ඔන්න මගෙත් පම්පොරිය,
ෆේස්බුක් ගැන අහලා තිබ්බා 2005-2008 වගෙ කාලවල් වල අපිට වඩා වැඩිමහල අය්යලා කැෆෙ වලින් ෆේස්බුක් එකවුන්ට් හදාගෙන ලොග් වෙලා කෙල්ලොන්ට ටොක් කරපු සිද්ධි කියවනකොට.
ඊට පස්සෙ ඔය පරිඝනක පත්තරෙ එහෙම ෆේස්බුක් එක ගැන ආර්ටිකල් එකක් තිබ්බා මතකයි .
එකවුන්ට් එක පලවෙනියටම හැදුවෙ 2009 අප්‍රේල් 14 වෙනිදා සිංහල අළුත් අවුරුද්ද දවසෙ ගෙදර මැශින් එකෙන්මයි ,ගෙදරට නෙට් අරගෙන මාසයක් විතර.
මගෙ බාප්පා වෙන බුවෙක් හිටියා බුවාගෙ පෙරැත්තය පරිදි තමා ඒක හැදුවෙ.
පොර බාප්පා කිව්වාට අපිට වඩා පොඩ්ඩයි වැඩිමල් .
2007 විතර SLT Dial-up connection එකකින් මහ රෑ ඇහැරගෙන FB account එක හැදුවේ. පස්සේ 2009 දි විතර Sonny Ericsson ෆෝන් එකකින් ebuddy දාගෙන FB chat කළා. android ගැන අහලවත් තිබුණේ නෑ මම ඒකාලේ
ගොඩාක් ඔය කාලෙ උන්ගෙ ෆෙවරිට් ඔය ඊ බඩි එක තමා.
මොකද මොබයිල් කනෙක්ෂන්ස් වලින් තමා ගොඩක් උන් නෙට් ගියෙ. ඩොන්ගල් වලින් ගිය උනුත් එහෙන් මෙහෙන් හිටියා. ගෙවල් වල ඉන්ටර්නෙට් නැති තරම් .
------
Post added on Mar 15, 2024 at 12:21 AM