස් රටවල් ගොඩක් එකතුවෙලා හැදුණු ෆෙඩරේෂනයක් තමයි ලංකාව කියන්නේ. හරි ඒ කතාව පැත්තකට විසිකරලා ආයිත් යමු දුම්බරට.

    වතුර ප්‍රොජෙක්ට්

    හැමතැනම නිල්ල. හැමතැනම දිය පිරි ඔය ඇළ වේලි. එහෙව් එකේ මේ දුම්බරට වතුර ප්‍රොජෙක්ට් මක්කෙටෙයි? මට එහෙම හිතුණාට මේ වතුර කතාව දුම්බර නිල් කැටේට වතුර වගේ පැහැදිලිව දන්නේ තිළිණි.
    ”ඇත්තටම මම මේ ඉස්කෝලෙට එනකොට මේ ඉස්කෝලෙට වතුර තිබුණේ නැහැ. මම මේක එෆ්බී (මුහුණු පොතේ) එකේ දැම්මා. යහළුවෝ කිව්වා ප්‍රොජෙක්ට් එක පටන් ගනිමු කියලා. මම සම්බන්ධීකරණ කටයුතු කළා. අපි කොහොම හරි ඉස්කෝලෙට ලීටර් 5000 ටැංකියක් අරගෙන ගැරඬිගල කන්දේ මාරත්තලාව උල්පතින් බට දාලා වතුර ගෙනෙනවා. කිලෝමීටර් 2ක් විතර වෙන්න බට එලුවා. ඊළඟට කැඩිලා තිබුණු ඉස්කෝලේ නළ ළිඳ හැදුවා.”
    තිළිණි මිස්ගේ වැඩ මෙතැනින් නතරවෙන්නේ නැහැ.
    තිළිණි දරුවොත් එක්ක කඳු නගිනවා. නෙට්බෝල් ගහනවා. නාට්‍ය කරනවා. ක්‍රියාකාරකම් ගොඩයි. ඒ අස්සේ ඉස්කෝලේ චිත්‍ර ගුරුවරිය විදියට චිත්‍ර පන්තියකුත් පටන් ගන්නවා.

    “මම මෙහෙට ඇවිත් 6 වසරේ දරුවන්ට චිත්‍ර පන්තියක් පටන් ගත්තා. දැන් ඒ දරුවෝ අවුරුද්දක් චිත්‍ර ඉගෙනගෙන 7 වසරට ඇවිල්ලා. මම චිත්‍ර උගන්වනවාට අමතරව 6-11 වසරවලට ඉතිහාසය උගන්වනවා. ඇත්තටම හොඳට චිත්‍ර අඳින්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා. රුක්ෂාන් කියලා පුතෙක් ඉන්නවා චිත්‍රවලට හරිම දක්ෂයි. අඳින්න, වර්ණ භාවිතය වගේ දේවල් හොඳටම හොඳයි. මේ ළමයින්ගේ ලෝකය හරි පුංචියි. මේ කඳුවලින් එහාට මේ ජීවිත දේවල් දකින්නේ නැහැ. ඒකයි තියෙන ගැටලුව. මම ගිය අවුරුද්දේ 10 වසර පන්තිය භාරව හිටියා. ඉතිං මම හැම ළමයෙකුගේම වගේ ගෙදරට ගියා. එක ළමයෙක් ඉන්න පැත්තට ගියා. ඒ ඉන්න පැත්තට කියන්නේ පෝප් පිටිය කියලා. හරිම දුරයි. කඳු නගිද්දීමට හිතුණා මම මැරිලා වැටෙයි කියලා. ඒ ළමයා මහා ඔයකින් එගොඩවෙලා තමයි ඉස්කෝලෙට එන්නේ. සපත්තු දෙක ඔයෙන් මෙගොඩ ගෙදරක තියලා තමයි ගෙදර යන්නේ. සමහර ළමයින්ට අලි පාරට ආ දවසට ඉස්කෝලේ එන්න වෙන්නේ නැහැ. මෙහේ ළමයි ගණිතයට දුර්වල නිසා අපේ රෝෂානි මිස් හවස පන්ති කරනවා. අලි එන දවස්වලට දරුවන්ට පන්තිවලට එන්න බැහැ.”

    තිළිණි දවසක් මුහුණු පොතට හරි අපූරු ෆොටෝ එකක් මුදාහරිනවා. ඒකේ කැප්ෂන් එක මෙහෙමයි….. “මේ ක්‍රිෂ්ණා. නිතරම වස්දණ්ඩක් අතේ තියන් ඉන්න නිසයි මම ආදරේට ක්‍රිෂ්ණාට ‘ක්‍රිෂ්ණා‘ කියන්නේ. (ඒ කියන්නේ මෙයා තමයි අපේ ඉස්කෝලේ වස්දඬු වාදකයා) මේ දවස්වල මෙහෙ කුඹුරු පටන් ගන්න වැඩ. හැමදාම හවස අපි නාන්න යන වෙලාවට ක්‍රිෂ්ණා බෝඩිම ගාවින් මේ යකඩ ගොඩත් දක්කගෙන යනවා එයාගෙ තාත්තා එක්ක. ඒක දකින වාරයක් ගානේ මාත් එක්ක ඉන්න අපේ ගණන් මැඩම් රොෂානියාගෙ මයිල් ඉස්මයිල් වෙනවා. ඒ මේකේ වයිබ්රේට් එක ළමයාට හානියක් නිසා. කොහොම වුණත් මේ බහුතරයක කතන්දරේ…” මේ විදියට මේ ළමයින්ගේ ජීවිතවල තියෙන දුක සමස්ත සමාජයට කියන්න තිළිණි පහුගිය කාලෙම මහන්සි වුණා.

    නෙට්බෝල් කෝච්

    “මම මේ ඉස්කෝලෙට ඇවිත් නෙට්බෝල් ටීම් එකක් හැදුවා. හැබැයි ගිය අවුරුද්දේ වතුර ප්‍රොජෙක්ට් එකට මහන්සි වුණු නිසා මේකට කැපවෙන්න බැරිවුණා. දැන් හොඳයි ළමයි පුහුණු වෙන්න එනවා. මේ ටීම් එකට 6 වසරේ ඉඳලා 10 වසර වෙනකම් ගැහැනු ළමයි ඉන්නවා. ඊළඟට 8, 9, 10 වසරවල පිරිමි දරුවෝ ඉන්නවා. අපිට පිට්ටනියක් නැහැ. තියෙන්නේ ගල් ගොඩක්. එනිසා මම ඉස්කෝලේ මිදුල ගත්තා. හැබැයි නියම දිග පළල නැහැ. හැබැයි ළමයි මේවා හඳුන්වා දුන්නාම හරියට සතුටු වෙනවා. ගිය අවුරුද්දේ ඉස්කෝලේ සමිති භාරව හිටියේ මම. මම ළමයි එක්ක නාට්‍ය කරන්න පටන් ගත්තා. මුලින් ළමයි රඟපාන්න අකමැති වුණා. හැබැයි දැන් දරුවෝ හරි සතුටින් මේ දේවල්වලට එනවා. අනික මේ හැම දේකටම ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේම අනික් ගුරුවරුත් පුදුම සහායක් දෙන්නේ. අපි මේ ළමයි කොහොම හරි ඉහළට ගන්න තමයි හදන්නේ. හැබැයි අපිට වෙනස් කරන්න බැරි ආකල්ප දේවල් ඕනෑ තරම් මෙහේ තියෙනවා. සමහර ළමයින්ට උදවු කළත් මව්පියෝ ඒවා බාරගන්නේ නැහැ. සපත්තු නැති ළමයෙකුට සපත්තු දෙකක් දුන්නා කියන්න, සමහර තාත්තා කෙනෙක් ඒක හරවලා ආයෙත් ඉස්කෝලෙට එවනවා.”

    මේ යථාර්ථය මෙවැනි දුෂ්කර ඕනෑම පරිසරයකට හරියට හරි. හැබැයි නොනවත්වා මහන්සි වුණොත් මේ වෙනස කරන්න ආමාරු නැහැ. අවුරුදු 5ක දුෂ්කර සේවයට එන ගොඩක් අය තිළිණිලා වගේ මෙහෙම මහන්සි වෙන්නේ නැහැ. ඉක්මනට මොකෙක් හරි දේශපාලකයෙක් අල්ලාගෙන මාරුවෙලා යනවා. ඇත්තටම අවුරුදු 5ම ඉන්නවාද? මගෙන් තිළිණිට ප්‍රශ්නයක්.

