fatty liver

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    හැම රජයේ රෝහලකම සතියකට දවසක් දෙකක් තියෙනව 'සුව දිවි සායන' කියල වැඩසටහනක්.
    පුලුවන් නම් යමං. බෙහෙත් නැතත් ඒතනදි දෙන උපදෙස් වටිනව...



    සුවදිවි මධ්‍යස්ථාන වලින් ඔබට ලැබෙන සේවාවන් මොනවාද?

    • රුධිර සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීම.
    • ඔබගේ උස, බර, ඉණෙහි වට ප්‍රමාණය, ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) ආදිය ගණනය කර, ඔබගේ ශරීරයේ අඩු බර, නිසිබර, අධික බර, හෝ ස්ථුලතාවය ඇතිදැයි පරීක්ෂා කෙරේ. එනම්, ඔබගේ පෝෂණ තත්ත්වය තක්සේරු කරයි.
    • ඔබගේ රුධිර පීඩනය, හෘදය, නාඩි, පෙනහලු, තයිරොයිඩ් ග්‍රන්ථිය ආදිය පරීක්ෂා කෙරේ.
    • ඉදිරි වසර 10 ක කාලය තුළ, ඔබට හෘදයාබාධයක් වැළඳීමට ඇති අවදානම කොපමණදැයි දැනගත හැක. එම අවදානම අවම කරගන්නා ආකාරය පිළිබඳව ද නිසි උපදෙස් ලබාගත හැක.
    • ඔබ නොදැනුවත්වම, දියවැඩියාව, අධික රුධිර පීඩනය, සහ අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි තත්ත්ව ඇත්නම්, එවැනි රෝග මූලික අවස්ථාවේදීම සොයාගත හැක.
    • ඔබ කාන්තාවක් නම්, ඇතැම් සුවදිවි මධ්‍යස්ථාන වල පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා ආදිය සඳහා මූලික පරීක්ෂාවන් ද සිදුකෙරේ.
    • සුවදිවි මධ්‍යස්ථානයකදී ඔබට යම් රෝගයක් හෝ සෞඛ්‍ය ගැටළුවක් ඇතිබවට හඳුනාගතහොත්, නිසි පරිදි නිවැරදිව වෙනත් සායන, විශේෂඥ වෛද්‍ය සායන, හෝ රෝහල් වෙත ඔබව යොමුකරනු ඇත.
    • දැනට ඔබට බෝනොවන රෝග වැළඳීමට හේතුවිය හැකි දුම්පානය, බුලත්විට සැපීම, මත්පැන් පානය, ස්ථුලභාවය, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, සහ ශාරීරිකව අක්‍රීයව ජීවත්වීම වැනි අවදානම් සාධක ඇතිදැයි විමසා බලනු ඇත.
    • ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මූලික වාර්තාවක්/තක්සේරුවක් ලබාගත හැක.
    • බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීම සඳහා ශරීරයේ බර පාලනය, සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීම, සෞඛ්‍ය සම්පන්න නොවන පුරුදු වලින් ඈත්වීම, ක්‍රියාශීලී වීම, සහ ශාරීරික ක්‍රියාකාරකම් වලට යොමුවීම ආදිය සම්බන්ධව සුවදිවි මධ්‍යස්ථාන වලින් ඔබට උපදෙස් ලබාදේ.
    • ඔබගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීමෙන් අනතුරුව, නැවත සුවදිවි මධ්‍යස්ථානයේදී පරීක්ෂා කිරීමට දිනයක් ලබාදෙනු ඇත. එය ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මත මාස 6 කින්, අවුරුද්දකින්, හෝ අවුරුදු 2 කින් වියහැක.
    • සුවදිවි මධ්‍යස්ථාන වලින් සායන පොත් සහ සෞඛ්‍ය සම්පන්න දිවියකට උපදෙස් අඩංගු පත්‍රිකා නොමිළේ සැපයේ.
    • සුවදිවි මධ්‍යස්ථාන වල සුවැති දිවියක් ගතකිරීම සඳහා වටිනා උපදෙස් අඩංගු වීඩියෝ පට නැරඹීමට පහසුකම් සපයා ඇත.
    • ඇතැම් සුවදිවි මධ්‍යස්ථාන වල ව්‍යායාම වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පාන්පිටි, තෙල්, සීනි දාපු කෑම කන එක පුළුවන් තරම් අඩු කරන්න. එළවළු, පළතුරු වැඩියෙන් කෑමට එකතු කරගන්න. නිවිති, කැරට්, බීට්, පැපොල්, දෙළුම් වගේ එළවළු පළතුරු නම් ගොඩක් හොදයි. එක්සර්සයිස් කරලා BMI එකට ගැළපෙන්න බර අඩු කරගන්න. තව හෙළ සුවය කියන වෙද ගෙදරින් හදන කැද ජාති බොන්න. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම.

    Ubata thibuna neda
    Ubata cholesterol ehemath thibbada
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචං උදව්වක් ඕනේ බඩේ වම පැත්ත රිදෙන නිසා උල්ත්රසෞ එකක් කරා ඊට පස්සේ දැනගත්තේ මට fatty liver grade 2 සීන් එකක් ඇවිල්ලා මේක හොද කරගත්ත අය ඉන්නවද මම drinks ගන්නෙත් නැ කඩ කැම නම් ටිකක් කනව මේකට වෙනම බෙහෙත් ගන්න ඕනෙද දන්නා එකෙක් ඉන්නවා නම් reply එකක් දාපන් උදව්වක් වශයෙන්
    සාර්ථක සිංහල බෙහෙත් තියෙනවා, පාරම්පරික සිංහල වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    Ubata thibuna neda
    Ubata cholesterol ehemath thibbada
    :yes:. HDL cholesterol ගාණද කොහෙද පොඩ්ඩක් වැඩිවෙලා තිබුණා ඒ දවස්වල. LDL cholesterol ගාණ නම් නෝර්මල්. :) ළගදි නම් චෙක් කරලා බැලුවෙ නෑ.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    පාන්පිටි, තෙල්, සීනි දාපු කෑම කන එක පුළුවන් තරම් අඩු කරන්න. එළවළු, පළතුරු වැඩියෙන් කෑමට එකතු කරගන්න. නිවිති, කැරට්, බීට්, පැපොල්, දෙළුම් වගේ එළවළු පළතුරු නම් ගොඩක් හොදයි. එක්සර්සයිස් කරලා BMI එකට ගැළපෙන්න බර අඩු කරගන්න. තව හෙළ සුවය කියන වෙද ගෙදරින් හදන කැද ජාති බොන්න. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම.

    Who told you that? 🤔
    GOOGLE

    NHSL eke clinic doctor kiwwe
    මටත් කිව්වා Docter විටමින් E බොන්න කිව්වා අවුරුද්දක්
    ------ Post added on Nov 9, 2023 at 9:37 AM