Fatty liver වලට ප්‍රතිකාරයක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේකේ ඉන්න කෙනා ගැන නොසලකා හරින්න. කියන දේ කෙනෙක්ට වැදගත් වෙයි කියලා දැම්මේ. ඇවිදීමේ වටිනාකම කොච්චර ද කියලා මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි.

    බලන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් විස්තරේ මෙහෙමයි -> දවසට උදේ පැයයි හවස පැයයි ඇවිදින්න ඕන. හැබැයි එකම වේගෙන් ඇවිදින්න ඕන. දුවන්නත් බෑ. නතර වෙන්නත් බෑ. මෙහෙම මාස 6ක් කරන්න ඕන. යකිනාරං කොළ තම්බලා බොන කතාවක් කියනවා. ඒ ගැන නම් හරියට දෙයක් දන්නේ නැති නිසා හොඳයි ද කියන්න බෑ ඉතින්. හැබැයි ඇවිදින කතාව නම් වැඩ කරයි වගේ. මේක grade 2 fatty liver තත්ත්වයක ඉන්න කෙනෙක්ට නැවත නිරෝගී තත්වය එන්න උදව් වෙනවලු. Grade 2 වලට එහා ගිය අයට මේක යම් තරමක් හොඳ ඇති ඒත් යථා තත්ත්වයට පත් වෙනවා ද කියන්න බෑ ඉතින්.

    මේ තක්කඩියා එක පාරක් මුළු රටම ඇන්දුවා නේද ? ආයෙත් උබලා ලජ්ජා නැතුව මේ ගොබ්බය කියනෙවා අහනවද ???
    ලෙඩක් තියනවනම් සුදුසුකම්ලත් වි. වයිද්යවරයෙක් ගෙන් ප්‍රතිකාර ගනිල්ලකෝ මේ වගේ තක්කඩි ටුයුෂන් කඩ කාරයින්ගෙන් බෙහෙත් අහන්නේ නැතුව. කොහොමත් ඕකට චන්දයක් ලග එකකොට ගස්වල කොළ පොතු මල් මතක් වෙනවා ...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909

    මේක ලෙඩකට සම්බන්ධ දෙයක් හින්දා දැම්මේ. විස්තරේ කෙටියෙන් දැම්මෙත් ඒකයි බලන්න අකමැති අයට. මට පෞද්ගලිකව මේ කියන දේ වැදගත් වුණා. අනික ලංකාවේ දොස්තරලා ගොඩක් නොකියන දේවල් තියෙනවා. ඒ වගේම සමහර දොස්තරලා පොතේ උගත්තු විතරයි. මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරලා කියලා දෙන්නේ නෑ.එක්කෝ එයාලා මේවා ගැන දන්නේ නෑ. එහෙමයි එහෙමයි කියලා දෙන දෙයක් අරගෙන පාඩුවේ බීපන් වගේ line එකේ ඉන්නේ. අනික එයාලගේ පූර්ව නිගමනත් වෙලාවකට හරිම අපූරුයි 😂. මම අත්විඳලා තියෙනවා එහෙම. අන්න ඒ වගේ දොස්තරලා නොකියන ඒවා දැනගන්න නම් ඉතින් මේ වගේ අහුමුළු පොඩ්ඩක් දකින්න දේවල් බලන්න වෙනවා වෙලාවකට. සුදුසුකම් ලත් අයත් ලෙඩ්ඩු අමාරුවේ දානවා නේ වෙලාවකට. මේක විශ්වාස කරලා දාන්න පැහැදිලි හේතුවක් තිබ්බ හින්දා දැම්මේ අනික. මෙයා ඔය අක්මා බද්ධ කරන specialist කෙනෙක් එක්ක වැඩසටහන් ටිකක් කරලා ඒ doctor කියපු දේවල් ඔය කියන්නේ.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේ ටියුෂන් මුදලාලිලගෙ වීඩියෝස් නම් මං බලන්නෙ නෑ. මටත් Fatty liver හැදිලා අත්දැකීම් තියෙන නිසා කරපු දේවල් කියන්නම්.

    පාන්පිටි, තෙල්, සීනි දාපු කෑම කන එක පුළුවන් තරම් අඩු කරන්න. එළවළු, පළතුරු වැඩියෙන් කෑමට එකතු කරගන්න. නිවිති, කැරට්, බීට්, පැපොල්, දෙළුම් වගේ එළවළු පළතුරු නම් ගොඩක් හොදයි. සතියට දවස් 5 ක් වත්, දවසට අඩුම තරමෙ පැය බාගයක් වෙන්න එක්සර්සයිස් කරලා (දුවනවා වගේ දෙයක් නම් හුගක් හොදයි) BMI එකට ගැළපෙන්න බර අඩු කරගන්න. තව හෙළ සුවය කියන වෙද ගෙදරින් හදන කැද ජාති බොන්න. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. කැද වර්ග 5 ක් විතර තියෙනවා. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම. තව බටපොලැල්, මඩතවාළු, කළුහීනැටි වගේ හාල් වලින් හදන බත් කන්න, සුදු බත් කන එක නවත්තලා. ඔය දේවල් කරනවා නම් Fatty liver ලේසියෙන්ම අඩු කරගන්න පුළුවන්.

    මේකේ ඔයා කියන දුවන එක හරියන්නේ නෑ එච්චර. ඔයා ඒක දැනගෙන ඉඳලත් නෑ නේ. මමත් දැනගත්තේ අද. (මමත් තව ටිකෙන් හති දාගෙන දහදුක් විඳගෙන දුවන්න ඉඩ තිබ්බ ලොකු ප්‍රතිපලයකුත් නැතුව.) මම කියලා තියෙන විධියට ඇවිදින්න වෙනවා. මෙයා specialist කෙනෙක් එක්ක වැඩසටහන් ටිකක් කරලා ඒවගේ විස්තර ඔය කියන්නේ. මනුස්සයා කවුද මේ කියලා බලලා මමත් skip කරා නම් ලොකු fact එකක් miss වෙනවා.

    අපිට වැදගත් කියලා හිතෙන දෙයක් නම් පොඩ්ඩක් බලලා ඇත්ත ද නැත්ත ද තෝරලා අවශ්‍ය දේ ගත්තම ඇති. කුකුළාගේ ජරාව වුණත් ඕන වෙන වෙලාවල් තියෙනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේකේ ඔයා කියන දුවන එක හරියන්නේ නෑ එච්චර. ඔයා ඒක දැනගෙන ඉඳලත් නෑ නේ. මමත් දැනගත්තේ අද. (මමත් තව ටිකෙන් හති දාගෙන දහදුක් විඳගෙන දුවන්න ඉඩ තිබ්බ ලොකු ප්‍රතිපලයකුත් නැතුව.) මම කියලා තියෙන විධියට ඇවිදින්න වෙනවා. මෙයා specialist කෙනෙක් එක්ක වැඩසටහන් ටිකක් කරලා ඒවගේ විස්තර ඔය කියන්නේ. මනුස්සයා කවුද මේ කියලා බලලා මමත් skip කරා නම් ලොකු fact එකක් miss වෙනවා.

    අපිට වැදගත් කියලා හිතෙන දෙයක් නම් පොඩ්ඩක් බලලා ඇත්ත ද නැත්ත ද තෝරලා අවශ්‍ය දේ ගත්තම ඇති. කුකුළාගේ ජරාව වුණත් ඕන වෙන වෙලාවල් තියෙනවා.
    දුවන එක සාර්ථක වෙන්නෙ කට පරිස්සම් කරගෙන කෑමබීම පාලනය කරොත් විතරයි. එහෙම නැතුව මොන එක්සර්සයිස් එක කරත් වැඩක් වෙන්නෙ නෑ. ලෙඩවලට කරන්න ඕන ප්‍රතිකාර ගැන දැනගන්න ඕන ඒ ගැන උපදෙසක් දෙන්න සුදුසුකම් තියෙන පුද්ගලයෙක්ගෙන්. ඔය වීඩියෝ එකේ එන්න පුද්ගලයා පහුගිය කාලෙ කියපු කරපු ඒවා අනුව ඒ කියන දේවල් පිළිගන්නව ද නැද්ද කියන එක වීඩියෝ බලන කෙනාගෙ තීරණයක්. මට Fatty liver හැදිච්ච දවස්වල ඩොක්ටර්ස්ලා දුන්න උපදෙස් පිළිපැදලා ලෙඩේ සනීප වෙලා ලැබුණු ප්‍රතිඵලෙත් එක්ක ලැබුණු අත්දැකීම තමයි මං කිව්වෙ.
     
    • Like
    Reactions: B.Chat