උඹට කවද්ද එපා උනෙ ?
මුල් කාලෙ කියලා අර්ථවත් කලෙ කොයි කාලෙද ?
මට නම් ෆේස්බුක් ආතල් උනෙ 2010 ට කලින් .
ඊට පස්සෙ ටිකෙන් ටික චොර වෙන්න ගත්තා.
2012 න් පස්සෙ ගූම උනා.
එපා වෙලා මන් අයින් වෙලා ඉන්නෙ ෆේස්බුක් එකෙන් .
ඔකෙන් අයින් වෙයන් .හොඳක් නම් වෙන්නෙ නැහැ .
සිංහල පොස්ට්ස් පේජස් තිබුනෙම නැති තරම් .සිරවට ඒ කාලෙ ගොඩක් මොනවද බන් තිබ්බේ 2010 ට කලින් සින්හල පෝස්ට් එහෙම අඩු ඇති නේද ? කොයි වගේ දේවල් ද තිබ්බේ
සිංහල පොස්ට්ස් පේජස් තිබුනෙම නැති තරම් .
මම නම් ඔන්න අපෙ ඉස්කොලෙ වෙනුවෙන් පේජස් ගැහව්වා .ඒත් ගොඩක් උන් වැඩිය ඇක්ටිව් නැති නිසා එව්වා ඔහෙ තිබුනා.
අපෙ ඇක්ටිව් උනුත් ෆොන් එකෙන් ෆේස්බුක් ගියෙ.
ඊබඩි දාගෙන. ෆීචර්ස් මාරම අඩුයි .
සිංහල ඉන්ස්ටොල් කරගත්තත් වැඩක් උනෙ නැහැ. කොටු කොටු පේන්නෙ අනික් උන්ට. යුනි කොඩ්ස් නැහැ .සමහරු දාගන්න දන්නෙ නැහැ සහ ඒ කාලෙ එච්චර සිංහල ජනප්‍රිය නැහැ.
ඉංග්‍රිසි පේජස් තමා මන් ලයික් කරලා තිබ්බෙත්.
එත් මේ වගෙ සජෙස් වුණෙ නැහැ ඇණයක් වෙනකන්.
මන් ෆේස්බුක් පාවිච්චි කරෙ ඉස්කොලෙ දෙවල් වලට විතරමයි.
එක්කො ඉස්කොලෙ එවුන් එක්ක සෙට් වෙන්න ගෙදර වැඩ අහගන්න හෝ ඉස්කොලෙ ඉවෙන්ට් එකක් ගියොත් එකෙ ෆොටොස් දාන්න වගෙ දෙවල් වලට.
ෆෙක් එකවුන්ට්ස් අද වගෙම එදත් තිබුනා.
සමහරක් එව්වාට අපිත් අහු උනා.එත් පොඩ්ඩක් අත්දැකිම් වැඩි වෙද්දි එව්වාට මුහුණ දුන්නා.
මන් පාවිච්චි කරෙ වින්ඩොස් එක්ස්පි ඕ එස් එක, ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එක.
බ්‍රවුසර් එක ඕපන් වෙන්නම විනාඩි තුනයි තත්පර 28 ක් වගෙ ගත වෙනව.
ඊට පස්සෙ ෆේස්බුක් පේජ් එක රීලොඩ් වෙන්න ඊට එහා.
මොකද ස්පීඩ් එක 512 කිලො බිට්ස් පර් සෙකන්ඩ්.
එක නිසා පොඩ්ඩක් ඇඩික්ට් වෙන එක කන්ට්‍රොල් උනා.
ඉන්ටර්නෙට් ගත්ත කාලෙම නිසා මාත් පොඩ්ඩක් ලොකු සීන් එකෙ හිටියෙ සිංහල දෙවල් හොයන්නෙ නැහැ ,සර්ච් කරන්නෙ නැහැ කියලා
ඉංග්‍රිසි විතරයි .
කොටින්ම එළකිරි එක සජෙස්ට් උනත් මන් ගියෙ නැහැ පැත්ත පලාතෙ.
සේරම හොයන්නෙ ඉංග්‍රිසි සයිට් එකකින් විතරමයි .මන් ෆේස්බුක් ඉන්න කාලෙත් ලයික් කරලා තිබ්බෙත් ඉංග්‍රිසි පේජස් වලට විතරමයි .