    ‘දැනට නම් 5ට පස්සේත් ඉන්න තමයි හිත. මම ගොඩාක් කැමතියි මේ පරිසරයට. අනික මේ ළමයි මට හරිම ආදරෙයි. මේ ළඟදී මම බයික් එකෙන් වැටුණා. අතත් කැඩුණා. ගොඩාක් ළමයි ඇඬුවා. අදටත් ළමයි තමයි බෙහෙත් හොයලා ගෙනත් දෙන්නේ. නිතරම අහනවා සනීපයිද සනීපයිද කියලා. දැන් නිවාඩුවකට නුවර ගියත් ඉන්න හරිම ආමාරුයි. දැන් චිත්‍ර ඇඳීම නම් අඩුවෙලා. ප්‍රශ්න තිබුණොත්, ජීවිතේට නිදහසක් නැතිවුණාම තමයි චිත්‍ර ඇඳෙන්නේ. දැන් මම හරි සතුටින් සැනසීමෙන් මෙහේ ඉන්නේ.’

    මේ වගේ ගමකට ඇවිත් නාගරික කාන්තාවක් සැනසීමෙන් ඉන්නවා කියන්නේම සතුටට හේතුවක්. තිළිණි මේ ළමයින්ගේ ජීවිත සුවඳවත් කරන්න ලොකු වැඩක් කරනවා. ඒකට මේ පුංචි ඉස්කෝලේ විදුහල්පති වගේම අනෙක් ගුරුවරුත් ලොකු සහනයක් සහයෝගයක් දෙනවා. හැම දුෂ්කර දුර බැහැරකම ඉස්කෝලවල ගුරුවරු මෙහෙම වැඩකරනවා නම් මේ ළමයි ලොකු දුරකට අරගෙන යන්න පුළුවන්. තාත්තා කුඹුරු කොටන කාලෙට පැන්සල පැත්තකට විසිකරලා වෙලට කුඹුරට දුවන්න වෙන සංස්කෘතිය එක රැයකින් වෙනස් කරන්න අමාරුයි. අනික අපේ දේශපාලකයෝ නිදහස් කියලා අද අධ්‍යාපනය නිදහස් කරලා පැත්තකට විසිකරලා තියෙන්නේ. එහෙම තත්ත්වයක තිළිණි වගේ ගුරුවරු කඳු තරම්ම උසයි. ඒ වගේ උස කඳු අද හිඟ එක තමයි අද අපිට තියෙන කරුමේ. ටියුෂන් කඩ ගුරු වෙළෙන්දෝ අස්සේ තිළිණිලා ඒ නිසාම වීරයෝ.




    11800141_960351274023102_2847798323895689641_n.jpg


    11800491_960351984023031_5760369377872526295_n.jpg


    11817035_960352504022979_7885964899768109673_n.jpg


    11822359_10203130848950426_1818519386108992092_n.jpg


    කේ. සංජීව – රාවනා පුවත්පතෙන්



    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love:








     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම පුද්ගලිකව නම් අදුරන්නේ නැහැ.
    ඔය පත්වීම ගන්න කලින් fb එකේ හිටියේ සිත්තරි නමින්. පත්වීම ගත්ත දවස් වල ඉදලා fb එකේ ඔය ඉස්කෝලේ ගැන සැහෙන්න post දාල තිබ්බ. මාර ලස්සන පැත්තක තියෙන්නේ. හරියට අර හෝ ගැන පොකුණේ ඉස්කෝලේ වගේ ඉස්කෝලයක් ඕක මම හිතන්නේ. හිතන විදිහට නිහනමනි චරිතයක්. :)

    https://www.facebook.com/mama.siththaree?pnref=friends.search
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ela machan. onna niyama guruwaru :) mehema publicity nathuwa godak nihada sewayak karana hoda guruwaru thawa godak innawa :) 8++