Fast 7

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    Fast & Furious 7 (2014) – පෝල් වෝකර් නොමැති මාරක ධාවනය කල් යන ලකුණු…


    පසුගිය සතියේ අහන්න ලැබුණු හදවත සසල කල පුවතක් තමයි සිනමා නළු පෝල් වෝකර්ගේ අකල් වියෝව. පෝල් වෝකර් කියන නාමය ශ්‍රී ලාංකික අප අතරේ මෙතරම් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතු සාධකය තමයි ඔහුගේ අවසන් ගමනට හේතු උන වේගවත් රථ ධාවනය. එහෙමත් නැති නම් Fast & Furious නමින් අප කවුරුත් අතරේ ප්‍රචලිත වේගවත් රථ ධාවනය මූලික කරගත් චිත්‍රපට පෙළ. පෝල් අවසන් ගමන් යාමට කලින් එහි චිත්‍රපට 6ක් කරළියට පැමිණුනත් ඉන් එක චිත්‍රපටයක් හැරෙන්න අනෙක් චිත්‍රපට 5ටම ඔහු දායකත්වය ලබා දුන්නා. ප්‍රසන්න අව්‍යාජ හිනාවකට හිමිකම් කියන මේ සුන්දර මිනිසා එහි හත් වැන්න වෙනුවෙන් වැඩ රාජකාරි ඒ වනවිටත් ආරම්භ කර තිබුනත් දෛවය එහි අවසානයක් බලන්න පෝල්ට ඉඩ ලබා දුන්නේ නැහැ. පෝල්ගේ මරණයත් එක්ක කරළියට පැමිණි දෙවන කාරණය තමයි Fast & Furious පෝල් නැතුව වැඩක් නැහැ කියන එක. කාරණාව ඇත්ත උනත් මේ හදන්නේ මේ අනපේක්‍ෂිත සිදුවීමත් එක්ක Fast & Furious 7 වැන්නට වෙන්න යන දේවල් කීපයක් ගැන මංසල පාඨකයන් දැනුවත් කරන්න.
    හත්වැනි මාරාන්තික ධාවනය ආරම්භ කලේ හයවැන්න අධ්‍යක්ෂණය කල ජස්ටින් ලින් මෙහෙයවපු මේ ධාවන තරඟයේ ප්‍රධාන සුක්කානම ඔහුගෙ භාරයෙන් එය The Conjuring අධ්‍යක්‍ෂක ජේම්ස් වෑන් හට ලබා දෙමිනුයි. ඒ වගේම හයවැන්න තුලින් නවතම දුෂ්ඨයෙක් කරලියට පැමිණියා ඒ ඔවන් ශෝව්ගේ සහෝදරයාගේ චරිතයට පණ පොවන Jason Statham ජපන් ධාවක හාන් හට මරුවා කැන්දමින්. එහි අවසානය Fast & Furious රසිකයන්ගේ කුතුහලය තවත් වැඩි කරමින් අපි හැමෝටම 2014 හත්වැන්න කල එලි බහිනකන් හිතන්න යමක් ඉතිරි කලා. කෙසේ වෙතත් ඩොමිනික් ටොරෙටෝ සහ ඔහුගේ මාරක ධාවක කණ්ඩායමට ඒ පළිය වෙනුවෙන් සටනක් දෙන්න වෙනවා කියන එක නම් නිසැක නියතයක්. ඊට අමතරව තායිලන්ත සුපිරි සටන්කරු ටෝනි ජා හත්වැන්න සමඟ පළමුවරට හොලිවුඩය ආක්‍රමණය කරන්නත් සූදානමින් ඉන්නේ. මේ වගේ ඉතාමත් දැවැන්ත විදිහට නිර්මාණය කරන්නට උන හත්වැන්න ආරම්භයේදීම හැමෝගෙම දෙනෙත් කඳුලින් තෙත් කරමින් පෝල් වෝකර් තම ජිවිතයේ අවසන් ධාවනය පසුගිය සතියේ කැලිෆෝනියා මාර්ගයක් මතදී අවසන් කලා.


