Facebook හිගන්නෝ

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    Facebook හිගන්නෝ


    හම්බන්තොට සිරිපාලගේ පුතා සිට කොලඹ හතේ එකා දක්වා අද ෆේස්බුකිය භාවිතා කරය්. මාතෘකාව ඇරඹෙන්නේ මෙතනදීය. ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් බහුතරයකට එක්තරා පොදු ලක්ශනයක් ඇති බව මා දැක ඇත. එනම් අවධානය පසු පස හඹා යාම, එසේ නැතිනම් attention whoring යන ලක්ශනයය්. facebook වාතයක් බවට පත්වන්නේ මෙවිටය. සමහරුන්ට "ඔන්න මම කනව", "ඔන්න මම බොනවා" "ඔන්න මම මගේ ලක්ශයක් වටින ඇඳ උඩ ඉඳ ගෙන මගේ බ්ලැක් බෙරි ෆෝන් එකෙන් facebook එනවා යැය්" දවසකට දහපාරක්වත් කිව්වේ නැත්තන් නින්ද යන්නේ නැත. තව ටික කලකින් වැසිකිලියට යාමට පෙර status update කරන කාලයක් එලඹෙන බව නොඅනුමානය. සමහරුන් " අය්යෝ අම්ම මට බැන්න" , "හය්යෝ මගෙ කොල්ල මාව දාල ගියා" "මම ඔයාට ගොඩක් ආදරෙය්", "මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ","අය්යෝ මට සනීප නැහැ", "තොට හෙන ගහපන්" "අද පාර්ටි එකනම් මාර ෆන්" කියමින් පෞද්ගලික ජීවිතයේ වෙන හැම කෙහෙල්මලක් ගැනම ෆේස්බුකියේ ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරය්, නැතිනම් අනුන්ගේ අවධානය යොමු කරගන්නා අරමුනෙන්, comments දමා ගන්නා අරමුනෙන් ජීවිතයේ දුක් කම් කටොලු ගැන අඳෝනා නගය්. තිබෙන ප්‍රශ්න අමතක කොට පොඩි ෆන් එකක් ගැනීමට ෆේස්බුකියට ගිය විට අනුන්ගේ අඳෝනා දැකීම තරම් මල පන්නන දෙයක් වෙන නැත. " අය්යෝ මගේ කොල්ල මාව දාල ගියා ඉඳල වැඩක් නැහැ, මට මැරෙන්න ඕනෙ යැය්" කියන උන් දැක්ක විට අනේ ඕවත් ප්‍රශ්නද යැය් මට සිතේ. නමුත් සිය ගනනින් අදාල පුද්ගලයාගේ මිතුරු මිතුරියෝ comment කරමින් ඔහුට හෝ ඇයට අවධානය ලබා දේ, ඔහුගේ හෝ ඇයගේ සිත සනසන්නට උත්සහ කරය්. ෆේස්බුකියේ හැමදාම සිදුවන්නේ මෙයය්. මේ පිරිස අතරින් බහුතරයක් මම ඉහත කී ආකාරයේ යාචකයෝය. මඟ තොටේ සිටිනා යාචකයෝ ඉල්ලන්නේ මුදල්ය. නමුත් ෆේස්බුකියේ සිටින්නේ අමුතුම ටය්ප් එකේ හිඟන්නෝය. ඔවුන් හිඟන්නේ අවධානයය්. ලංකාවට හැම කෙහෙල් මලක්ම එන්නේ පරක්කු වෙලාය. විලසිතා වල සිට ඉංග්‍රීසි ගීතය දක්වා ලංකාවේ මධ්‍යයම පාන්තිය වෙත ලඟා වන්නේ හද්ද පරන වූ පසුවය. ලංකාවේ සිංහල මාධ්‍යය ඉංග්‍රීසි‍ ගීතයක් වුවද ප්‍රචාරය කරන්නේ එය නිකුත් වී මාස ගනනක් ගත වූ පසුවය. ඉතින් අපේ සිංහල මාධ්‍යය ඇසුරු කරන ඈයෝද පට්ට අලුත් ඉංග්‍රීසි සින්දුවක් ඇවිත් යැය් කියමින් උඩදාගෙන අර හද්ද පරන ගීතයට සවන් දෙය්.ෆේස්බුකියටද ලංකාවේ වූයේ මේ හදියමය. ෆේස්බුකිය නිකුත් වී වසර ගනනක් ගත වුවත් අපේ මාධ්‍යය එය සොයා ගත්තේ මෑතකදීය. එදා පටන් මාධ්‍ය කරුවන්ගෙන් හරි කරදරේය, අපේ page එක like කරන්න, අසවල් group එකට join වෙන්නයය් උන්ගේ කන්දොස්කිරියාවේ නිමක් නැත. මෙහි ප්‍රතිපලයක් සහ අන්තර්ජාලය සබඳතා සඳහා ඉල්ලුම ඉහල යෑමත් සමඟ ෆේස්බුකියට ලංකාවේ තිබුනාට වඩා ජනප්‍රියත්වක් ලංකාවේ ලැබී තිබේ .දැන් facebook එක ලංකාවේ new thing එක බවට පත්ව ඇත. මග තොටේ යන විට ඕනෑතරම් යාචකයන් දකින්නට සිටී. නමුත් මෙමෙ ලිපිය එම හිඟන්නන් ගැන නොව facebook හිඟන්නන් ගැනය. ඒ මොන ආකාරයේ හිඟන්නන් යැය් විමසා බලන්නට ප්‍රථමයෙන් facebook ගැන අවධානය යොමු කරමු. facebook හි නිර්මාතෘ පවසන්නේ facebook වෙබ් අඩවියේ අරමුන මිනිස් සබඳතා වර්ධනය කිරීම බවය්.නමුත් පොඩි එකෙකුට උවත් තේරෙන කරුන නම් facebook හි අරමුන හැකි පමනින් මුදල් හම්බ කිරීම බවයි. ලෝකය පුරා ලක්ශ ගනන් ජනතාව දිනපතා ෆේස්බුකියට රොක් වී මාර්ක් ට කෝටි ගනනින් ඩොලර් උපයා දේ.
    තවත් පිරිසක් තමන් කරන හැම මගුලේම ඦායාරූප අරගෙන ෆේස්බුකියේ පලකරය්. resturant එකකට ගියහොත් කාපු මස් කට්ටේ සිට ටූත් පික් එක දක්වා ඦ්යාරූප ගෙන ෆේස්බුකියේ පල කරය්. හරියට "අපි කන්නේ මෙන්න මේව" යැය් කියන්න හදනවා වගේය. අලුතින් ඇඳුමක් මිලදී ගත්තොත් එයද ෆේස්බුකියේ පල කරය්. සමහරුන් තමන්ගේ මූනේ ඦායරූප comments දමා ගන්නා අරමුනෙන් සිය ගනනින් පල කරය්.සමහරුන් තමන්ට තියෙන පොඩිම ඇඳුම ඇඳගෙන ඦ්යාරූප පලකරය්. මෙය විහිලුවක් බවට පත්වන්නේ සමහර තරුනයෝද ශර්ට් එක ගලවගෙන පපුව ඉස්සරහට දමාගෙන ගත් ඦායාරූප පල කරන විටය. තමන් අවධානය හිඟන්නෙක් බව ලොවටම පෙන්නය්.ෆේස්බුකි‍යේ pvt message කිරීමට අවස්ථාව තිබුනද බොහොමයක් පිරිස wall post දමමින් අවධානය අනිත් අයගේ අවධානය යොමු කරගැනීමේ උත්සහයක නිරත වේ. බොහෝ විට මෙය කරන්නේ පෙම්වතුන් සහ පෙම්වතියන්ය. මට මේ වෙලාවට කියන්න හිතෙන්නේ " අනේ ඔයා අහවල් එක්කෙනාට ඔච්චර ආදරේනම් ඕක message කරල කියන්නකො, ඕකට මාධ්‍ය නිවේදන නිකුත් කරන්නම ඕනෙද"

    අවසානයේ කියන්නට තිබෙන්නේ ඔබගේ facebook account එක කාටත් වැඩක් වන යමක් බෙදා ගැනීම සඳහ භාවිතා කරන්න. ඔබගේ ජීවිතයේ වටිනා අවස්ථා බෙදා ගැනීම සඳහා භාවිතා කරන්න. ඔබගේ පෙම්වතිය ඔබව හැරදා ගියත්, ඔබට අසනීප වුවත්, ඔබට ජීවිතය එපා උනත්, ඔබ මොන කෑමක් කෑවත් මට එයින් වැඩක් නැත,මට ඔය කුනු කන්දල් ගැන දැන ගැනීමට උවමනාවක්ද නැත.කියන්නේ ද්වේශයෙන් නොවේ. ඔබ ලෝකයට විහිලුවක් වීම දකින්නට අකමැති නිසාය. ප්‍රශ්නය facebook නොව , භාවිතා කරන්නන්ගේය. විදේශ ගත වන අවස්ථාවන්හිදී පවුලේ අය සහ මිතුරු මිතුරියන් සම්බන්ධ කරගැනීමට ඇති ලාබදායී හා පහසු ක්‍රමයක් ලෙස facebook දැක්විය හැක. එම නිසා ෆේස්බුකිය ප්‍රයෝජනවත් වන අවස්ථා බොහෝමයක් ඇත. නමුත් බහුතරයක් ෆේස්බුකිය භාවිතා කරන්නේ මා ඉහත කී කාරනාවන්ට යැය් මට සිතේ. ඔවුන් එතනින් නවතින්නේද නැත, පෙම්වතාගේ හෝ පෙම්වතියගේ මූන සිඹින ඦයාරූපයේ සිට අලුතින් මිලදී ගත් ජංගම දුරකතනයේ ඦායාරූපය දක්වාද ෆේස්බුකියේ පල කරය්. නොදැනීම තමන්ගේ පෞද්ගලිකත්වයට හානි කරගනී මෙය ලංකාවේ facebook භාවිතා කරන්නන්ට පමනක් සීමා නොවේ, මුලු ලෝකයේම පවතින තත්වයකි.මෙවැනි ප්‍රදර්ශනකාමය සඳහා facebook භාවිතා කරන්නන් බහුලය. නමුත් ලංකාවේ මෙවැනි දෑ ගැන කතිකාවක් ඇති වන්නේ කලාතුරකිනි.




    උපුටාගැනීමකි : http://hotncoolmails.blogspot.com/2011/05/facebook.html#axzz1N5Fu4OYB
     
    Apr 6, 2011
    769
    101
    0
    Internet public and free...
    people on the internet and their feelings/emotions should then public and free.
    I hate online privacy
    -සමරේ-
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: රීපෝස්ට් තමයි.. ඒත්..,
    :cool: මම රිප්ලයි එක කෙටියෙන් දානව නම් දාන්න තියෙන්නෙ, මම ෆේස්බුක් එකේ නැත.. :lol:
     

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    Meka wikara kathwak...................... Anika FB lankawe janapriya une ada eeye nemei......Anika meka dan art ekk......its free to use. katwath be kauruwath guide karanna use karanna one kohomada kiyala......hodama de thamanata epa nam thaman ain wena eka...........nethuwa me wage harayak nethi katha kiyanne nethuwa...........
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔයා මාරයිනේ:shocked:

    :no: මාර නෑ මාර නෑ.. :) හිහී.. :sorry: ෆේස්බුක් එකේ ඉන්න සමහර උන්ගෙ ගොං පාට් නම් නෝන්ඩි ම තමයි මචන්.. :cool: ඒත් හොඳ විදියට ඉන්න අයත් ඉන්නව.. :yes: මේ කතාවෙ හොඳක් වගේම වැරදිත් තියෙනව. :no: මම ෆේස්බුක් එකත් එක්ක තරහක් නෑ, :yes: අමුතු කැමැත්තකුත් නෑ.. :yes: කැමති අය එයාල කැමති විදියට හිටියාදෙන් ඉතින්... අපිට මොකෝ.. :)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    me too

    :no: මාර නෑ මාර නෑ.. :) හිහී.. :sorry: ෆේස්බුක් එකේ ඉන්න සමහර උන්ගෙ ගොං පාට් නම් නෝන්ඩි ම තමයි මචන්.. :cool: ඒත් හොඳ විදියට ඉන්න අයත් ඉන්නව.. :yes: මේ කතාවෙ හොඳක් වගේම වැරදිත් තියෙනව. :no: මම ෆේස්බුක් එකත් එක්ක තරහක් නෑ, :yes: අමුතු කැමැත්තකුත් නෑ.. :yes: කැමති අය එයාල කැමති විදියට හිටියාදෙන් ඉතින්... අපිට මොකෝ.. :)
    100000% agreed:yes::yes::yes::yes::cool:
     
    • Like
    Reactions: Optimus Prime

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    "තිබෙන ප්‍රශ්න අමතක කොට පොඩි ෆන් එකක් ගැනීමට ෆේස්බුකියට ගිය විට අනුන්ගේ අඳෝනා දැකීම තරම් මල පන්නන දෙයක් වෙන නැත. " meka nam atta mokak natat..
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ehema karana eke mamanam kisima waraddak dakin na eka social site ekaka normally hasirenne ehemai naththam facebook kochchara boring thanak weida