Group වල ඇඩ් දැන් ලොකුවට effective නෑ බන්. Sponsored ad වලින් ඕනෙ audience එකට විතරක් select කරල campaign එක run කරන්ඩ පුලුවන් හින්දා.
හැබැයි group එක මොනව හරි දෙයකට හෝ ප්‍රදේශයකට specific එකක් නම් ඒ specific දේට සම්බන්ද දේවල් මාකට් කරහැකි.
උදා-
1.කෘෂිකාර්මික දේවල් සම්බන්ද group එකක් නම් පැල,බීජ,පොහොර වගේ දේවල්.
2.රෑපලාවනය සම්බන්ද group එකක් නම් ඊට අදාල cream ,perfume අරව මේව.
3. මොකක් හරි ප්‍රදේශයක උන් ඉන්නව එකක් නම් ඒ ප්‍රදේශයට අදාල බිස්නස්. "Negambo අපි " වගේ. ඒ වගේ group වල ඒ ප්‍රදේශයේ කරන සියලු බිස්නස් වල ad දාන්ඩ පුලුවන්.
** දැන් හැබැයි ඔහොම group වල ගෙවල ad දානව හෙනම අඩුයි. එකක් ඕනෙ තරම් free ad දාන්ඩ දෙන group තියේ. අනික sponsored ad වල marketing ability එක වැඩියි. අනික තමා facebook marketplace එකේ ඇඩ් දාන්ඩ පුලුවන් එක.