එක සිංහල පේජ් එකක් පොස්ට් එකක් ශෙයාර් කරෙ නැහැ.
2011 දෙසැම්බට් වලදි ටයිම් ලයින් එක ආවා .
එතනින් පස්සෙ තමා ඔන්න ෆීචර්ස් වැඩි වෙන්න ගත්තා.
ඉවෙන්ට් කාරයොයි ,ෆොටො ග්‍රැෆි කාරයොයි වැහි වහින්න ගත්තා.
ඊට පස්සෙ බැච් පාටිස් ,ගෙට් ටු ගෙදර්ස් ලොවෙත් නැති සීන් .
2012 න් පස්සෙ ගූ වෙලාම ගියා ෆේස්බුක් එක.
ඊට පස්සෙ අනං මනං පේජස් හදන් ගොන් ආතල් දෙන්නයි ,බොදුබල සේනාවෙ උන් තම්බි මරන්නයි ,හලාල් නැති කරන්නයි වගෙ සීන් ලොවෙත් නැති එව්වා.
එපාම උනා.
කෙලින්ම අපෙ උන්ව කන්ට්‍රොල් කරෙ ෆේස්බුක් එකෙන් .
එපා වෙලා නෙමේ බන් සමහර වෙලාවට Depression වගේ දැනෙනවා ඕකේ එව්වා බැලුවම.කාලයක් මම gossiplanka එකට ඇබ්බැහි වෙලා හිටියා.පස්සේ මමම හිතලා අයින්වුනා.
හොඳම දේ FB යන්න දවසකට පැයක් විතර වෙන්කරලා අනිත් වෙලාවට පැත්ත පළාතේ නොගිහින් ඉන්න එක..
political ඒවයි news channel ඒවයි ඔක්කොම unlike කරපං මචන්.. සැහෙන හොද ප්‍රොයෝජනවත් pages වගේම groups වලට සම්බන්ධ වෙයන්.එතකොට ඔය අවුල හරියනවා.Facebook එක දැන් එපා වෙලා නැද්ද? Wall එකේ යද්දි තියෙන post වලින් 80%ක් වගේම political post. වැඩි හරියක් share වෙන්නේ unverified news. ගොඩක් එවුන් කරන්නේ ආතල් එකට share කරන එක. News එක හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. ආංඩු කරන්න උපදෙස් දෙන එවුන් වැහි වැහැලා.
මුල් කාලේ තිබ්බ fun එක දැන් නෑමේක නිකන් political tool එක වගේ බන්.
Facebook එක දැන් එපා වෙලා නැද්ද? Wall එකේ යද්දි තියෙන post වලින් 80%ක් වගේම political post. වැඩි හරියක් share වෙන්නේ unverified news. ගොඩක් එවුන් කරන්නේ ආතල් එකට share කරන එක. News එක හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. ආංඩු කරන්න උපදෙස් දෙන එවුන් වැහි වැහැලා.
මුල් කාලේ තිබ්බ fun එක දැන් නෑමේක නිකන් political tool එක වගේ බන්.
Facebook එක දැන් එපා වෙලා නැද්ද? Wall එකේ යද්දි තියෙන post වලින් 80%ක් වගේම political post. වැඩි හරියක් share වෙන්නේ unverified news. ගොඩක් එවුන් කරන්නේ ආතල් එකට share කරන එක. News එක හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. ආංඩු කරන්න උපදෙස් දෙන එවුන් වැහි වැහැලා.
මුල් කාලේ තිබ්බ fun එක දැන් නෑමේක නිකන් political tool එක වගේ බන්.
මේක තමා මන් දැන් කරන්නේවෝල් එකේ රස්තියාදු ගහන්න ඉගෙන ගන්න එපා බන්.. හොඳ වැඩදායි ගෘප් ටිකක් ඇඩ් කර ගනින්.. ඇඩ් කරලා පින් කරපන්... මම එහෙම තියාගෙන ඉන්න ගෘප් 10ක් තියෙනවා.. ඒවයේ පෝස්ට් බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..
ow ban. dan nam thiyenwa kiyanna account eka thiyagena innawa.
2010/2011 wage kale nm henata kello ekka unth chat kala. dan wage newei, unth reply kranawa.![]()