    1467446_4996927099206_1536720936_n.jpg



    එන වසරේ ජුනි මස තිරගත වීමට නියමිත මෙහි හත් වැන්න දැනටමත් පෝල් හට දක්වන ගෞරව කාලයක් එහෙමත් නැතිනම් ශෝකී කාලයක් විදිහට රූපගත කිරීම් කල් දමා තිබෙනවා. චිත්‍රපට 6ක් පුරාවට Paul Walker (බ්‍රයන්), Vin Diesel(ටොරෙටෝ), Jordana Brewster(මියා), Michelle Rodriguez(ලෙටි), Gal Gadot(ගිසෙල්), Tyrese Gibson(රෝමන්), Dwayne Johnson (හෝබ්ස්), Sung Kang(හාන්), Ludacris(ටෙජ්), Luke Evans(ඔවන් ශෝව්) මේ හැමෝම පවුලක් වගේ එකට වැඩ කළා. මේ කිසි කෙනෙක් නැතුව මේ වේගවත් ධාවනය සම්පූර්ණ නැහැ. එහෙම වෙලාවක එහි පුරෝගාමී චරිතයක් රඟපෑ පෝල් වෝකර් මෙසේ අපෙන් සමු ගැනීම ජේම්ස් වෑන්ට ලැබුන දෙවන අභියෝගය බවට මේ දින වල පත් වෙලා. දැනටමත් කතාව රූපගත කරන මට්ටමටම පැමිණි මොහොතක ඇත්තටම එය විශාල අභියෝගයක්. මොකද කියනවා නම් බ්‍රයන් “ඕ” කෝනර් එහෙමත් නැතිනම් ඩොමිනික් ටොරෙටෝගේ දකුණු අත වගේ සිටින මස්සිනාට භාරවෙලා තියෙන චරිතය මින් ඉදිරියට රඟ දක්වන්නේ කවුරුන්ද? මේ තමයි අපි හැමෝම අහන වගේම ජේම්ස් වෑන් හට පෝල්ගෙ වියෝවේ දුකත් සමඟ නින්ද නොයන අනෙක් කාරණය. මේ සඳහා විකල්ප කීපයක් දැනට යෝජනා වෙලා තියෙනවා.
    එකක් තමයි හයවෙනි චිත්‍රපටය තුල කරලියට පැමිණි ඔවන් ශෝව්ගේ සහෝදරයාගේ පළිගැනීමේ අරමුණ තුල තවත් ගොදුරක් විදිහට බ්‍රයන් “ඕ”කෝනර් චරිතය මේ කතාව තුලින් කතාවට සමගාමිව ප්‍රේක්ෂකයාට නොදැනෙන්න ඉවත් කරන්න. ඒ පෝල් වෝකර් දෙවන වතාවටත් අපේ හිත් වලින් බ්‍රයන් විදිහට මියයමින්. එහෙත් එම දර්ශන රඟ දක්වන්න පෝල් අප අතර දැන් නැහැ. අනෙක් කාරණාව තමයි එය කතාව තුල කලින් තීරණය කරගත් දෙයක් නොවීම. එමනිසා මේ සඳහා පෝල්ගේ මුහුණ නොපෙන්වන එහෙත් ඔහුගේ මිය යාම නිරූපණය වෙන දර්ශනයක් විශේෂ ප්‍රයෝග මගින් වෙනත් නළුවෙකු යොදා සිදු කිරීමට ඕනෑතරම් හැකියාවක් තියෙනවා. එහෙත් එලෙසින් බ්‍රයන් නමැති චරිතය ඉවත් කිරීමක් කළහොත් යථාර්ථය වන පෝල් දැන් ජීවතුන් අතර නැහැ කියන දේ මේ කතාව වටා රොක් වී සිටින ප්‍රේක්ෂක ඔබ මම වගේම පෝල්ගේ පවුලේ උදවියත් නැවත වතාවක් අපහසුවට පත් කිරීමක් වේවි. එහෙත් චිත්‍රපටිය තුල කතාව ගලා යන අකාරය හා සසඳන කල්හි මීට වඩා කදිම සහ කතාවට යෝග්‍ය ලෙසින් බ්‍රයන් “ඕ”කෝනර් චරිතය ඉවත් කිරීමකුත් නැති තරම්. එහෙත් හත්වැන්න ආරම්භය තුලම මෙවැනි ප්‍රධාන පෙලේ චරිතයක් සරල විදිහට ඉවත් කර දැමීමත් මේ කතාව තවත් ඉදිරියට ගලා යාම නතර කිරීමක් වෙනවා. මොකද මේ කතාව තවත් අටවැන්න සහ නමවැන්න ලෙසින් චිත්‍රපට දෙකක් විදිහට අප වෙත රැගෙන එන්න මේ වනවිටත් නිෂ්පාදකයින් තීරණය කර හමාරයි. ඉතින් ඉහත දක්වපු විකල්පය තුල ගැලපීම සහ කතාවේ උන්නතියට ඇති බාධාව යන කරුණු දෙකම ගැබ් වෙලා තියෙනවා.


    1460218_474990805946879_1551372761_n.jpg



    සමහරවිට දේවල් කලින් කිව්ව දේ වගේ මේ විකල්පය අඳුරු නොවෙන්නත් පුළුවන්. ඒ විකල්පය තමයි ඩොමිනික් ටොරෙටෝ සහ අනෙක් ධාවකයන්ගේ රථ අභියස අලුත් දුෂ්ඨයා එනම් ජේසන් ස්ටෙතම් තර්ජන දක්වන අතරතුර බ්‍රයන් සහ මියා ඔවුන්ගේ දරුවාත් සමඟ මේ කරදරවලින් මිදිලා නිදහස් ජීවිතයක් ගෙවන්න මේ අපරාධලෝකයෙන් වෙන්වෙලා යන එක. එවිට තියෙන තවත් ගැටළුවක් තමයි පෝල් සමඟ මීයාගේ චරිතය රඟ දක්වන Jordana Brewster හටත් Fast & Furious ජීවිතයෙන් සමුගන්න වෙනවා. මේ වගේ විකල්ප ගැන තමයි දැනට නිෂ්පාදකයින්ගේ අවධානය යොමුවෙලා තියෙන්නේ.
    සමහරවිට අප දකින මේ සුන්දර සිනමාලෝකය තුල අපිට දකින්න ලැබුන ඇත්ත ජිවිතයේ කටුක යථාර්තයට වඩා සුන්දර දෙයක් මේ විත්‍රපට නිර්මාපකයන් අපවෙත ගෙන එන්න උපරිම උත්සාහ දරාවි. මේ හැමෝටම එකතු වෙලා සිනමා ලෝකයේ පැවැත්ම වෙනුවෙන් විශාල මෙහෙයක් කල මේ චරිතයට සුබ ගමන් කියන්න වඩාත්ම හොඳ සහ සුදුසුම විකල්පයක් තෝරා ගනීවි. ඊටත් අමතරව සැකයට බඳුන් වෙන ප්‍රධානතම කාරණය වෙන්නේ වින් ඩීසල් සහ සමාගම දැනටමත් සැලසුම් කර ඇති Fast & Furious 8 සහ 9 චිත්‍රපට වෙනුවෙන් තවමත් කැමත්තකින්ද සිටින්නේ? එය එසේ කලත් මේ දක්වා සාර්ථකව දුවන ලද වෙන මේ අධිවේගී ධාවනය එක මගියෙක් නැතුව අපි හැමෝටම තවදුරටත් සතුටක් රැගෙන ඒවිද? මම නම් හිතන්නේ ඒ ප්‍රශ්ණයට අපි හැමෝගෙම දිව අග තියෙන පිළිතුර “නැහැ” කියන එකයි.



    copy past baiscope :yes:

     
    Last edited:

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    Matanam muuu unnath ekai malath ekai....... mokada Oya paul nemei mata kanda bonda denne... Thawa masekin umbalata muuwa mathak nathi wei....
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනේ මෙහෙමත් එවුන්.අපේ හාමුදුරුවෝ වහන්සේ නමක් ගිනිතියගෙන මරුනා.මේ කොහෙවත් යන එකෙක් ගැන උබලා මැරෙන්න හදනවා.අනේ මන්දා අපේ රටේ ඉන්න උන් කොච්චර බොලදද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මෙහෙමත් එවුන්.අපේ හාමුදුරුවෝ වහන්සේ නමක් ගිනිතියගෙන මරුනා.මේ කොහෙවත් යන එකෙක් ගැන උබලා මැරෙන්න හදනවා.අනේ මන්දා අපේ රටේ ඉන්න උන් කොච්චර බොලදද?
    වැඩක් ඇති දෙයක් කරපු කෙනෙක් එක්ක මූව තියලා කතාකරපන්:dull:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Mu or Vin nathuwa nam Fast and furious film ekak bala wadakuth na :/ ane manda anyway character eka wena actor kenek replace nokaloth nam godak hondai.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    Matanam muuu unnath ekai malath ekai....... mokada Oya paul nemei mata kanda bonda denne... Thawa masekin umbalata muuwa mathak nathi wei....

    apitat tho hitiyath ekai nathath ekayi, thoge comment eken neme api kanne bonne
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    matanam dan meka dakala athiwela ban...fb ekata giyath mu gana...meketh mu gana...lankawe unta monawa welada manda ban..ubalata wena prashna nadda?.....

    I feel sorry for him although I didn't like that f&f thing..but this is too much...:dull:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අනේ මෙහෙමත් එවුන්.අපේ හාමුදුරුවෝ වහන්සේ නමක් ගිනිතියගෙන මරුනා.මේ කොහෙවත් යන එකෙක් ගැන උබලා මැරෙන්න හදනවා.අනේ මන්දා අපේ රටේ ඉන්න උන් කොච්චර බොලදද?

    machan he's a great actor and he the only person in Hollywood was giving 60% of his income for the charity. he did a lot of things for the people who really need hands! :rolleyes: