Questions Facebook Ads account hacked - Help Required

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මං කෙලවගත්තා... :( ආපහු...

    සේරම කියවන්න කම්මැලිනම් : යකෝ මගෙ ad account එක hack වෙලා. මොකෙක්ද ads වගය්ක් දාලා.. මට කෙලවෙන්නයි යන්නෙ.. උදවු කරපන්.

    මේ සේරම පටන්ගත්තෙ Facebook එකෙන් මගෙ posts boost කරන්න free 10$ ක් දුන්න වෙලාවෙ ඉඳලයි.. :frown: notification එක දැක්කම මම සතුටින් ඉපිලුනා.. :lol:
    මගේ free 10$ ගන්න නම් Payment Details දෙන්න කියල කිව්වා.. මං දුන්නා... දීල නිකන් හිටියෙ නෑ ටස්ගාල ඇඩ්ස් එකක් හදල දැම්ම.. ඒකට rule එකක් දැම්මා 10$ ට වඩා වියදම් කරන්න එපා කියලා... ඊට පස්සෙ මං මගෙ blog එකට traffic ගලාගෙන එන හැටි බලන් හිටියා... දවසකට dollar 1 ගානෙ දවස් 10 කට වියදම් වෙන්නයි දැම්මේ.. දැන් දවස් තුනකට විතර කලින්..

    අද මං facebook ගිහින් බලද්දි feed එකේ තිබ්බා (මං කවදාවත් දැකල නැති) මගේ ඇඩ් එකක් facebook එකෙන් reject කරල කියල message එකක්. මං ටස්ගාල Ads Manager එකට ගිහින් බලද්දි අලුත් campaign එකක්!!! ඒකෙ (මං නොදාපු) එකම ඇඩ් එක තුන් පාරක්.. මගෙ Ad credit එකත් ඉවරයි..

    මං එවෙලෙම ආරාක්ෂක පියවර කිහිපයක් ගත්තා (ඔලුව ගිනිගත්ත වෙලේ හින්ද මොනවා කරාද මතක නෑ) : Ad campaigns සේරම delete කරලා payment method එකත් අයින් කරා.. හොඳ වෙලාවට අකවුන්ට් එකෙන් සල්ලි කැපිලත් නෑ බිලක් ඇවිල්ලත් නෑ.. (මං දාපු 10$ rule එක හින්ද වෙන්න ඇති.) ඊට පස්සෙ මං password reset කරා.. facebook එකෙන් ලොග් වෙච්ච ඇප් සේරම (කිහිපයක් ඇරෙන්න) අයින් කරා.. මට තියෙන ප්‍රස්නෙ hack කරපු එකාට මගෙ card numver, cvc අරව මෙව්ව හම්බුනාද කියන එකයි.. ඩොලර් විස්සක් තිහක් කැපුනොත් මට පාරට වැටෙන්නයි වෙන්නෙ.. උදවු කරන්ඩෝ!!!!

    මං මේක රහ කරල ලිව්වෙ වෙන පු* අමාරුවකට නෙවෙයි, නැත්නම් තොපිට කියවන්න එපා වෙන හින්ද.. නැත්නම් මට depression නොහැදුනා විතරයි.

    Shit.


    මං ads delete කරන්න කලින් සේරම export කරා.. මෙන්න Excel sheet එක.. >> https://drive.google.com/file/d/1UwpN2TL-FuJW0cY51vVYG-easnjrV7bE/view?usp=sharing

    P.S. : අරූ Ad එක දාල තියෙන්නෙ පෝලන්තෙන්..
    මේ ලින්ක් එක තමා ඇඩ් එකට දාල තියෙන්නෙ.. (Visit at your own risk) :- http://d13.codingoutpost.com/?utm_content=ml24L&fb=640114680192884
     
    Last edited: