Facebook නැතිකරන Ello

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    පාපැදි වෙළඳ සැළක හිමිකරුවකු වන පෝල් රෙල්වානෝ ඔහුගේ මිතුරන් පිරිසකට පමණක් භාවිතා කිරීමට තැනූ සමාජ ජාල වෙබ් අඩවියක් මේවනවිට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.

    පසුගිය අගෝස්තු 7 වැනිදා හඳුන්වා දුන් එලෝ (Ello) නැමති නව සමාජ ජාල වෙබ් අඩවියට පැයකට ඉල්ලිම් (requests) 31,000ක් පමණ ලැබෙන බව එහි නිර්මාතෘ පෝල් බීබීසී පුවත් සේවයට පවසා තිබේ.

    එලෝ සමාජ ජාල වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් අඩංගු නොකිරීමත් වෙබ් අඩවිය භාවිතා කරන්නන්ගේ දත්ත විකිණීම සිදු නොකිරීමටත් පොරොන්දු වී ඇති නිසා එය බොහෝ දෙනෙකු හඳුන්වන්නේ "ඇන්ටි ෆේස්බුක්" නොහොත් ෆේස්බුක් විරෝධී වෙබ් අඩවියක් ලෙස වේ.

    එහෙත් එම වෙඩ් අඩවිය අනාගතයේදී එහි අඩංගු වන features විකිණීමෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ජාතික බඩ්නිට්ස් පවසා තිබේ.

    අනෙකුත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි හා සැසඳූ කල එලෝ වෙබ් අඩවිය බැලූබැල්මට පරිශ්‍රීලක මිත්‍ර (user-friendly) වෙබ් අඩවියක් ලෙස දිස් නොවේ. නමුත් එය සරලය, ඉක්මන්ය.

    එලෝ වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමටනම් ඒ සඳහා ඔබට ඇරයුමක් (invitation) තිබිය යුතුය. එලෝ සමාජ ජාලය කෙටි කලකින් ලැබූ ජනප්‍රියතාවය හේතුවෙන් මේවන විට එහි අයදුම්පත් ඩොලර් 500 ක් (රුපියල් හැටහය දාහක්) වැනි මුදලට පවා ebay ඔස්සේ අලෙවි වෙමින් පවතී.

    උපුටාගැනීම >> http://www.gossiplanka-hotnews.com/2014/10/facebook-vs-ello.html
     
    Last edited: