Facebook මිතුරන්ගෙන් දැරියක් සුවපත්කළ වෛද්‍යවර

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    Facebook මිතුරන්ගෙන් දැරියක් සුවපත්කළ වෛද්‍යවර

    දුලබ සහ සුවපත් කිරීමට අධික වියදමක් දැරීමට සිදුවන රෝගයක් වන විල්සන් ඩිසීස් නමැති රෝගයෙන් පෙළුණු දැරියක් සුවපත් කිරීමට බණ්ඩාරවෙල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සමත්ව සිටිනවා. ඒ වෛද්‍යවරයකුගේ රාජකාරියට පමණක් පණ දෙමින් නොවේ.

    බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ කටුමැටි පැලක ජීවත්වූ ඩිලානි සඳමාලි (14) පවුලේ සාමාජිකයින්ට ඇයට අධික මුදලක් වියදම්කොට ප්‍රතිකාර කරන්නට තබා එදාවේ ගැටගසා ගන්නටවත් හරිහමන් මගක් තිබුණේ නැත. දිනකට රුපියල් 6000ක පමණ මුදලක් මේ සඳහා අවශ්‍ය ඖෂධ සඳහා වැයවන නිසාය. මේ පුවත කන වැකුන වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා ෆේස්බුක් සමාජ ජාලයේ තම හිතවතුන් හා එක්ව දැරියට ප්‍රතිකාර සඳහා අවශ්‍ය මිල මුදල් පමණක් නොව, ඔවුනට ජීවත් වන්නට නිවසක්ද තනා දෙන්නට නායකත්වය ලබා දී තිබේ.

    වසර 04ක් පාසල නොගිය ඩිලානි සඳමාලි පසුගිය 02දා නැවත පාසල වෙත ගියේද, හිසට සෙවනක් ලැබුවේද, පාලිත බණ්ඩාර සුබසිංහ මහතා හා එක්වූ සැබෑ කරුණාබර පරිත්‍යාගශීලින් නිසාමය.

    එදා
    023.jpg


    අද
    034.jpg

    - See more at: http://offair.nethfm.com/article/12609#sthash.3snJQJ50.dpuf
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය.​
    මෙහිදී දෙවනුව සදහන් කළ මිනිසාව තෝරා ගැනීමේ අපහසුතාවන් පවතී.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    පව් නේද බන්..හොදට ඉගෙන ගන්න ශක්තිය දහ්රිර්ය ලැබේවා..!!
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය.​
    මෙහිදී දෙවනුව සදහන් කළ මිනිසාව තෝරා ගැනීමේ අපහසුතාවන් පවතී.

    ඔව් බන් එක තමා අමාරුම වැඩේ...!!!! :yes::yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩක් හොඳ වැඩක්...ෆේස් බුක් වගේ දේවල් මිනිස්සු වැරදි අරමුණු වෙනුවෙන් පාවිච්චිකලාට කී දාහකගේ යහපත වෙනුවෙන් යොදාගන්න පුලුවන් දෙයක්ද?:D