Fail_Fail_Again_Fail

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීදැයි සොයාබැලීමට රහස් පොලීසියට පවරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එන් කේ එම් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ටියුෂන් ගුරුවරයකු විසින් ලබාදුන් අනුමාන ප්‍රශ්නපත්‍රයක සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ලබාදුන් ප්‍රශ්න 18ක් පමණ සමාන රූප සටහන්ද සහිතව තිබූ බවයි.
    ගම්පහ පාසල් කිහිපයකම සිසු සිසුවිය විභාගය පැවති අද (15) උදෑසන විභාගය ආරම්භ වීමට ප්‍රථම මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළ බව සිසුහු සහ ගුරුවරු පැවසූහ.
    මේ අතර අද පැවති විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ හයවැනි ප්‍රශ්නයේ ඇති සුශුම්නාවේ හරස්කඩ රූප සටහනේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය ඇති ස්ථාන නම් කර ඇත්තේ වැරදියට බව සිසුහු ද ගුරුවරුද කියති.
    ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මෙවැනි දේ නිසා විභාගය ගැන විශ්වාසය බිඳ වැටෙන බවයි. මේ ගැන විභාග කොමසාරිස්වරයාට සහ රහස් පොලීසියට ඉරිදා පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ස්ටාලින් මහතා පවසයි.:no::no::no::no:

    http://www.lankadeepa.lk/index.php/articles/85192
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    00020468.gif