Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ

    අන්තර්ජාල දැන්වීම්‍කරණය වර්තමාණයේ ඉතා ඡනප්‍රිය වෙමින් පවතිනවා. ඒ අඩු මුදලකට ලෝකය පුරා තම දැන්වීම ප්‍රචාරණය කර ගත හැකි වීමයි . මෙවැනි දැන්වීම් පළ කරන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පවතින අතර Facebook වෙබ් අඩවියද අන්තර්ජාල දැන්වීම්‍කරණය අතින් ඉදිරියෙන් සිටිනවා . විවිධ ආයතන විසින් Facebook වෙබ් අඩවියේ නොමිලේ දැන්වීම්‍ පළ කිරීමට අවස්ථාව සළසා දෙන අතර එවැනි එක් ක්‍රමයක් ලෙස Visa Business Network Facebook application එක හදුන්වාදීමට පුළුවන .
    මේ සදහා ඔබට credit card එකක් හෝ සම්පත් බැංකුවේ web card එකක් තිබිය යුතුවේ . නැතහොත් ‍අන්තර්ඡාල ගෙවීම් කල හැකි කුමන හෝ කාඩ් පතක් .
    පළමුව ඔබගේ Facebook ගිණුමට පිවිස Facebook වෙබ් අඩවියේ පහළ ( Footer ) ඇති Advertising යන link එක මත ක්ලික් කර ඔබගේ වෙළද දැන්වීම නිර්මාණය කරගන්න .
    ඉන් පසු Visa Business Network Facebook application එක ඔබට සක්‍රීය කරන්න. ( Visa Business Network හි නිවැරදි දත්ත දී ගිණුමක් සකසා ගන්න )
    ඔබ නිවැරිදිව එම application තුල ඇති පියවර අනුගමනය කලානම් ඔබගේ ඊමේල් ගිණුමට $100 වටිනා කූපන්පත ඊමේල් එකක් මගින් එවනු ලබයි
    දැන් නැවතත් Ad manage වෙතට ගොස් පහත ආකරයට කූපන් පත එක් කරගන්න. Billing > Funding sources > Enter coupon code.
    ඉන් පසු ඔබ පළමුව නිර්මාණය කළ දැන්වීම ඉවත් කර නැවත කූපන්පත මගින් මුදල් ගෙවන ලෙසට දැන්වීම නිර්මාණය කර ගන්න
    වැදගත් :- කූපන්පත වලංගු වන්නේ දින 30 ක කාලයකට පමණි .
    ශ්‍රී ලංකාව තුල දැන්වීම ප්‍රදර්ශණය කරනවානම් ඔබට 0.04$ පමණ මුදලක් ඔබගේ දැන්වීම මත ක්ලික් කරන වාරයක් පාසා අයවේ. මෙම Visa Business Network Facebook application එක මගින් MySpace වෙබ් අඩවිය සදහාද 50$ ක දැන්වීම් නොමිලේ ලබාගත හැක.

    1

    - by ධීෂාන්


    honda nam rep 1k denna