ඕවා හොඳයි ෆේස්බුක් ජීවිතේ කරන් ඉන්න උන්ට.. බුකියෙ ගොඩක් පොර වෙන්න දගලන කෙල්ලන්ගෙ එකවුන්ට් ඔක්කොම ෆේක්.. මම සෑහෙන්න හොයලා බැලුවා ඔය ගෘෘප් වල, පේජ් වල පෝස්ට් දදා මැරෙන්න හදන උන් ගැන.. ඔක්කොම ෆේක්..
අනික බං බුකියෙ ඉන්න මල් පොන්නයන්ට ජීවිතයක් නෑනේ.. නාහෙන් අඬ අඬා ඉන්නවා.. මට කෙල්ලෙක් නෑ.. මට දුකයි.. මං මැරෙනවා.. යාලුවනේ මං බූට් එකක් කෑවා.. මගේ හිත හදන්න.. ඔලුව අතගාන්න.. විකන්න.. මාව සනසන්න.. අනේ මට මැරෙන්න දෙන්න.. සංසාරෙ එපා වෙනවා උන්ගෙ හැසිරීම දැක්කම.. හෙන බොළඳයි.. මං දැකලම නෑ කොල්ලො ඔහොම හැසිරෙනවා.. අමුම අමු චාටර්.. ඔය මල් පොන්සියො ටික බෝ උනේ මෑතක.. ඉස්සර ඔහොම මල් පොන්සියො බුකියෙ හිටියෙ නැහැ..
ඒ මදිවට පෙලක් උන් මොකක් හරි පිංතූරයක් දාලා.. මේකට ලයික් කරල ශෙයාර් කරනවද, නැත්තං ඔයා වැරදිකාරයෙක් වෙනවද, ජාතිවාදියෙක් වෙනවද අරවා මේවා දානවා.. උන් අමුතුම පොන්න ආතල් එකක් ගන්නෙ..