facebook පාවිච්චි කරන්නන්ට පමණයි..
F B කියන්නේFacebook කියලාසයිබර්අවකාශයේසැරිසරනහැමෝමවගේදන්නවා. ඇයි එහෙනම් මේ කළු - සුදු කථාවක්. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මාක් ෂුකර්බර්ග්, Facebook ප්‍රධානියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන බව. ඒ නිසා තමයි Facebook වෙබ් අඩවිය තනිකරම නිල් පැහැයෙන් තනා ඇත්තේ. ඒත් එහෙනම් මොකක්ද මේ කළු ද සුදු ද කියලා අහන්නේ.
Facebook වෙබ් අඩවිය යනු අන්තර්ජාල ඉතිහාසය තුළ වැඩිම ග්රාහකයන් පිරිසක් ඇති, එමෙන්ම දිනකට වැඩිම පිරිසක් නිතර යන එන ලෝකයේ ඇති දැවැන්තම වෙබ් අඩවියකි. මිලියන 550 ක් ඉක්මවූ ග්රාහක පිරිසක් ඇති එය අන්තර්ජාලය තුළ ආධිපත්‍යය පතුරවා ඇති දැවැන්ත අධිරාජ්‍යයකි. ජනගහනය සමග සසඳා බැලුවහොත් ලොව ජනගහනය අතින් තෙවැනි විශාලතම රාජ්‍යය බවට Facebook පත්වනු ඇත. ලෝක සංස්කෘතියට, සදාචාරයට දැවැන්ත බලපෑමක් කළ හැකි මෙන්ම කර ඇති, කරමින් පවතින Facebook මගින් ඇති කර ඇති සමාජයීය බලපෑම පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
Facebook යන්න වෙනම සංස්කෘතියක් දක්වා අද වන විට වර්ධනය වී තිබේ. මෙම වෙබ් සේවාවේ මූලික පරමාර්ථය වූයේ මිතුරන් අතර තොරතුරු සංසරණයට වේදිකාවක් සකස් කර දීමයි. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ප්‍රචලිත වූ Facebook වෙබ් අඩවිය ලෝකය පුරා පැතිරයාමට වැඩි කලක් ගතවූයේ නැත. පරමාර්ථය අතින් ගත්කළ එහි මූලික අභිප්‍රාය Facebook විසින් මේ වන විට ඉටුකර ගෙන හමාරයි. ලොව පුරා වෙසෙන මිලියන 550 ක් ඉක්මවූ එහි සාමාජිකයන් ගණන ඊට ඇති හොඳම සාක්ෂියයි. පරිශීලක නාමය (username) හා මුරපදය (password) සපයා Facebook වෙත ඇතුළු වූ පසු මේ මිලියන 550 දෙනා කුමක් කරන්නේද ? මෙය කියවන ඔබ දැනටමත් Facebook සාමාජිකයෙක් නම් කරන්නේ කුමක් දැයි ඔබ දැනටමත් දන්නවා ඇති. ඇත්තටම බැලුවොත් මේ මවා පෙන්වන තරම් දෙයක් Facebook තුල තිබේ ද ? පිළිතුර “නැත” යන්නයි.
මේක හරි වැඩක් නේ. Facebook වගේ අහිංසක, වැදගත් වෙබ් අඩවියකට මේ වගේ කථා කරන්නේ මොකද ? තරහ ගියාද... තරහ ගන්න එපා. මෙහෙම කියන්නේ හේතු සාධක ඇතිවයි. අන්තර්ජාලය පිළිබඳ සමීක්ෂණ කරන පර්යේෂකයන් පිරිසක් මෑතකදී එළි දැක්වූ වාර්තාවකින් කියවුනේ Facebook යන්න මේ වනවිට උන්මාදයක්, ඇබ්බැහියක් දක්නා ඔඩු දුවා ඇති බවයි. ඇත්තටම බැලුවොත් ඇයි අපි Facebook යන්නේ ? සමහර අය කියයි “chat කරන්න.” කියලා. තව සමහරු කියයි “යාළුවෝ අඳුන ගන්න කියලා”. තව සමහර අය නම් Facebook පාවිච්චි කරන්නේ වෙන හොඳ හොඳ වැඩ වලට. chat කරන්න තියෙන්නේ Facebook විතරමද ? එතකොට Skype, Google හා අනෙකුත් messenger සේවා හරහා chat කරන්න බැරි ඇයි ? මේ සේවාවන් වලට වඩා Facebook වල තියෙන විශේෂත්වය මොකක්ද ? ඊළඟට බැලුවොත් සමාජජාල වෙබ් සේවාවකට තියෙන්නේ Facebook විතරමද ? එහෙනම් ඇයි අනෙක් හැම සේවාවකටම, වෙබ් අඩවියකටම වඩා Facebook ජනප්‍රිය වුනේ... මේ ප්‍රශ්ණ ටිකට පිළිතුරු හොයා ගන්නම වෙනවා.
Facebook වෙත log වූ පසු Facebook සාමාජිකයෙක් වැඩිපුරම කරන්නේ මොකක් ද ? බලා හිඳීමයි... Facebook වෙත log වී පැයක් දෙකක් සමහර විට පැය පහක් හයක් ගතකරන කාලයෙන් වැඩි හරියක්ම කරන්නේ බලන් ඉඳීමයි. තේරෙන සිංහලෙන් කිව්වොත් කාලය කා දැමීමයි. ඉතින් මෙහෙම කාලෙ කන්න Facebook යන්නම ඕනෙද. අන්තර්ජාලය පුරා තවත් ඕනෑ තරම් වෙබ් අඩවි ඒ සඳහා තිබේ. හොඳ වැඩකට යොදා ගන්නේ නම් මේ කා දමන කාලය අධ්‍යාපනික හෝ නවතම පුවත්, තොරතුරු සොයා බැලීමට යොදා ගත හැකියි නේද ? හොඳ වැඩක් බැරිනම් ඕපදූප ටිකක් හොයාගන්න හරි අසභ්‍ය වෙබ් අඩවියක හරි ගත කරන්න පුළුවන් (මේ කියන්නේ කරන්න කියලා නෙමෙයි.) අඩුගානේ කරපු වැඩක් වත් තියෙනවානේ කියන්න. Facebook වලට log වෙලා තිරේ දිහා බලන් ඉන්නවට වඩා එහෙමවත් වැඩක් කරන එක හොඳයි.
ඉතින් මෙහෙම කාලකන්නි වෙන්න අපේ කට්ටිය ඇයි උඩ පැන ගෙන Facebook යන්නේ. මේකට හේතුව තමයි Facebook කියන එක උන්මාදයක් බවට පත් වී තිබීම. එහෙම නැත්නම් උන්මාදයක් බවට පත්කර තිබීම. ලෝකයේ ඇති අනෙකුත් සමාජජාල වෙබ් සේවා එක්ක බලනකොට Facebook උන්මාදයක් වුනේ ඇයි කියන එක මට නම් ප්‍රශ්ණයක්. Facebook ජනප්‍රිය කරගන්න මාක් ෂුකර්බර්ග් හොඳ ප්‍රචාරණයක් කරලා ඇති. යන්තම් පරිගණකය අතපත ගාපු හැම කෙනෙක්ටම FacebookAccount එකක් හදාගන්න උවමනා වෙන තරමට මේ උන්මාදය දුර ගිහින්. Facebook ගැන, අන්තර්ජාලය ගැන හෝ පරිගණක තාක්ෂණය ගැන පවා කිසිම දැනුමක් නැති අයෙක් වුවත් ආකර්ශණය කරගන්නට තරම් Facebook උන්මාදය දරුණු වී තිබීම පුදුමයට කරුණක්. ඇත්තටම මෙච්චර දඟලන්නේ පරිගණක තිරය දිහා බලාගෙන යාළුවො සෙට් වෙනකල් ඉන්න නම් මේ ඇත්තටම පිස්සුවක් නෙමේ ද ?
Facebook වල මූලික සංකල්පය මිතුරන් අතර සම්බන්ධතා ගොඩ නැංවීම නම් ලංකාවේ අපිට Facebook ඕනෙම ද ? දවල් වරුව පුරාම කථා බහ කරලා, ආශ්‍රය කරන හිත මිතුරන් රෑට Facebook එකෙනුත් හම්බවෙන්න ඕනෙ ද ? බටහිර රටවල සමාජ ආශ්රයෙන් තොරව එකතැනම කොටුවී සිටින සමාජ රාමුව තුල Facebook සංකල්පය යථාර්තයක් වූවත් අපේ ලාංකික සමාජය තුළට Facebook යනු ආගන්තුක සංකල්පයකි. අපේ ජන සමාජය තවමත් ඉතාමත් හොඳින් තමන් අවට පරිසරය සමග තොරතුරු හුවමාරු කර ගනිති. Facebook හරහා අන්තර්ජාලය ඔස්සේ යාළු මිත්‍රකම් පැවැත්වීමට තරම් අපේ තරුණ තරුණියන්ට පිස්සුවක් ඇති වුනේ ඇයි. සමාජ විද්‍යාඥයින් ප්‍රකාශ කරන අන්දමට මෙය මානසික ව්‍යාධියක් බවට පත්ව තිබේ. Facebooksyndromeහෝ Facebookaddictionලෙස මෙය හැඳින්වේ.
දැන් ලෝකය උපන්දින සුභ පැතුම් යවන්නේ අදාළ පුද්ගලයාගේ තැපැල් ලිපිනයටවත්, ඔහුගේ ජංගම දුරකථනයටවත්, ඔහුගේ විද්‍යුත් ලිපිනයටවත් නොවේ. එය යැවෙන්නේ Facebookprofile එකටයි. දැන් සමාජයේ හැම දෙයක්ම ෆේස්බුක්කරණය වෙමින් පවතියි. මේ හේතුවෙන් සැබෑ ලෝකයේ පුද්ගල සම්බන්ධතා බරපතල ලෙස බිඳ වැටීමකට ලක්වන බව මේ සම්බන්ධ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම Facebook හේතුවෙන් නිරපරාදේ වැය කරන කාලය, මිනිස් ශ්‍රමය කොතරම් ද ? Facebook හි ග්රාහකයන් වන මිලියන 550 ක සෙනඟින් මිලියන 350 ක් වත් දිනකට Facebook වෙත එති. එක් ග්රාහකයෙක්ට පැයක් බැගින් තබා බැලුවත් දිනකට ලෝකයේ මිනිස් පැය මිලියන 350 ක් Facebook නිසා විනාශ වෙයි...!
සියල්ලම මුදල හා ලාභය මත තීරණය වන වර්තමාන සමාජෙය් Facebook යනු තවත් එක් ව්‍යාපාරයකි. Facebook හි වත්මන් හිමිකරු හා එහි සභාපති වන මාක් ෂුකර්බර්ග් ලෝකයේ ලාබාලතම කෝටිපතියා බවට පත්ව තිබෙන්නේ මේ හේතුවෙනි. දැන් Facebook විසින් අළුතෙන්ම ඊ-මේල් සේවාවක් ද හඳුන්වාදීමට යන්නේ ඒ වෙළඳපොල තුළ තම ආධිපත්‍යය තව දුරටත් ව්‍යාප්ත කිරීමටයි. දැනට අන්තර්ජාලය තුළ කිරුළ හිමි Google සමාගමට ඉදිරියේදී Facebook දැවැන්ත අභියෝගයක් වනු ඇත. ලෝක ජනගහනයෙන් ¼ ක් තරම් වූ ග්රාහක පිරිසකට උරුමකම් කියන Facebook අඩවිය ඒ අතින් ගත්විට අනෙකුත් සියළුම සමාගම් පරදා සිටී.
Facebook යන්න සංකල්පීය වශයෙන් හොඳ දෙයක් වූවත් වර්තමානය වන විට ඇතිවී ඇති මේ Facebook මේනියාව නම් කිසිසේත් ම යහපත් නොවේ. මෙමගින් අන්තර් පුද්ගල සබඳතා දරුණු ලෙස බිඳ වැටීමට ලක් වන අතර මේ ඇබ්බැහිය මානසික රෝගී තත්ත්වයක් දක්වා දුරදිග යා හැකියි. මුහුණට මුහුණ හමුනොවී ඇතිවන Facebook සම්බන්ධතා නිසා බොහෝ විට තරුණ පරපුර විවිධ අපචාර ක්‍රියාවන් ට ගොදුරු වේ. මිතුරු සංසදයක් වශයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට Facebook හොඳ මෙවලමකී. දිනකට පැය භාගයකට වඩා මේ සඳහා වැය කළ යුතු නොවේ. ඔබත් කළයුතු අනෙකුත් සියළු වැඩ කටයුතු පසෙක ලා පැය ගණනක් Facebook වෙත ඇලී සිටින්නෙක් නම්, දිනකට එක් වරක් හෝ Facebook වෙත log නොවී සිටීමට නොහැකි තරම් ඇබ්බැහියකට ලක්ව ඇත්නම් ඔබටත් Facebooksyndrome ෙරා්ගය වැළඳී ඇති බවට එය හොඳ සාක්ෂියකි.
බටහිරින් එන සියළු දේ හිස් මුදුනින් පිළිගත යුතු නොවේ. 90 දශකයේ CocaCola සංස්කෘතියට ගොදුරු වූ අපි වර්තමානයේ Facebook සංස්කෘතියට ගොදුරු වෙමින් සිටින්නෙමු. අවශ්‍ය දෙය අවශ්‍ය පමණට වඩා භාවිත කිරීම අහිතකර ප්‍රතිඵල ඇති කරවයි. Facebook යනු පමණ දැන පාවිච්චි කළ යුතු මෙවලමකි. රටවටේ නොදන්නා යහළුවන් සමග ඕපදූප chat කරමින් කාලය කා දමනවාට වඩා අන්තර්ජාලයෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි.
ඉතින් කල්පනා කර බලන්න. Facebook අවශ්‍ය දෙයට පමණක් භාවිතා කරන්න. උන්මාදයේ ගොදුරක් නොවන්න. ඇබ්බැහි වීම සෑම විටකම නරකයි. සිතා බලන්න... ඔබත් Facebook කාලකන්නියෙක් ද ...?
(මාක් ෂුකර්බර්ග් සමග හෝ Facebook සමග මගේ කිසිදු පුද්ගලික තරහක් හෝ ඊර්ෂ්‍යාවක් නොමැති බවත්, වර්ණ අන්ධතාවය නැමැති රෝගයෙන් පීඩා විඳිමින් වුවත් ලෝකයට අළුත් දෙයක් තිළිණ කරන්නට වෙහෙස නොබලා වැඩ කරන්නෙක් වශයෙන් මාක් ෂුකර්බර්ග් හට මාගේ ගෞරවය හිමි වන බවත් මෙහිදී දන්වනු කැමැත්තෙමි.)