facebook thahanama nisa paduwa biliyana 4kata wadi

May 25, 2018
43
18
0
PPhzowZ.jpg



පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්වයත් සමග මාර්තු 7 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ෆේස්බුක් ඇතුළු
සමාජජාල වෙබ් අඩවි තහනම් කිරීමට රජය පියවර ගනු ලැබුවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇමරිකානු ඩොලර්
මිලියන 30ක් පමණ පාඩු සිදුවී ඇති බව ලොව ප්‍රකට අන්තර්ජාතික සංවිධානයක් වන නෙට් බ්ලොක්ස් වෙබ් අඩවිය
ගණනය කර තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 4.7කට අධික මුදලක්.

නෙට් බ්ලොක්ස් වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙතරම් දැඩි ආර්ථික පාඩුවක් සිදුවීමට පහත හේතුන් බලපා තිබෙනවා.


● රටේ සංචාරක කර්මාන්තයට හා ව්‍යාපාරික ප්‍රජාවට දැඩි හානියක් සිදුවීම.
● විදේශ විනිමය උපයන ව්‍යාපාර සඳහා හානියක් සිදුවීම.
● දේශීය ෆේස්බුක් මෙහෙයුම් පද්ධතිය කරා ගමන් ගත් දත්ත විදේශීය පද්ධතිය කරා යාම නිසා අන්තර්ජාල සේවා සපයන්නන්ට පාඩු සිදුවීම.
● අන්තර්ජාතික දුරකථන පද්ධති භාවිතය සඳහා වූ වියදම් නිසා රටේ විදේශ විනිමයට දැඩි පාඩුවක් සිදුවීම.


 
  • Like
Reactions: redScropian