යාලුවනේ ගෙදර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අම්මා එක්ක. කොච්චර තේරුම් කලත් එයා හරි කියන මතයේ ඉන්නේ. හේතුවක් නැතුව අපිට (තාත්තාටයි මටයි) බණිනවා. අපේ අදහස් ගනන් ගන්නෙ නැ. එයා කියන දේ විතරයි හරි. අපි ඒවාට මොනවහරි කිව්වම අපිට බණිනවා එයාගෙ නෑදෑයෝ ගෙනල්ලා අපිට ගස්සනවලු ඔන්න ඔහොම කියනවා. එතකොට අපි ඔක්කොම ලා බැණ ගන්නවා. ඔහොම කියද්දී මට උනත් උතුරු දකුණු මාරු වෙනවා මචං. හොඳින් කිව්වට තේරුම් ගන්නේ නැහැ. අම්මනෙ කියලා මම ඉවසන් හිටියා ගොඩක් කල් මෙක හෙණ කරුමයක් වෙලා තියෙන්නේ. අම්මගෙ පැත්තේ නෑදෑයෝ අමු ගොන්නු. ඒ මිනිස්සු මේ ප්‍රශ්නය විසඳන්න හදන්නේ නැතුව පවුල කඩන්න හදනවා. අම්මා කියන දේ විතරයි උන් අහන්නේ අපි එක්ක උන් ඒවා කතා කරන්නේ නැහැ. ඉතින් උන් අම්මා කියන දේ විතරක් අහලා හෙන පොරවල් වගේ එක එක ඒවා කියනවා. කෝල් කර කර අපිට පාට් දානවා. අවුරුදු ගාණක් මේ පොඩි පොඩි රණ්ඩු යනවා ඉවරයක් නැහැ ගෙදර ආවම නිදහසේ ඉන්න නැහැ. පන්සලේ හාමුදුරුවන් ට වත් ගිහින් කියන්න ද 

Last edited:
