FACEBOOK සටහන් නිසා අවන්හලක වේටර්වරියකට ස්වකීය ජිවන වෘත්තිය අහිමිව පාරට බැසීමට සිදුවූ සිද්ධියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ නෝර්ත් කැරලනීනා හි, Charlotte නගරයේ පීට්සා අවන්හලකින් වාර්තා වෙනවා.
එමෙන්ම තම රාජකාරිය අලස එකක් වූ බවට වූ FACEBOOK සටහනක් නිසා තම රැකියාව අහිමි වූ තරුණියක කියන මේ වීඩියෝ සටහනද බලන්න
මෙම සුළු සිද්ධිය ඇයගේ රැකියාව අහිමි වී යාමට තරම් හේතුවීම පිළිබඳව ඇය වික්ෂිප්ත වූ බවයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ. “
සාමාන්‍යයෙන්, එදිනෙදා, තමන් සිතන මතන, ඇස දුටු දේවල්, පිංතුර, සටහන්, වීඩියෝ දසුන් ආදී මෙකී නොකී දෑ පිළිබඳව තම මිතුරු මිතුරියන් හා හුවමාරු කිරීම සඳහා ලොව බලගතුම අන්තර්ජාල සමාජ ජාලය වන FACEBOOK හි, පිහිට පැතීමට අප සමාජයේද බොහෝ දෙනා යොමුව තිබෙනවා.
මෙවැනි වට පිටාවක තමන්ගේත් තමා ඇසුරු කරන මිතුරු ප්‍රජාවගේ හා ඒ හා සබැඳුණු අන් පාර්ශව වලටත් අගතියක්, අසතුටක් නොහැඟවෙන පරිදි ස්වයං වාරණයකින් යුතුව එහි සටහන් තැබීමේ වැදගත්කම මෙම සිද්ධියෙන් එදිනෙදා FACEBOOK හරහා ගනුදෙනු කරන අප කා හටත් සිහිකැඳවා දෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට සිද්ධිය මෙසේය.
“එම අවහන් හලේ දිවා ආහාරය සඳහා පැමිණි යුවලක් පුරා පැය 04 ක්, අවහන් හලේ රැඳී සිටිමින් ඩොලර් 05 ක් පමණක් සංතෝෂම් වශයෙන් ඇයට ලබා දී තිබෙනවා.
ඇය,රාජකාරිය අවසන් වීමට තිබූ වේලාවටත් වඩා පැයක කාලයක් මෙම යුවල වෙනුවෙන් මෙසේ, සේවාව ලබාදීමට සිදු වීමත්,ලබාදුන් සුළු සංතෝෂම් මුදල පිළිබඳවත් නොසතුටින් ඇය ඒ පිළිබඳව ඇයගේ FACEBOOK පිටුවේ සටහන් කර තිබෙනවා.
මෙලෙස ඇය තම සේවා කොන්දේසි කඩ කරමින් තම වටිනා ගනුදෙනුකරුවන්ට එරෙහිව මෙම සටහනින් ඇය කටයුතු කළා යැයි පවසමින් ඇයව සේවයෙන් නෙරපා හැරීමට එහි අයිතිකරු ක්‍රියා කර තිබෙනවා.
FACEBOOK හි, ඔබත් අත් දුටු දෑ ලියන්න. 





